Skip to main content

2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අතපසුවීමක් ගැන ජනාධිපති සමාව ගත්තේ ඇයි? 1972ට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිය වැරදුනාට, 1972ට පස්සෙ ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිය වරදින්නෙ නැද්ද? නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සිය 11වන නීති කෘතිය එළිදක්වන අවස්ථාවේදී පැහැදිලි කරයි.

2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අතපසුවීමක් ගැන ජනාධිපති සමාව ගත්තේ ඇයි? 1972ට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිය වැරදුනාට, 1972ට පස්සෙ ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිය වරදින්නෙ නැද්ද? නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සිය 11වන නීති කෘතිය එළිදක්වන අවස්ථාවේදී පැහැදිලි කරයි.
1972ට කලින් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවල නීතිමය දෝෂ නිවැරදි කරන්න රාජාධිකරණය තිබ්බට 1972ට පස්සෙ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉහළින් අධිකරණයක් නැත්තෙ 1972ට පස්සෙ ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිමය දෝෂ සිදුවන්නෙ නැති නිසාද? ඒක හරිද? වැරදිද? එංගලන්තයේ රජු සහ රැජිණිගේ නීති වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේත් දිගටම ක්‍රියාත්මක කරගෙන යමින් නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලට එරෙහිව එංගලන්තයේ රාජාධිකරණයේ අභියාචනා බලය ඉවත් කර ජනතාවගේ අභියාචනා අයිතියක් ඉවත් කිරීම ශ්‍රී ලංකා ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමක්ද? මේවාට නෛතික විසඳුම් හෝ යෝජනා නැද්ද? වසර 2කට පෙර ඉදල ශ්‍රේෂ්ඨාධිකරණය මුල් අවස්ථා අධිකරණය බලය ක්‍රියාත්මක කරමින් ලබා දෙන බන්ධනාගාරගත කිරීම්, දඩුවම්, දඩ, නඩු ගාස්තු නියෝග අභියාචනා කරන්න "විශේෂ අභියාචනා ව්‍යවස්ථා සභාව" පිහිටුවන්න කියල නීතිපතිට, අධිකරණ අමාත්‍යාංශය ලේකම්ට, ජනාධිපතිට මම යෝජනා කරල තියෙනව. එහි විභාගවන අභියාචනා අධිකරණ ඇමතිවරයා නියම කරන භාෂාවෙන් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24වන ව්‍යවස්ථාවේ දැක්වෙන අධිකරණ භාෂාවෙන් විභාග කළ යුතු අතර නඩු විභාග සජීවීව විකාශනය කරමින් ජනතාවගේ පරමාධිපත්‍යය, ප්‍රසිද්ධියේ නඩු විභාග කිරීමේ අයිතිය අරක්ෂා කරන්න ඕනෑ. සරණාගතයන් ලෙස විදෙස්ගතවී ශ්‍රී ලංකාවේ අභිමානය සහ කීර්තිය අහිමි කිරීම, ජිනීවා මානව හිමිකම් චෝදනා මෙවැනි ව්‍යවස්ථා සභාව මගින් වළක්වා ගත හැකිද? ඒ සම්බන්ධයෙන් වන කෙටුම්පතක් මා විසින් සකස්කරගෙන යන අතර එය අවසන් වූ විට අධිකරණ අමාත්‍යාංශයට, නීතිපතිට සහ ජනාධිපතිවරයාට එය නීතියක් කිරීමට ඉදිරි කටයුතු ස‍ඳහා ලබා දීමට අදහස් කරනවා. 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අතපසුවීමක් වෙලා තියෙනවා ඒකට ජනතාවගෙන් සමාව ඉල්ලනවා කියා 2024 ජූලි 19 දින, ගාල්ල බෙලිගහ ප්‍රදේශයේ ඉදිකළ අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයේදී අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා, නීතිපති පාරින්ද රණසිංහ මහතා, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සහ විනිසුරුවරුන්, නීතීඥවරුන් සහ ඉහළ රජයේ නිලධාරීන් සහ ජනතාව සහභාගී වූ උත්සවයකදී ජනාධිපතිවරයා විසින් අදහස් පළකිරීමත් එය නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ 2024.07.18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ, 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීම ඉතා වැදගත් නෛතික සිදුවීම් වන අතර ඒ පිළිබඳ අවධානය යොමු කිරීම නීති විශාරදයන්, නීතීඥවරුන්ගේ වගකීමක් පමණක් නොව ජනතාවගේද අයිතියකි. නීතිය සංවර්ධනය වන්නේ අවශ්‍යතාවය අනුව අලුත් නීති ඇති වීමෙන්. නීති හදන්නේ ජනතාව වෙනුවෙන්. මෙම කෘතිය මාතෘකා 9 ක් යටතේ පරිච්චේද දක්වා තිබෙනවා. නීතිය පිළිබඳ යම් අවබෝධයක් ඇති අයට මෙම කෘතිය කියවා එහි ඇතුළත් සංකීර්ණ නීති කරුණු තේරුම් ගත හැකියි. සිය 11වන නීති කෘතියවන“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනයට 2002 ජනමතවිචාරණයක් අවශ්‍ය වීම, 2015 ජනමතවිචාරණයක් අවශ්‍ය නොවීම, සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම සහ අධිකරණ තිරණ අනුගම්‍ය පූර්වාදර්ශය” (ISBN 978-955-38965-6-8) 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා එළිදැක්වීමේ අවස්ථාවේදී නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් දැක්වූ අදහස්වලින්..... මෙම කෘතියේ මුල් පිළිගැන්වීම විශ්ව විද්‍යාල කථිකාචාර්ය නෙම්සිරි ජයතිලක මහතා වෙත සිදු කළ අතර පැමිණ සිටි අය විසින් නීතිය පිළිබඳ ප්‍රශ්න විචාරීමක්ද සිදු කරන ලදී. සංවාදයට විවෘතය... මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2024.09.08)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...