Skip to main content

ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ සහ පළත් 7ක සිවිල් අභියාචනා මහාධිකරණවල සිංහල භාෂාවෙන් නඩු විභාග නොකිරීම, තීරණ ලබා නොදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට/ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු වලට පටහැනි වන්නේ ඇයි?

ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ සහ පළත් 7ක සිවිල් අභියාචනා මහාධිකරණවල සිංහල භාෂාවෙන් නඩු විභාග නොකිරීම, තීරණ ලබා නොදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට/ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු වලට පටහැනි වන්නේ ඇයි?
ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීම සම්බන්ධයෙන් බලය පවරා ඇති 33 ව්‍යවස්ථාවට වඩා 70 ව්‍යවස්ථාව බලවත් බවත් ඒ අනුව 33 ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව විසුරුවීම වැරදි බව 2018 දෙසැම්බර් 13 ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7ක්  SC FR  351/ 2018 ඇතුලු තවත් නඩු වලදී ඒකමතිකව තීරණය කර ඇත. (එසේම ඉංග්‍රීසියෙන් පමණක් නීතිය ඉගැන්වීමට සහ නීති විභාග පැවැත්වීමට ගෙනා 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයද 2023.03.21දින පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කර ඇත.) එකම කරුණක් ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථාන කිහිපයක විධිවිධාන පවතීනම් ක්‍රියාත්මක කළ යුත්තේ කවර විධිවිධානයද යන්න සහ ප්‍රධාන ව්‍යවස්ථාව අභිබවා වෙනත් ව්‍යවස්ථාවලට ක්‍රියාත්මක වීමට නොහැකි බවට SC FR  351/ 2018 ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේදී විනිසුරුවරු 7කු ඒකමතිකව තීරණය කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව, 23 ව්‍යවස්ථාවේ නීති පැනවීමේ භාෂාව පිළිබඳව පැහැදිලිව විධිවිධාන දක්වා ඇති අතර, ඉංග්‍රීසි භාෂාව අධිකරණ භාෂාවක් හෝ නීති පැනවීමේ භාෂාවක් නොවේ. එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන සහ ශ්‍රේෂ්ඨාධිකරණයේම පූර්ණ විනිශ්චය සභා තීන්දු අභිබවා ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ සහ බස්නාහිර පළාත ඇතුලු පළාත් 07ක සිවිල් අභියාචනා මහාධිකරණවල ඉංග්‍රීසියෙන් නඩු විභාග කිරීම, තීරණ ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නිවැරදි නොවනවා පමණක් නොව 2018 දෙසැම්බර් 13 ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7කු  SC FR  351/ 2018 ඇතුලු තවත් නඩු වලදී ලබා දුන් ඒකමතික තීරණයටද අනුකූල නොවේ. බස්නාහිර පළාත ඇතුලු පළාත් 7ක අධිකරණ භාෂාව සිංහල භාෂාව විය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 ව්‍යවස්ථාවේ දක්වා තිබියදී එය මගහැර යාම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් එකී පළාත් 7 පිහිටි අධිකරණ වල නඩු විභාග කිරීම ඉහත ප්‍රධාන නීති තත්ත්වයන් අනුව නිවැරදි නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ සහ බස්නාහිර පළාත ඇතුලු පළාත් 7ක සිවිල් අභියාචනාධිකරණ මහාධිකරණවල අධිකරණ භාෂාවෙන් නඩු විභාග නොකිරීම, තීරණ ලබා නොදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලටත්, පාර්ලිමේන්තුවේ චේතනාවටත් පටහැනි බව ඉහත නීති මූලාශ්‍ර අනුව කිව හැකිය. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2023.05.22) (ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහල භාෂාවෙන් නඩු පවරන ආකාරය පිළිබඳව 2023 මැයි 22 (ජනරජ දින) ප.ව. 2-5 දක්වා කොළඹ 07, මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී 18 වන නීති අධ්‍යාපන වැඩසටහන නීතීඥවරු, නීති ශිෂ්‍යයන් ඇතුලු අයගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය