ශ්‍රේෂ්ඨාධිකරණ සෙංකෝලය ගල් වූ නඩුවේ කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේත් ගල්වේ දැයි කොණ්ඩදෙණියෙ හාමුදුරුවන් බලා සිටී....
ශ්‍රේෂ්ඨාධිකරණ සෙංකෝලය ගල් වූ නඩුවේ කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේත් ගල්වේ දැයි කොණ්ඩදෙණියෙ හාමුදුරුවන් බලා සිටී.... අධිකරණ සේවා කොමිසම නොමග යවා නීතීඥවරයෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ පෙත්සමක් ඉදිරිපත් කරවීමට වැරදි නිරීක්ෂණ මත වැරදි අනුමිතියක් ඉදිරිපත් කිරීමට කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා කොළඹ දිසා අධිකරණ නඩුවකදී ක්‍රියා කර ඇත. මීට පෙර ඒකපාක්ෂික නඩු විහාගයක් සඳහා පැමිණිලි පාර්ශවය විසින් ඉල්ලීමක් කර තිබියදී කිසිම අවස්ථාවක ඒක පාක්ෂික නඩු විභාගයක් සඳහා ඉල්ලීමක් කර නැති බවට අධිකරණ සේවා කොමිසමට සාවද්‍ය කරුණු වාර්තා කිරීමට දිසා විනිසුරුවරයා ක්‍රියා කර ඇත. වැරදි වාර්තා යවමින් අධිකරණ සේවා කොමිසම නොමග යැවීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් මේ වන විට එම විනිසුරුවරයාට එරෙහිව අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක්ද යොමු වී ඇත. එමෙන්ම මෙම නඩුවට අදාලව සිංහල භාෂාවෙන් පරිවර්තන ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පසුගිය දිනක සිඳුකර ඇති අතර එකී ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරු විනිසුරු අසුනෙන් බැස යන විට ශ්‍රේෂ්ඨාධිකරණ සෙංකෝලය බිත්තියේ ආධාරකවලට ඇලී විනිසුරුවරුන්ට ගමන් කිරීමට නොහැකිව වැඩිවේලාවක් තිබී ඇත...