Skip to main content

2002 දී ගෙනා 19යේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව 2015 දී ගෙනා 19යට ජනමතවිචාරණයක් නොතැබීමෙන් ජනාධිපති ධූරකාලය තවමත් වසර 6ක් නේද?

2002 දී ගෙනා 19යේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව 2015 දී ගෙනා 19යට ජනමතවිචාරණයක් නොතැබීමෙන් ජනාධිපති ධූරකාලය තවමත් වසර 6ක් නේද?
2002 දීත්, 2015 දීත් "19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත" නමින් සමාන දීර්ඝ නාමයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් 2ක් ගෙනා බවත් ඒ 2ටම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ 2ක් ඇති බවත් බොහෝ දෙනෙකු නොදන්නවා විය හැකිය. නමුත් එසේ පනත් කෙටුම්පත් 2ක් පැමිණි අතර 2015 දී සිදුවූයේ එවර ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුද ඇතුලුව පාර්ලිමේන්තු මන්ත්‍රී 2/3 කට වැඩි සංඛ්‍යාවකින් සම්මත වීම පමණි. 2002 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ තිබූ විධිවිධානද 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ තිබුණු අතර, 2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ විනිසුරු 7දෙනාගේ තීරණය වෙනස් කිරීමට 2002 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය විභාග කළ විනිසුරුවරුන් 3 දෙනා කටයුතු නොකළ අතර ඒ හේතුවෙන් 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් එකී විධිවිධාන නීතියක් වන්නේ 2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ විනිසුරු 7දෙනාගේ තීරණය අනුව ය. 2002 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව පාර්ලිමේන්තුව විසුරුවීමේ සීමාව වැඩි කිරීමට ජනමතවිචාරණයක් නියම කර තිබූ නමුත්, 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ පාර්ලිමේන්තුව විසුරුවීමේ සීමාව වැඩි කිරීමට විධිවිධාන තිබුණත් එයට මේ දක්වා ජනමතවිචාරණයක් පවත්වා නැත. ඒ අනුව 2015 දී සම්මත කරගෙන නීතියක් ලෙස පවතිනවාය කියන 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සත්‍ය වශයෙන්ම පවතින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී 2/3 කට වැඩි සංඛ්‍යාවකින් සම්මත වී ජනමතවිචාරණයකට යායුතු මට්ටමේ පනත් කෙටුම්පතක තත්ත්වයේ පමණි. එනම් 2015 දී සම්මත කරගෙන නීතියක් ලෙස පවතිනවාය කියන 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මේ දක්වා නීතියක් බවට පත් වී නැති අතර ඒ අනුව 2015 දී ගෙනා 19යට ජනමතවිචාරණයක් නොතැබීමෙන් ජනාධිපති ධූරකාලය තවමත් වසර 6ක් වන බව කිව හැකිය. එය වසර 5ක් වන්නේ 2015 දී ගෙනා 19යට ජනමතවිචාරණයක් තබා ජනතාව අනුමැතිය ලබා දුනහොත් පමණි. ඒ අනුව 2002 දී ගෙනා 19යේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව 2015 දී ගෙනා 19යට ජනමතවිචාරණයක් නොතැබීමෙන් ජනාධිපති ධූරකාලය තවමත් වසර 6ක්ම බව කිව හැකිය. (මේ නීති තර්කය පැහැදිලිකර ගැනීමට 2002 දී සහ 2015 දී දෙවරක් ගෙනා 19 ට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ 2 අධ්‍යයනය කරන්න. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් https://www.parliament.lk/si/business-of-parliament/sc-decisions-on-bills බාගත කර ගත හැකිය) නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2024.06.10)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

ජාතික ගීය නියමිත පටිපාටියෙන් බැහැරව විකෘති කිරීම/ වෙනස් කිරීම අපරාධ වරදක්ද? ප්‍රජාඅයිතිය අහෝසිවන වරදක්ද?

ජාතික ගීය නියමිත පටිපාටියෙන් බැහැරව විකෘති කිරීම/ වෙනස් කිරීම අපරාධ වරදක්ද? ප්‍රජාඅයිතිය අහෝසිවන වරදක්ද? 1. ජාතික ගීය, පදමාලාව සහ සංගීතය නියම කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ය. 2. ජාතික ගීය, පදමාලාව සහ සංගීතය ජනතාවගේ පරමාධිපත්‍යයේ අංගයක් වන අතර පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් සහ ජනමතවිචාරණයක් මගින් මිස විකෘති කිරීම/ වෙනස් කිරීම කළ නොහැකිය. 3. එමෙන්ම ජාතික ගීය, පදමාලාව සහ සංගීතය ජාතිය සතු බුද්ධිමය දේපලකි. 4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නීතිය ආරක්ෂාකොට අනුගමනය කිරීම සෑම පුරවැසියෙකු සතු ව්‍යවස්ථාපිත යුතුකමකි. 5. ජාතික ගීය පදමාලාව සහ සංගීතය වෙනස් කිරීම, එය විකෘති කර පුද්ගලික සන්තකයේ තබා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය සහ බුද්ධිමය දේපල පනත උල්ලංඝනය කිරීමක් වෙයි. 6. ඒ අනුව ජාතික ගීය නියමිත පටිපාටියෙන් බැහැරව විකෘති කිරීම/ වෙනස් කිරීම අපරාධ වරදක් මෙන්ම ප්‍රජාඅයිතිය අහෝසිවන ක්‍රියාවක්ද/ වරදක්ද වෙයි. "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාර සංග්‍රහය වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0342256066, 0712063394