ජනාධිපතිවරණය 2025 දී ද ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයිද? 2002 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය සමයේදී 19 වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනයක් ආ බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7ක් මගින් එයට දුන් ඒකමතික තීරණය උල්ලංඝනය කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සමයේ 2015 දී 19 සංශෝධනයක් නැවත ගෙනා බවත් ඇතැම් නීති විශාරදයෝ සහ ඇතැම් දේශපාල විචාරකයෝ අමතක කරති. එය එසේ අමතක කළ නොහැකිය. එය ව්‍යවස්ථා කුමන්ත්‍රණයකි. ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ වසර 5කින් නොව වසර 6කින් වන්නේ එකී ව්‍යවස්ථා කුමන්ත්‍රණය නිවැරදි කිරීමෙනි. 2015 ගෙනා 19ය මගින් 2002 ගෙනා 19යේ පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ තිරණය උල්ලංඝනය කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පහත විස්තර කර ඇත. 2002දී පාර්ලිමේන්තුවට ගෙන එන ලද 19 වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 5 වන වගන්තිය අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවට ඉක්බිතිව 70 (අ) ලෙස ව්‍යවස්ථාවක් ගෙන එමින් වසරකට පසු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීම අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත‍්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅ...