Skip to main content

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝණය කරමින් කථානායකගේ සහතිකය 19යට ලබාගත් ඇතැම් ව්‍යවස්ථා විශාරදයන් සහ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් 19යෙන්ම අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීම හෙවත් ශ්‍රී ලංකා නීති ඉතිහාසයේ කලු පැල්ලම ......!


ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝණය කරමින් කථානායකගේ සහතිකය 19යට ලබාගත් ඇතැම් ව්‍යවස්ථා විශාරදයන් සහ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් 19යෙන්ම අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීම හෙවත් ශ්‍රී ලංකා නීති ඉතිහාසයේ කලු පැල්ලම ......!



පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට තිබූ බලය අහෝසි කිරීමට 2002 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන‍ පනත් කෙටුම්පත හරහා ගත් උත්සාහය අසාර්ථක වීමෙන් පසු ඇතැම් ව්‍යවස්ථා විශාරදයන් සහ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් 2015දී එකී උත්සාහය නැවත 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන‍ පනත් කෙටුම්පත හරහාම ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මගින් ඉටුකරගත් ආකාරයත් ඒ හේතුවෙන් මේ වනවිට ඔවුන් ව්‍යවස්ථා සහ ප්‍රජාතන්ත්‍රවාදී අවුලක පැටළී ඇති ආකාරයත් ලංකා නීති ඉතිහාසයට කලු පැල්ලමක් එක් කළ එකී සිදුවීමේ ආකාරයත් මෙම ලිපියෙන් පෙන්වා දේ.

මෙම ලිපිය කියවීමට පෙර මෙම ලියම්කරු දිවයින ඉරිදා සංග්‍රහය පුවත් පතට 2020 පෙබරවාරි 09 වන ඉරිදා ලියා ඇති පහත ලිපියද කියවන්න...
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය නොකරන්න...'19 නීතියක් බවට පත් වීමට පැවැත්විය යුතු ජනමත විචාරණය පවත්වන්න...'!
19 ව්‍යවස්ථා කුමන්ත්‍රණය කළ අයට දඩුවම් කරන්න...!
https://divaina.com/sunday/index.php/visheshanga1/13222-2020-02-07-11-49-41

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන‍ පනත් කෙටුම්පත 2002 දී සහ 2015 දී එනම් වර්ෂ 2කදී සමාන දීර්ඝ නාම යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්, 2015 දී ගෙනා 19යට කථානායකවරයා සහතිකය යොදා ඇත්තේ 2002 දී ගෙනා 19යට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7 දෙනෙකු විසින් ඒකමතිකව ලබා දුන් තීරණය උල්ලංඝනය කරමින්‍ බව ලාංකීය සමාජයේ කිහිප දෙනෙකු නොදැන සිටියද බොහෝ දෙනෙකු දන්නා නමුත් සගවනු ලැබ යටපත්කරන ලද කාරණයකි.

වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට තිබූ බලය අහෝසි කිරීමේ විධිවිධානය මුල්වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ 2002 වර්ෂයේ දී ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගිනි. එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන‍යේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7දෙනෙකුගේ ඒකමතික තීරණය වූයේ එකී විධිවිධානය නීතියක් වීමට පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව 2/3 ඡන්දය සහ ජනමතවිචාරණයක් මගින් ජනතාව විසින් අනුමැතිය ලබා දීමද අවශ්‍ය බවයි. ඒ හේතුවෙන් 2002දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ  පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට තිබූ බලය අහෝසි කිරීමේ විධිවිධානය ඇතුලත් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද ඉදිරි පියවර ගැනීම එතනින් අවසන් විය.
එසේ වුවත් පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට තිබූ බලය අහෝසි කිරීමේ උත්සාහය අත්හැරීමට ඇතැම් ව්‍යවස්ථා විශාරදයන් සහ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් අකැමැති වූ හෙයින් නැවත 2015දී එකී උත්සාහය 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන‍ පනත් කෙටුම්පත නැවත පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් ක්‍රියාත්මක කර ගත්තේ ශ්‍රී ලංකා නීති වංශ කතාවට කලු පැල්ලමක් එක් කරමිනි. මෙය ඉංග්‍රීසියෙන් කළ කුමන්ත්‍රණයක් ලෙසද හැදින්විය හැකිය.

2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබූ 19යේ තිබූ වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට තිබූ බලය අහෝසි කිරීමේ විධිවිධානයද ඇතුළත් තවත් විධිවිධාන 17ක් සහිතව 2015 දී නැවත 2වන වරටත් 19වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 3කු විසින් තීරණය කළ අතර 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7කු විසින් තීරණය කළ විධිවිධානය හැර ( ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීමට තිබූ බලය අහෝසි කිරීමේ විධිවිධානය හැර)
අනෙක් විධිවිධාන 16 සම්බන්ධ සිය තීරණය එම විනිසුරුවරු පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත. 

එම අවස්ථානුගත තත්ත්වයන් යටතේ 2015 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන‍ පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව 2/3 ඡන්දය ලැබීමත් සමගම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79වන ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව කථානායකවරයා සහතිකය යෙදිය යුත්තේ 2002දී ශ්‍රේෂ්ඨාධිකරණය 19යට ලබා දුන් තීරණය කෙරෙහිද නිසි ලෙස සැලිකිල්ල සහ අවධානය යොමු කරමිනි. නීතියේ පාලනය ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදී රටේ සහ ජනතාවගේත් අවාසනාවට එසේ වූයේ නැත.
පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට තිබූ බලය අහෝසි කිරීමට විධිවිධාන ඇති 2002 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන‍ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7දෙනෙකු විසින් ලබා දුන් ඒකමතික තීරණය උල්ලංඝනය කරමින් සහ එය නොසළකා 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එකී විධිවිධානය ඇතුළත් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පතට ඇතැම් ව්‍යවස්ථා විශාරදයන් සහ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ගේ පෙළඹවීම මත කථානායකවරයා සහතිකය යොදන ලද්දේ 79 සහ 80.2 ව්‍යවස්ථා උල්ලංඝනය කරමින්ය.

පනත් කෙටුම්පතක් සම්මත වූ පසු ඒ බවට කථානායකවරයා සිය අත්සන සහිත සටහනක් මගින් පනත් කෙටුම්පතේ දැක්විය යුතු ආකාරය 79වන ව්‍යවස්ථාවේ දැක්වේ. සාමාන්‍ය බහුතර ඡන්දයෙන් සම්මත වීම, විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වීම, ජනමත විචාරණයකට යොමුකළ යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 2/3ක ඡන්දයෙන් සම්මත වූ පනත් කෙටුම්පතක් ආදී අවස්ථාවකදී කථානායකවරයා සිය අත්සන ඇතිව සටහන තැබිය යුත්තේ කෙසේද යන්න 79 වන ව්‍යවස්ථාවේ පැහැදිලි කරයි.
ජනමත විචාරණයකට යා යුතු බවට (ශ්‍රේෂ්ඨාධිකරණය, ජනාධිපති, ඇමති මණ්ඩලය) නියම කර ඇති විධිවිධානයක් හෝ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දයෙන් සම්මත වී ඇති අවස්ථාක "ඒ පනත් කෙටුම්පත හෝ ඒ විධිවිධානය ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බවද ඒ සහතිකයේ සදහන් විය යුතු බව" 79වන ව්‍යවස්ථාවේ අවසන් විධානයේ දක්වා ඇත.
ඒ අනුව 2002 දී පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීම ජනාධිපතිවරයා වළක්වන විධිවිධානය 2015 දී පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේද ඇති හෙයින් එකී විධිවිධානය පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් සම්මත වූ අවස්ථාවේ 79 ව්‍යවස්ථාවේ අවසන් විධානය අනුව “ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බවට” වන සහතිකයක් එවකට සිටි කථානායකවරයා විසින් යෙදිය යුතුව තිබුණි.
(එම සහතික වර්තමාන කථානයකවරයාටද යෙදිය හැකිය.)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දිවුරුම් දීම කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, ඇතැම් නීති විශාරදයන් ද, ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාධරයන්ද විසින් සිදුකර ඇති මෙම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාකලාපය මේ වනවිට ඔවුන්ටම පාරාවළල්ලක් වී ඇති ආකාරය කොරෝනා වෛරස් ව්‍යසනය හේතුවෙන් රට වැටී ඇති අසීරු තත්ත්වය මොනවට පැහැදිලි කරයි.

19යට සිදුකළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 
උල්ලංඝනය ප්‍රජාතන්ත්‍රවාදයට සිදුකරන අයුතු බලපෑම....

මේ වනවිට පාර්ලිමේන්තුව විසුරුවාහැර ඇත. නව පාර්ලිමේන්තුවක් කැදවීමට නාමයෝජනා කැදවීම අවසන් කර ඇත. මැතිවරණය පැවැත්වීම 2020 අප්‍රේල් 25 දිනට දින නියමකර ගැසට් පත්‍රය ප්‍රකාශ කර පසුව එම දිනය අවලංගුකර ඇත. ඇතැම් දේශපාලන පක්ෂ දෙකට බෙදී වෙන්වී මැතිවරණයට නාම යෝජනා දී ඇත. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම පිළිබද මැතිවරණ කොමිෂන් සභාව සහ ජනාධිපති අතර ලිපි හුවමාරු වේ. මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර එකගතාවෙන් තොරව එකී සාමාජිකයන්ගේ පුද්ගලික අදහස් සමාජගත කරයි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතු ස්වාධීන යැයි කියන ආයතන ඉබා ගාතේ යයි.
2015දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් කර ගැනීමට අනුගමනය කළ ව්‍යවස්ථා විරෝධී ක්‍රියා කළාපය 19යේ නියමුවන්ව බලවත් ලෙස පීඩාවට පත්කර ඇත.

19වන ව්‍යවස්ථා කුමන්ත්‍රණකරුවෝ සිය කුමන්ත්‍රණයේම සිරවී සිටිති. 19යෙන්ම අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීම හෙවත් ශ්‍රී ලංකා නීති ඉතිහාසයේ කලු පැල්ලම මේ වනවිට ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදී සමාජය විදිමින් සිටී.

මෙය ලෙහා ගත හැක්කේ 19වන ව්‍යවස්ථා කුමන්ත්‍රණකරුවන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමෙන් සහ 19වන ව්‍යවස්ථා සංශෝධන‍ පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79වන ව්‍යවස්ථාව යටතේ නිවැරැදි සහතිකය කතානායක විසින් යොදා 80.2 ව්‍යවස්ථාව යටතේ ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ අනුමැතිය ලැබීමට යටත් කිරීමෙන් පමණි.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col)
arunaunawatuna@gmail.com
(2020.04.14)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය