Skip to main content

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2002දී තහවුරු කළ විනිසුරුවරු, නීතිඥවරු , විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු, ගුරුවරු, රජයේ සේවකයන්, මාධ්‍යවේදීන් ඇතුළු ඡන්ද දායකයන්ගේ ඡන්ද බලය 2015 දී කථානායකවරයා විසින් අහිමි කළ ආකාරය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2002දී තහවුරු කළ විනිසුරුවරු, නීතිඥවරු , විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු, ගුරුවරු, රජයේ සේවකයන්, මාධ්‍යවේදීන් ඇතුළු ඡන්ද දායකයන්ගේ ඡන්ද බලය 2015 දී කථානායකවරයා විසින් අහිමි කළ ආකාරය.


1.)  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරමින්, වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට තිබූ බලය ඉවත් කිරීමට 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මුල් වරට වර්ෂ 2002 දීපාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූණි.

2)  එකී 2002 ඉදිරිපත් කළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7දෙනෙක් ඒකමතිකව "තීරණයක්"
(Determination)  ලබා දෙමින්, එකී සංශෝධනය එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරමින්, වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට තිබූ බලය ඉවත් කිරීමට අවශ්‍යනම්, ඒ සදහා ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ අනුමැතිය ලබා ගත යුතු බව දක්වා තිබුණි.

එකී තීරණයේ අවසන් ඡේද මෙසේය,

(3)    The  inconsistency  with  Article  3  read  with  the  relevantprovisions  of  Article  4  would  cease  if  clauses  2,  3,  4  and5 are deleted and substituted with an appropriate amendmentto proviso  (a)  to Article 70 (1) of the Constitution by removingthe  period  of  one  year  in  the  proviso  and  substituting  thatwith  a  period  not  exceeding  three  years.

SARATH  N.  SILVA,  CJ.
S.  W.  B.  WADUGODAPITIYA,  J.
DR.  SHIRANI  A.  BANDARANAYAKE,  J.
A.  ISMAIL,  J.
P.  EDUSSURIYA,  J.
H.  S.  YAPA,  J.
J.  A.  N.  DE  SILVA,  J.


Nineteenth Amendment to the Constitution unconstitutional and requiresto  be passed by  the  special majority and approved by the  peopleat a  referendum  subject  to  item  3  of the  determination.)

3. එකී 2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අධිකරණ අමාත්‍යාංශය පවත්වාගෙන යන www.lawnet.gov.lk වෙබ් අඩවියේ පහත සැබැදිය මගින් දක්වා ඇත.

https://www.lawnet.gov.lk/2002/12/31/in-re-the-nineteenth-amendment-to-the-constitution/

(මේ ලියුම්කරු විසින් එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ඉදිරියේදී සිංහල භාෂාවෙන් ලබා දීමට ක්‍රියා කරනු ඇත.)

4. 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සදහා ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ අනුමැතිය ලබා ගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දක්වා තිබූ හෙයින් එකී 19යේ කටයුතු ඒ අවස්ථාවේදී නතර විය.

5. නැවත 2015දී ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරමින්, වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට තිබූ බලය ඉවත් කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තවත් විධිවිධාන 16 ක්  සංශෝධනය කිරීම සදහා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2වන වරටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

( 2002 ගෙනා වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට තිබූ බලය ඉවත් කිරීමේ  විධිවිධානය සහ තවත් අලුත් විධිවිධාන 16ක් එනම් එකතුව 17ක්)

6. එකී 2වන වරටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධන පනත් කෙටුම්පතේ විධිවිධාන 17න් 16ක් සදහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 3දෙනෙකු විසින් 2015 දී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලබා දී තිබුණි.

7.). එකී 2015 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවේ www.parliament.lk වෙබ් අඩවියේ පහත සැබැදිය මගින් දක්වා ඇත.

https://www.parliament.lk/si/business-of-parliament/sc-decisions-on-bills

(මේ ලියුම්කරු විසින් එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ඉදිරියේදී සිංහල භාෂාවෙන් ලබා දීමට ක්‍රියා කරනු ඇත.)

8.) වර්ෂ 2002 දී ඉදිරිපත් කළ 19යේ තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරමින්, වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට තිබූ බලය ඉවත් කිරීමට අදාල විධිවිධානය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරයේ විනිසුරුවරු 7දෙනෙක් තීරණයක් ලබා දී තිබූ හෙයින් ඒ විධිවිධානය හැර අනෙක් ව්ධිවිධාන 16 සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය 2015දී තීරණය කර ඇත.

9.) වර්ෂ 2002 දී සහ වර්ෂ 2015 දී  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ලබා දුන් තීරණ 2කම (විධිවිධාන 17ම) සළකාබලා ක්‍රියා කිරීම නීතිමය ලෙස අවශ්‍ය වුවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාවේ අවසන් විධානයත්, 80.2 ව්‍යවස්ථාවත්, 2002 ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයත් උල්ලංඝනය කරමින් 2015 පාර්ලිමේන්තුවේ සිටි කථානායකවරයා ක්‍රියා කර ඇත.

10.) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී ජනමතය විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළ විධානය කථානායකවරයා විසින් උල්ලංඝනය කිරීමෙන් ජනාධිපතිවරයාගේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අනෙකුත් සියලු විනිසුරුවරුන්, නීතිඥවරුන්, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්, ගුරුවරුන්, රජයේ සේවකයන්, මාධ්‍යවේදීන් ඇතුලු ඡන්ද බලය හිමි සෑම පුරවැසියෙකුගේම ඡන්ද බලය අහිමි කර ඇත.

11.) ජනතාවගේ ජනමතවිචාරණ ඡන්ද අයිතිය ආරක්ෂා කරමින් 2002දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් ඒකමතික තීරණයට පටහැණිව 2015 දී පාර්ලිමේන්තුවේ කථානායකවරයා ක්‍රියා කර
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනතාවට ලබා දුන් ජනමතවිචාරණ ඡන්ද බලය අහිමි කිරීම සම්බන්ධයෙන් විධායකය සහ අධිකරණය නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම ජනතාවගේ පරමාධිපත්‍යයට අයත් ඡන්ද අයිතිය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබද බලවත් සැකයක් ඇති කරයි.

12.) වර්ෂ 2002 දී 19යේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනතාවට ලබාදුන් ජනමතවිචාරණ ඡන්ද බලය ඉංග්‍රීසි කුමන්ත්‍රණයකින් 2015 දී අහිමි කළ (මහා) ප්‍රජාතන්ත්‍රවාදියෝ යැයි කියන අය කවුද? ඒ ඇයි.?

(2020.05.17)

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
B.Sc(Col), PGDC(Col)
විද්‍යුත් තැපැල් arunaunawatuna@gmail.com

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද? ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ "ජයිකා" ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ජනාධිපති නීතීඥවරුන් 3ක් සහ තවත් නීතීඥවරුන් 2ක් විසින් ලබා ගෙන ඇති බවට වන සාකච්ඡාවක් පසුගිය සති 2ක පමණ කාලයක සිට ඇරඹී ඇත. එකී ලබා ගත් මුදල් කිහිප දෙනෙකු විසින් නැවත ආපසු ලබා දීමෙන් මෙම ප්‍රශ්නය අවසන් නොවන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා සහ අලගරත්නම් මහතා යන පංච පුද්ගල කමිටුවක්ද මේ වන විට පත්කර ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු නීතීඥවරුන්ගේ, විනිසුරුවරුන්ගේ පමණක් නොව ජනතාවගේද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන නීතියේ පාලනය සුරකින ආයතනයකි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වශයෙන් ජාත්‍යන්තර ආධාර ලැබෙන බවත් ශ

අධිකරණ ඇමතිවරයා අධිකරණයකට අපහාස පනත ගෙනාවේ, පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කර මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණයට අපහාස නඩු පැවරවීමේ අරමුණෙන්ද? ඒ බව නොදැනද?

අධිකරණ ඇමතිවරයා අධිකරණයකට අපහාස පනත ගෙනාවේ, පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කර මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණයට අපහාස නඩු පැවරවීමේ අරමුණෙන්ද? ඒ බව නොදැනද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ බලතල සහ වරප්‍රසාද අභිබවා 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කරවීමට හැකි පරිදි විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා නීති සම්මත කරවාගෙන ඇත. 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 3 වන වගන්තිය මෙසේය. 3. පාර්ලිමේන්තුවේදී, භාෂණයේ විවාද කිරීමේ හා කටයුතුවල නිරත වීමේ නිදහස තිබිය යුතු අතර, ඒ භාෂණයේ, විවාද කිරීමේ හෝ කටයුතුවල නිරත වීමේ නිදහස පාර්ලිමේන්තුවෙන් පිටස්තර වූ යම් අධිකරණයකදී හෝ ස්ථානයකදී දෝෂාරෝපණයකට හෝ ප්‍රශ්න කිරීමට භාජනය කළ නොහැකි වන්නේ ය. එසේ වුවත් 2024 පෙබරවාරි 01 දින මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයා සහතිකය තබා නීතියක් කළ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ 15 වන වගන්තිය මගින් වෙනත් සියලු නීති අභිබවා එකී පනත ක්‍රියාත්මක විය යුතු බව දක්වා ඇත. පාර්ලිමේන්තුව තුළ කරන අධිකරණයට අපහාසයන්ට න