Skip to main content

1948 සිට පත් වූ අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන්ගේ ස්ව චින්තන සැළකීමේදී අනුර දිසානායක ජනාධිපතිවරයාත් යටත් විජිත චින්තයේම දිගුවක්ද?

1948 සිට පත් වූ අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන්ගේ ස්ව චින්තන සැළකීමේදී අනුර දිසානායක ජනාධිපතිවරයාත් යටත් විජිත චින්තයේම දිගුවක්ද?
1948 සිට 2024 දක්වා ලංකාව පාලනය කළේ රට බ්‍රිතාන්‍ය කිරීටයට අර්ධව යටත්ව සිටි අවධියේ ස්ව චින්තනය නිර්මාණය වූ අගමැතිවරු සහ ජනාධිපවරුය. ඒ ගැන විවාදයක් තිබිය නොහැකිය. ඒ අතරින් ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය එහි අපගමනයකි. ඒ අපගමනයේ ප්‍රතිඵලය වූයේ එතුමියගේ ප්‍රජා අයිතියද අහිමි කරවීමය. පසුව පාර්ලිමේන්තුව විසින්ම එකී ප්‍රජා අයිතිය අහිමි කිරීම වැරදි බවට යෝජනා කර ගත්තේ ය. මෑත කාලයේ ශ්‍රී ලංකාවේ පාලනය අවධි 4කට වෙන් කළ හැකිය. 1. 1815-1948 සෘජු යටත් විජිත සමය 2. 1948-1972 ඩොමීනියන්/ අර්ධ යටත් විජිත සමය 3. 1972-2024 යටත් විජිත චින්තකයන්ගේ පාලන සමය 4. 2024 නිදහස් චින්තකයන්ගේ පාලනය ආරම්භක සමය ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකු සහ හිටපු අගමැතිවරයෙකු වූ 1949 දී උපත ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා අල්ජසීරා නාලිකාවේදී ප්‍රකාශ කරන ලද පහත අදහස මෙම ලිපිය මගින් මතු කරන කාරණය තව දුරටත් පැහැදිලි කරයි. "I had to come. I wanted to come. I was a subject of her Majesty Queen Elizabeth the second the queen of Ceylon, the most popular figure that we had...' "මට එන්න සිද්ධ වුණා. මට එන්න ඕන වුණා. මම ලංකාවේ දෙවන එලිසබෙත් රැජිනගේ යටත් වැසියෙක්ව, අපිට හිටපු ජනප්‍රියම චරිතය..." අනුර දිසානායක ජනාධිපතිවරයා 1968 ඉපදී ඇති අතර ඔහුගේ ස්ව චින්තනය නිර්මාණය වී ඇත්තේ 1972න් පසු ශ්‍රී ලංකා ජනරජය යටතේය. එබැවින් 2024 දක්වා ශ්‍රී ලංකාව පාලනය කළ පාලකයන් මෙන් නොව අනුර දිසානායක ජනාධිපතිවරයාගේ ස්ව චින්තනය ගොඩ නැගීමේදී බ්‍රිතාන්‍යය කිරීටයේ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම මිදී තිබිය යුතුය. ඒ අනුව අනුර දිසානායක ජනාධිපතිවරයාත් යටත් විජිත චින්තයේම දිගුවක් ලෙස සැළකිය නොහැකි වුවත් එය ඔහුගේ ජනාධිපති ධූරයේ භූමිකාව ඉටුකරන ආකාරයෙන් කිව හැකිය. ජනාධිපති ධූරයට පත් වී වසරක්වත් ගෙවී ගොස් නැති හෙයින් 1948 සිට පත් වූ අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන්ගේ ස්ව චින්තන සැළකීමේදී අනුර දිසානායක ජනාධිපතිවරයාත් යටත් විජිත චින්තයේම දිගුවක්ද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට තවම කල් වැඩිය. http://neethiyalk.blogspot.com/2025/03/1948.html?m=1 නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394 (2025.03.19)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද? ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ "ජයිකා" ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ජනාධිපති නීතීඥවරුන් 3ක් සහ තවත් නීතීඥවරුන් 2ක් විසින් ලබා ගෙන ඇති බවට වන සාකච්ඡාවක් පසුගිය සති 2ක පමණ කාලයක සිට ඇරඹී ඇත. එකී ලබා ගත් මුදල් කිහිප දෙනෙකු විසින් නැවත ආපසු ලබා දීමෙන් මෙම ප්‍රශ්නය අවසන් නොවන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා සහ අලගරත්නම් මහතා යන පංච පුද්ගල කමිටුවක්ද මේ වන විට පත්කර ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු නීතීඥවරුන්ගේ, විනිසුරුවරුන්ගේ පමණක් නොව ජනතාවගේද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන නීතියේ පාලනය සුරකින ආයතනයකි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වශයෙන් ජාත්‍යන්තර ආධාර ලැබෙන බවත් ශ...

අධිකරණ ඇමතිවරයා අධිකරණයකට අපහාස පනත ගෙනාවේ, පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කර මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණයට අපහාස නඩු පැවරවීමේ අරමුණෙන්ද? ඒ බව නොදැනද?

අධිකරණ ඇමතිවරයා අධිකරණයකට අපහාස පනත ගෙනාවේ, පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කර මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණයට අපහාස නඩු පැවරවීමේ අරමුණෙන්ද? ඒ බව නොදැනද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ බලතල සහ වරප්‍රසාද අභිබවා 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කරවීමට හැකි පරිදි විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා නීති සම්මත කරවාගෙන ඇත. 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 3 වන වගන්තිය මෙසේය. 3. පාර්ලිමේන්තුවේදී, භාෂණයේ විවාද කිරීමේ හා කටයුතුවල නිරත වීමේ නිදහස තිබිය යුතු අතර, ඒ භාෂණයේ, විවාද කිරීමේ හෝ කටයුතුවල නිරත වීමේ නිදහස පාර්ලිමේන්තුවෙන් පිටස්තර වූ යම් අධිකරණයකදී හෝ ස්ථානයකදී දෝෂාරෝපණයකට හෝ ප්‍රශ්න කිරීමට භාජනය කළ නොහැකි වන්නේ ය. එසේ වුවත් 2024 පෙබරවාරි 01 දින මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයා සහතිකය තබා නීතියක් කළ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ 15 වන වගන්තිය මගින් වෙනත් සියලු නීති අභිබවා එකී පනත ක්‍රියාත්මක විය යුතු බව දක්වා ඇත. පාර්ලිමේන්තුව තුළ කරන අධිකරණයට අපහාසයන්ට න...