Skip to main content

1978 සිට මේ දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.4 අනුව්‍යවස්ථාවට අනනුකූල පනත් කෙටුම්පත් කීයක් නීතියක් බවට පත්වී තිබේද?

1978 සිට මේ දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.4 අනුව්‍යවස්ථාවට අනනුකූල පනත් කෙටුම්පත් කීයක් නීතියක් බවට පත්වී තිබේද?
1. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පළමු ස්වස්ථානික ව්‍යවස්ථාව එනම් පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙයි. 2. එහි 10.1 ව්‍යවස්ථාව මෙසේය. 10. (1) All written laws, including subordinate legislation in force immediately prior to the commencement of the Constitution, shall be published in the Gazette in Sinhala and in Tamil translation as expeditiously as possible under the authority of the Minister in charge of the subject of Justice. 3. ඒ අනුව 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවීමට පෙර බලාත්මක වූ සියලු නීති සහ අනුනීති හැකිතාක් ඉක්මණින් සිංහල සහ දෙමළ භාෂාවෙන් ගැසට් පත්‍රයේ පළ කළ යුතු විය. 4. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එනු ලැබූ 2වන සංශෝධනය වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.3 ව්‍යවස්ථාවේද ඉහත 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10.1 ව්‍යවස්ථාවේ දක්වා ඇති විධිවිධානය කාලීනව දක්වා ඇත. 5. එය මෙසේය. 23. 4. All laws and subordinate legislation in force immediately prior to the commencement of the Constitution, shall be published in the Gazette in the Sinhala and Tamil Language as expeditiously as possible. 6. ඒ අනුව 1946 සෝල්බරි ව්‍යවස්ථාවට පෙර පනවා ඇති ආඥාපනත්, සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පනවා ඇති පනත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමෙන් පසු සංශෝධනය කිරීමට යන අවස්ථාවල 23.4 ව්‍යවස්ථාව අනුව ඉංග්‍රීසි භාෂාවෙන් ඇති මව් ආඥාපනත - පනත/ මුල් ආඥාපනත - පනත සිංහල සහ දෙමළ භාෂාවෙන් ගැසට් පත්‍රයේ පළ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අත්‍යවශ්‍ය කාර්යයක් වෙයි. 7. එසේ නොමැතිව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමෙන් පසු සංශෝධනය කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයැයි දක්වා ඇති සිංහල සහ දෙමළ භාෂාවෙන් ගැසට් පත්‍රයේ පළ කර නැති මව් ආඥාපනතට - පනතර/ මුල් ආඥාපනතට - පනතට කර ඇති සියලුම සංශෝධන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල සංශෝධන වෙයි. 8. ඒ අනුව 1978 සිට මේ දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.4 අනුව්‍යවස්ථාවට අනනුකූල පනත් කෙටුම්පත් කීයක් නීතියක් බවට පත්වී තිබේද? යන්න ගණනය කිරීම රටේ නීතියේ පාලනය පිළිබඳව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කිරීමේ යුතුකම පිළිබඳ තත්ත්වයකි. අරුණ ලක්සිරි උණවටුන B.Sc (Col), PGDC(Col) නීතීඥ   - සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2023.07.27)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...