ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධූරයට ඉල්ලන අය වෙත නීතීඥවරයෙකු ඉදිරිපත් කරන විවෘත ප්‍රශ්න 05.
1. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිළවරණය සඳහා ඩිජිටල් / මාර්ගගත ඡන්ද ක්‍රමය හඳුන්වා දෙන්නේද?
ඔව් / නැත / අදහසක් නැත
2. නීතීඥවරුන් නඩු වාර්තා පරීක්ෂා කිරීම, සහතික පිටපත් ගැනීම, ලේඛන නඩුවට ගොනු කිරීම අදාලව අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල සේවය කරන අය අකාර්යක්ෂමව ක්‍රියාකිරීමේදී අධිකරණ සේවා කොමිසමද එයට ඉඩ දී තිබීම අනුමත කරනවාද?
ඔව්/ නැත / අදහසක් නැත
3. නීතීඥවරුන් සහ සේවාදායකයන් අධිකරණය සේවා කොමිසමට කරන පැමිණිලි සම්බන්ධයෙන් සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක වනවාද යන්න සොයා බැලීමට මැදිහත් වෙනවාද?
ඔව් / නැත / අදහසක් නැත
4. නීතීඥවරයන්ගේ වැරදි සම්බන්ධව සොයා බැලීමට මැදිහත්වන ආකාරයට විනිසුරුවරුන්ගේ විනය සම්බන්ධ කාරනා වලින් අගතියට පත්වන අය සම්බන්ධවත් මැදිහත් වෙනවාද?
ඔව් / නැත / අදහසක් නැත
5. නීතීඥ සංගමයට ලැබෙන ආධාර මුදල් / මූල්‍ය ගනු දෙනු සහ එම මුදල් යොදා ගන්නා ආකාරය සම්බන්ධයෙන් නීතීඥවරුන්ට මාසිකව පුද්ගලිකව විද්‍යුත් තැපෑලෙන් වාර්තා ඉදිරිපත් කිරීමට ක්‍රියා කරනවාද?
ඔව් / නැත / අදහසක් නැත
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
දුරකථන 0712063394 (2024.05.30)
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

Comments
Post a Comment