Skip to main content

පාර්ලිමේන්තුවෙන් පවා ප්‍රතික්ෂේප වීම මත අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා ධූරවලින් ඉල්ලා අස්වී නෛතික සදාචාරය රටට හඳුන්වා දිය යුතු කාලයයි මේ....!

පාර්ලිමේන්තුවෙන් පවා ප්‍රතික්ෂේප වීම මත අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා ධූරවලින් ඉල්ලා අස්වී නෛතික සදාචාරය රටට හඳුන්වා දිය යුතු කාලයයි මේ....!
දෝෂාභියෝග කිහිපයක්ම ආ සරත් නන්ද සිල්වා අගවිනිසුරුවරයා, 2009 බෙදුම්වාදය යුද්ධයෙන් පැරදවීමත් සමගම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාවද නොමග යවමින් රවුෆ් හකීම් අධිකරණ ඇමති සමග හවුලේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම නතර කරවා ගැනීමට තමන්ගේ බලය යොදා ගත්තේය. එකී සරත් නන්ද සිල්වා අගවිනිසුරුවරයා නීති විභාගද ඉංග්‍රීසියෙන් පමණක් කර ගැනීමට උත්සාහ ගත්තද ශ්‍රිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය ඇතුලු අය විසින් එය වැළැක්වූයේය. ශ්‍රිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය  අවසානයේ අගවිනිසුරු පුටුවෙන් ඉවත් වීමටත් සිදුවූ අතර වත්මන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඒ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ ය. මේ සම්බන්ධයෙන් වැඩි දුර අධ්‍යයනය සඳහා මෙම ලේඛකයා ලියා ඇති "2012 දෝෂාභියෝග සමය සහ අධිකරණයේ ස්වාධීනත්වය" (ISBN 978-955-98639-1-5) (2013) සහ "බණ්ඩාරනායක අගවිනිසුරුතුමියගේ උත්තරීතර දෝෂාභියෝගයේ නීතියේ යුක්තිය- ලංකාවේ නඩු විභාග, ජනතාව සහ අධිකරණයේ ස්වාධීනත්වය" ( (ISBN 978-955--38965-4-4)(2019) කෘති කියවන්න] 2009 දී බෙදුම්වාදය පරාජය කිරීමත් සමගම බෙදුම්වාදයට සහාය දෙන දේශපාලන නීතිවේදීන් 2010 සිට ක්‍රමිකව සිංහලෙන් නිදහස් අධ්‍යාපනය ලබන සිසුන්ට සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම අහිමි කළේය. ඒ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1972 සිට ලබා දුන් සිංහලෙන් නීතිය ඉගෙනීමේ අයිතිය අහිමි කරමින් ය. සිංහලෙන් නීති අධ්‍යපනය ලැබීම නිදහස්, ස්වාධීන, ස්වෛරී, ඒකීය රටක පරමාධිපත්‍යය බලය හිමි ජනතාවගේ අයිතියකි. ඒ අයිතිය 1977 මහ මැතිවරණයෙන් 5/6 ක පාර්ලිමේන්තුවේ මන්ත්‍රී බලයක් හිම් කර ගත් යැංකි ඩිකී යැයි පටබැදි ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පවා අහිමි නොකළ දෙයකි. (ඒ බව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැනවින් දනී.) එසේ වුවත්, රාජ්‍ය නොවන සංවිධාන, අන්තවාදී අලි සබ්‍රි අධිකරණ ඇමතිවරයා, ජිනීවා මානව හිමිකම් විදෙස් විනිසුරු ආගමනය, වාමවාදී නීතිවේදීන් සහ බෙදුම්වාදය නීති උපායන් ක්‍රියාත්මක කරමින් වත්මන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාව සතු අධිකරණ, විධායක සහ ව්‍යවස්ථාදායක ඒකාධිකාරී බලය මුල්කරගනිමින් ඉටුකර ගත්තේය. උතුරු නැගෙනහිර බෙදුම්වාදය 2009 දී පරාජය කිරීමත් සමඟම ජිනීවා යුධ අපරාධ චෝදනාවන්ද 2009 සිට කරළියට ආවේය. ශ්‍රී ලංකාවේ කිහිප දෙනෙකුට වාර්ෂිකව ජිනීවා යාමේ අවස්ථාවද ඒ අනුව උදාවිය.  ශ්‍රී ලංකාවට එරෙහිව යුධ අපරාධ චෝදනා දිගින් දිගටම එල්ලවූ අතර, සහ ජාත්‍යන්තර විනිසුරු ශ්‍රී ලංකාවට පැමිණ නඩු විභාග කළ යුතු බවට රාජ්‍ය නොවන සංවිධාන සහ ඩයස්පෝරාවද, වාමවදී පිරිස්ද, ඇතැම් නීතිවේදීන්ද එකට එකතු වී යෝජනා ඉදිරිපත් කළේය. ඒ අතර සිංහල ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපති වූ බව අනුරාධපුරයේ දී තමන්ම කියූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේ ජයන්ත ජයසූරිය අගවිනිසුරු සහ අලි සබ්‍රි අධිකරණ ඇමති 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයෙන් තමන්ගේ සිංහල විරෝධය තව දුරටත් ඉදිරියට ගෙන යමින් සිංහලෙන් නීති අධ්‍යාපනය ලබාදීමට අමතරව සිංහලෙන් නීති විභාග පැවැත්වීමත් නතර කෙරෙව්වේය. එයට එරෙහිව මේ ලේඛකයා ඇතුලු සමාජ පුරවැසියන් අලුත්කඩේ අධිකරණ සංකිර්ණය, අධිකරණ අමාත්‍යාංශය, මලලසේකර මාවත අගවිනිසුරු නිල නිවස , බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය, විහාරමහ දේවී උයන, නිදහස් චතුරශ්‍රය ඉදිරිපිට විරෝධතා, නීති පත්‍රිකා බෙදීම්, විරෝධතා පා ගමන් පවත්වා ඇත. කොළඹ මහජන පුස්තකාල දේශන ශාලාවල, කොළඹ ජාතික පුස්තකාල දේශන ශාලාවල නීති අධ්‍යාපන වැඩසටහන් පවත්වා ඇත. එකී 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයට අනුමැතිය දුන් සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයන් මෙසේය.(පාර්ලිමේන්තුව එකී ගැසට් පත්‍රය ප්‍රතික්ෂේප කළද එහි සාමාජිකයන් කිහිප දෙනෙකු හැර අනෙක් සාමාජිකයෝ තවදුරටත් එහි සාමාජිකත්වය දරති.)  1) ගරු ජයන්ත ජයසූරිය  (අගවිනිසුරු, ජනාධිපති නීතීඥ) 2) ගරු ඩී. ද ලිවේරා (නීතිපති) 3) ගරු බී.පී. අලුවිහාරෙ (ජනාධිපති නීතීඥ) 4) ගරු කේ. සිසිර ආබෲ 5) එම්. එම්.පී. කේ.මායාදුන්නේ මහතා (ලේකම්,අධිකරණ අමාත්‍යාංශය) 6) සන්ජේ රාජරත්නම් මහතා (වැඩබලන සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ) 7) ප්‍රශාන්ත ලාල් ද අල්විස් මහතා (ජනාධිපති නීතීඥ) 8) මහාචාර්ය වී. ටී. තමිල්මාරන් 9) ප්‍රියන්ත නවාන මහතා (ජනාධිපති නීතීඥ) 10) කේ. නවරත්න මහතා 11) කේ. ඉන්ද්‍රතිස්ස මහතා (ජනාධිපති නීතීඥ) 12) තිසත් විජේගුණවර්ධන මහතා (ජනාධිපති නීතීඥ) 13) ධම්මික දසනායක මහතා 14) Ms සාවිත්‍රි විජේසේකර Ms ඉන්දිරා සමරසිංහ (ජනාධිපති නීතීඥ, විදුහල්පති, ලේඛකාධිකාරී (සංස්ථාගත නීති අධ්‍යාපන සභාව) අධිකරණ භාෂාව සහ නීති පැනවීමේ භාෂාව සම්බන්ධයෙන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන වලට ජීවය සහ අර්ථය දීමට නීති අධ්‍යාපනයේ ඇති වැදගත්කම අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයෝ නොතකා සිටියහ. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ සිය ප්‍රතිඥාව/ දිව්රුම කඩ කිරීමකි. එකී ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව විසින් 2023.03.21 දින ප්‍රතික්ෂේප කිරීමෙන්ම ඒ බව තහවුරු වෙයි. ඉංග්‍රීසි භාෂාව අධිකරණ භාෂාවක් හෝ නීති පැනවීමේ භාෂාවක් නොවී තිබියදී ඉංග්‍රීසියෙන් පමණක් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීමට අනු නීති පනවා ගනිමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයෝ ඉංග්‍රීසි අන්තවාදීන්ව සහ බෙදුම්වාදීන්ව පෝෂණය කළේය. එංගලන්ත යටත් විජිතවල සේවයට යාමට, ඩොලර් යහමින් ඉපයීමට ඉංග්‍රීසි අවශ්‍ය බවට තමන්ගේ අධිකරණ ධූරවලට අදාල නොවන නමුත්, සිත් ඇදගන්නා බස් කියමින් රටේ දියුණුව, නීතියේ පාලනය, අධිකරණයේ ස්වාධීනත්වය, ප්‍රසිද්ධියේ නඩු විභාග කිරීමේ යුතුකම සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් යටපත් කළේය. ඩොලර් ඉපැයීමට ඉංග්‍රීසි අවශ්‍ය බවට මානසික අල්ලස් ලබා දෙමින් ප්‍රංශ, රුසියන්, ස්පාඤ්ඤ, චීන ජාත්‍යන්තර භාෂා ඉගෙනීමට යොමු නොකර සිය වැරදි භාෂා ප්‍රතිපත්ති සංස්ථාගත නීති අධ්‍යාපන සභාව සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලය ක්‍රියාත්මක කළේය. අවසානයේ එකී ඉංග්‍රීසි අන්තවාදී ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව විසින් 2023.03.21 දින  ප්‍රතික්ෂේප කළේය. අගවිනිසුරුවරයෙකුගේ අන්තවාදී ගැසට් පත්‍රයක් ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කිරීම අධිකරණයට අලුත් දිසාවක් පෙන්නුම් කළේය. ඒ රාජ්‍ය භාෂාවට, නීති පැනවීමේ භාෂාවට, අධිකරණ භාෂාවට ශ්‍රී ලංකාවේ අගවිනිසුරුවරයා ඇතුලු සියලු විනිසුරු ගරු කළ යුතු බවත්, එකී විධිවිධාන තමන්ගේ පුද්ගලික සහ පටු අරමුණු වෙනුවෙන් ආරක්ෂා නොකර සිටීම නිවැරදි නොවන බවයි. ඒ දෙස බලමින් සහ අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ පාලනය සහ නෛතික සදාචාරය රකිමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා වහාම සිය ධූරවලින් ඉල්ලා අස්වීම කළ යුතුවිය.මේ දක්වා එය ඉටුවී නැත. ඒ වෙනුවට අගවිනිසුරු ජයන්ත ජයසූරිය තමන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි මතය දිගටම දරමින් පාර්ලිමේන්තු චේතනාවද නොතකා සිටී. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති කතරගම රූපසුන්දරිය ප්‍රේමවතී මනම්පේරි ඝාතන නඩුවේ තීන්දුව සමාජයට ආදර්ශයකි. ඉහළ නිලධාරියෙකු ලබා දුන් පමණින් නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කිරීම පහළ නිලධාරීන්ගේ යුතුකම නොවේ. එසේම මෙම ලේඛකයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහල භාෂාවෙන් නඩු පැවරීම සම්බන්ධයෙන් වන නීතිය පිළිබඳව නීති ක්ෂේත්‍රයේ අයගේ දැනගැනීම පිළිබඳ අධ්‍යාපන පර්යේෂණයක් පසුගිය දිනවල සිදු කළ අතර එහිදී එළිදරව් වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පැවරීමට නීතිමය ප්‍රතිපාදන තිබුණද 94% ක් දෙනා ඒ බව නොදන්නා බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ රීති සිංහලෙන් තිබුණද ඒ බව 96%ක් නොදන්නා බවත් ය. මෙය නෛතික සාක්ෂරතාවයේ බලවත් අඩුපාඩුවක් වන අතර මෙයට වගකිව යුතු වූයේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ඉංග්‍රීසියෙන් නීති අධ්‍යාපනය ලබා දෙන නීති දේශකයන් නිවැරදිව නීති අධ්‍යාපනය ලබා නොදීම බව අධ්‍යාපන පර්යේෂණයේ නිගමනය විය. අලි සබ්‍රි අධිකරණ ඇමතිගේ සහායෙන් සංස්ථාගත නීති අධ්‍යාපන සභාව ප්‍රකාශයට පත් කළ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී, ඉංග්‍රීසි අන්තවාදය සහ බෙදුම්වාදය පෝෂණය කරන අසාධාරණ ගැසට් පත්‍රයකි. එය මේ වන විට නීතිය ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තුව විසින්ද 2023.03.21 දින ප්‍රතික්ෂේප කර ඇත. දැන් ඇත්තේ සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් නීතිය ආරක්ෂා කිරීම සහ පාර්ලිමේන්තු යෝජනා සම්මතයට ගරු කිරීම මිස තව දුරටත් තමන්ගේ ඒකාධිපති වැරදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අදහස් ක්‍රියාත්මක කිරීමට යාම නොවේ. විධායකය, ව්‍යවස්ථාදායකය මෙන්ම අධිකරණ බලයද අත දරමින් ජයන්ත ජයසූරිය අගවිනිසුරු ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාවද සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකර නැති බව පැහැදිලිවම මේ වන විට පාර්ලිමේන්තුවේදී සනාථ වී ඇත. සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටුනොකරන සහ ඒ බව තහවුරු වී ඇති විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ප්‍රධානීන් සිය ධූරවලින් ඉවත්වීමේ නෛතික සදාචාරයක් මේ දක්වා දක්නට නොවුණත් එවැනි නෛතික සදාචාරයක් ඇති කිරීමට මේ කාලයයි. එවැනි නෛතික සදාචාරයක් මෙවරවත් රටේ ඇති නොවුණහොත් එය රටේම ජනතාවගේ නෛතික අසරණකමමය. එනම් විධායක, ව්ව්‍යවස්ථාදායක සහ අධිකරණ ප්‍රධානීන්ගේ වැරදි භාවිතාවල ශක්තිමත් බවය. අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col, PGDC (Col), නීතීඥ , නීති ග්‍රන්ථ කර්තෘ, විද්‍යුත්/මුද්‍රිත මාධ්‍ය ලේඛක, සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0342256066, 0342256067, 0712063394 (2023.03.27)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය