Skip to main content

පුවත්පතක පළවූ වැරදි ප්‍රවෘත්තියක් හේතුවෙන් ආයුර්වේද සංශෝධනයට එරෙහි මුල්ම පෙත්සමේ නීතීඥවරයා එම නඩුවෙන් ඉවත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි.

පුවත්පතක පළවූ වැරදි ප්‍රවෘත්තියක් හේතුවෙන් ආයුර්වේද සංශෝධනයට එරෙහි මුල්ම පෙත්සමේ නීතීඥවරයා එම නඩුවෙන් ඉවත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි.
ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සුසිල් ප්‍රේම්ජයන්ත ඇමතිවරයා විසින් 2023 ජූලි 05 වැනි දින පාර්ලිමේන්තුවේ පළමුවර කියවා ඇත. එයට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේය පදනමින් මත්තෙගොඩ රෝපා ආයුර්වේද රෝහලේ වෛද්‍ය බී. ඒ. රත්නපාල මහතා නීතීඥ අරුණ උණවටුන මහතා මගින් SC/SD/22/23 අංක යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව යටතේ පෙත්සමක් ඉදිරිපත් කර ඇත. පළාත් සභා ලැයිස්තුව යටතේ ඇති ආයුර්වේදය අදාල කාරණා සම්බන්ධයෙන් යෝජිත ආයුර්වේද පනත් සංශෝධනය පළාත් සභා නොවිමසා ගෙනවිත් ඇති බව ඇතුලු කාරණා එකී පෙත්සම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දක්වා ඇත. සෙවනගල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු වන කමල් බන්දුල වීරප්පෙරුම සහ මුල්ලේරියාව නව නගරයේ වෛද්‍යවරයෙකු වන වොෂින්ටන් ගල්හේනගේ නානායක්කාර යන අයද වෛද්‍ය රත්නපාල මහතාගේ පෙත්සම වැනිම පෙත්සමක නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා මගින් ගොනු කර ඇත. 2023 ජූලි 19 වැනි දින ඒ සම්බන්ධයෙන් වැරදි කරුණු ඇතුළත් ප්‍රවෘත්තියක් දිවයින පුවත්පතේ පළ වී ඇත. එකී ප්‍රවෘත්තිය පහත පළ වේ.
එකී වැරදි ප්‍රවෘත්තිය හේතුවෙන් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතාට සිය නඩුවෙන් ඉවත්වන ලෙස වෛද්‍ය රත්නපාල මහතා විසින් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතාට දැනුම් දී ඇත. එකී ප්‍රවෘත්තිය නිවැරදි කරමින් 2023.07.20 දින දිවයින පුවත්පත විසින් නිවැරදි කිරීමක්ද පළකර ඇත. එකී නිවැරදි කිරීම කළ ප්‍රවෘත්තිය පහත දැක්වේ.
ආයුර්වේද පනත සංශෝධනයට එරෙහිව මුල්ම පෙත්සම ඉදිරිපත් කළ වෛද්‍ය බී.ඒ. රත්නපාල මහතාගේ නීතීඥවරයා වූ නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා මෙකී කරුණු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්කර එකී නඩුවෙන් ඉවත්වීමට අවසර ඉල්ලා ඇති අතර නීතිපතිවරයාටත්, වෛද්‍ය රත්නපාල මහතාටත් එහි පිටපත් ලබා දී ඇත. "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාර සංග්‍රහය (2023 ජූලි) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0342256066, 0712063394. (2023.07.21)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය