Skip to main content

1971 ඉපදුනු තෙන්නකෝන් පොලිස්පතිට, රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු පොලිස්පති වීමට ඉඩ තිබේද යන්න කාලය විසින් විසඳිය යුතු ප්‍රශ්නයකි...!

1971 ඉපදුනු තෙන්නකෝන් පොලිස්පතිට, රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු පොලිස්පති වීමට ඉඩ තිබේද යන්න කාලය විසින් විසඳිය යුතු ප්‍රශ්නයකි...!
ශ්‍රී ලංකාව ජනරජයක් වුණේ 1972 මැයි 22 දිනය. ඒ 1970 පාර්ලිමේන්තු මැතිවරණයෙන් බලයට පැමිණි සමඟි පෙරමුණු ආණ්ඩුවේ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන්‍ රාජකීය විදුහලේ නවරඟහලේදී කෙටුම්පත් කළ 1වන ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව විසින් සම්මත කරමින් එතෙක් ඩොමීනියන් නිදහසක්ව තිබූ 1947 සෝල්බරී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරවීමෙනි. එවැනි සේවයක් කළ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කරවූ අතර පසුව පාර්ලිමේන්තුව නැවත එකී ප්‍රජාඅයිතිය අහෝසි කරවීම වැරදි බවට යෝජනා සම්මත කරවූයේ කාලයේ ඇවෑමෙන් ය. එයට මුල් වූයේ නීති මහාචාර්ය ජී. ඇල්. පීරිස් ය. වසර 26ක් පැවති ශ්‍රී ලංකා ජනරජය සහ කොටි සංවිධානය අතර උතුරු නැගෙනහිර සන්නද්ධ ගැටුම 2009 මැයි 18 දින අවසන් කෙරුණේ බෙදුම්වාදයද අවසන් කරමින් ය. 1971 ඉපදුනු තෙන්නකෝන් පොලිස් නිලධාරියා එකී සන්නද්ධ ගැටුමේදී ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් විසල් රාජකාරියක් කළ බවට සැකයක් තිබිය නොහැකිය. උතුරු නැගෙනහිර සන්නද්ධ ගැටුම 2009 මැයි 18 දින අවසන් කෙරුණද යුද්ධයට නායකත්වය දුන්නෝ යුධ අපරාධ චෝදනාවලට හසු කරවීමේ දේශීය සහ ජාත්‍යන්තර න්‍යාය පත්‍රයෝ විගසින් ක්‍රියාත්මක වූ අතර, ජිනීවා මානව හිමිකම් යාන්ත්‍රණය මුල් කරගනිමින් ඒවා ක්‍රියාත්මක විය. උතුරු නැගෙනහිර සන්නද්ධ ගැටුම 2009 මැයි 18 දින අවසන් කෙරුණද එයට නායකත්වය දුන් අයෙකු වන එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වුවද ජනඅරගලයක් මගින් රට හැරදා යාමට සළස්වා ජනාධිපති ධූරයද අහිමි කරවනු ලැබීය. කිහිප දෙනෙකු ඇති කරන තත්ත්වයන් කාලය විසින් විසඳීම ස්වභාවයකි. 1965ට පෙර ඉපදී බ්‍රිතාන්‍යය කිරීටය යටතේ චින්තනය නිර්මාණය කරගත් අය වෙනුවට,1965න් පසු ඉපදී ශ්‍රී ලංකා ජනරජය යටතේ චින්තනය නිර්මාණය කරගත් අය විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ පුටුවලට පැමිණීම මේ වන විට ආරම්භ වී ඇත. 1965 ට පෙර ඉපදී ඇති අයගේ චින්තනය නිර්මාණය වී ඇත්තේ බ්‍රිතාන්‍යය කිරීටයේ අවශ්‍යතා සහ පාලනය අනුව සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවය. 1965 ට පසු ඉපදී ඇති අයගේ චින්තනය නිර්මාණය වී ඇත්තේ 1972 සහ 1978 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනුවය. තෙන්නකෝන් පොලිස්පතිවරයා 1971 ඉපදී ඇති අතර ඔහුගේ චින්තනය නිර්මාණය වී ඇත්තේ 1972 සහ 1978 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනුව මිස 1947 සෝල්බරි ව්‍යවස්ථාව අනුව නොවේ. තෙන්නකෝන් පොලිස්පතිවරයා විශ්‍රාම යා යුත්තේ 2032 දීය. මේ 2025 වර්ෂයයි. ඔහුට විශ්‍රාම යාමට තවත් වසර 8 ක් ඇත. මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඔහුට එරෙහිව පවතින නීති කෘත්‍යයන් ඊළග ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර අවසන් කර ගත හැකිද යන්නත් කාලය විසින්ම විසඳිය යුතු තත්ත්වයකි. එසේ අවසන් කළද එවැනි මැතිවරණයකින් පසු තත්ත්වය කෙසේ විය හැකිද යන්න අද තීරණය කළ හැකි තත්ත්වයක් නොවේ. එයද කාලය විසින් මිස නීතිය විසින් විසඳිය හැකි තත්ත්වයක් නොවේ. එසේ හෙයින් 1971 ඉපදුනු තෙන්නකෝන් පොලිස්පතිට, රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු පොලිස්පති වීමට ඉඩ තිබේද යන්න කාලය විසින් විසඳිය යුතු ප්‍රශ්නයකි...! නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394 (2025.03.20)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...