(Approach to balance the influence on Sovereignty made after the "RANIL 50" Grundnorm at Shangri-La On 04th of December 2022.) 2022 දෙසැම්බර් 04 වැනි දින ෂැංග්‍රිලා හි "රනිල් 50" ගෘන්නෝමයෙන් පරමාධිපත්‍යයට කරන බලපෑම තුළණය කිරීමට ප්‍රවේශයක්.
(Approach to balance the influence on Sovereignty made after the "RANIL 50" Grundnorm at Shangri-La On 04th of December 2022.) 2022 දෙසැම්බර් 04 වැනි දින ෂැංග්‍රිලා හි "රනිල් 50" ගෘන්නෝමයෙන් පරමාධිපත්‍යයට කරන බලපෑම තුළණය කිරීමට ප්‍රවේශයක්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නීතීඥ වෘත්තියට වසර 50ක් සම්පූරණ වීම වෙනුවෙන් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී දෙසැම්බර් 04 දා පවත්වන ලද උත්සවය අංශ කිහිපයකින් වැදගත් වේ. දේශපාලනික, නෛතික සහ ආර්ථික අංශ 3ම එහිදී සළකා බැලිය හැකිය. 1972 දී කොළඹ රාජකීය විද්‍යාලයේ නවරගහලේදී ඩොමීනියන් සිට නිදහස දක්වා පැමිණි අතර, 2022 දෙසැම්බර් 04 දා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී නැවත ඩොමීනියන් යටත් විජිතයට රට ගෙනයාම ආරම්භ වූයේද යන්න එහිදී දක්වා ඇති අදහස් මාධ්‍යයේ පළවී ඇති ආකාරය අනුව පෙනී යයි. ඒ නීති දේශපාලනික කතාවට පූර්විකාවක් මෙම ලිපියෙන් ලබා දී ඇත. මෙම ලිපියෙන් සාකච්චා කිරීමට අදහස් කරන්නේ 2022 දෙසැම්බර් 04 වැනි දින ෂැංග්‍රිලා හි "රනිල් 50" ගෘන්නෝමයෙන් බලපෑමක් කරන ජනතාවගේ පරමාධිපත්‍යය තුළණය කිරීමට ප්‍රවේශයක් ඇති කිරීමය. මෙම "රනිල් 50" උත...