වැඩබලන පොලිස්පතිගේ ආර්ටීඑම් 999 සහ 2020.04.28 දිනැති ලිපියට අනුව, අවදානම් කළාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කයක අධිකරණ කටයුතුවලට වෙනත් දිස්ත්‍රික්කයක සිට සහභාගීවීමට ඇදිරි නීති බලපත් ලබා ගන්නා ලෙස නීතිඥවරුන්ට දැනුම් දීම සම්බන්ධව විරෝධය දැක්වීම සහ එකී කොන්දේසිය/විධානය ඉවත්කර ගන්නා ලෙස දැනුම් දීම.
විද්‍යුත් තැපෑලෙනි ( 2020.04.29 ) සී. ඩී. වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පති, පොලිස් මූලස්ථාන, කොළඹ 01, විද්‍යුත් තැපෑල :- igp@police.lk ආර්ටීඑම් 999 සහ 2020.04.28 දිනැති ලිපියට අනුව, අවදානම් කළාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කයක අධිකරණ කටයුතුවලට වෙනත් දිස්ත්‍රික්කයක සිට සහභාගීවීමට ඇදිරි නීති බලපත් ලබා ගන්නා ලෙස නීතිඥවරුන්ට දැනුම් දීම සම්බන්ධව විරෝධය දැක්වීම සහ එකී කොන්දේසිය/විධානය ඉවත්කර ගන්නා ලෙස දැනුම් දීම. 1.සාධාරණ නඩු විභාගයක් වෙනුවෙන් සහ සේවාදායකයන්ගේ අයිතීන් වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ වෙනත් නීති මගින් නීතිඥවරුන්ට සහ සේවාදායකයන්ට ලබා දී ඇති අයිතිවාසිකම් ඇදිරි නීතිය පැනවීම මත ඔබට අහිමි කළ නොහැකිය. 2.ඔබගේ උක්ත ලිපිය මගින් අවදානම් කළාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කයක අධිකරණ කටයුතුවලට වෙනත් දිස්ත්‍රික්කයක සිට සහභාගීවීමට ඇදිරි නීති බලපත් ලබා ගැනීමට නීතිඥවරුන්ට නියම කිරීම සම්බන්ධ එකග විය නොහැකි අතර එය නීතිඥ වෘත්තීය කටයුතුවලට බාධා කිරීමක් මෙන්ම සේවාදායකයන්ගේ අයිතිවාසිකම් අහිමි කිරීමක් වෙයි. 3.මේ ආකාරයට යුක්තිය ඉටු කිරීමේ ක්...