Skip to main content

ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කළ යුත්තේ සිංහල සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලින් කවර භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවද?

ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කළ යුත්තේ සිංහල සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලින් කවර භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කළ යුත්තේ ජනතාවගේ පරමාධිපත්‍යය නිරූපණය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති නීති පැනවීමේ භාෂාවෙන් ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  3වන ව්‍යවස්ථාවේ ජනතාවගේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇති බවත්, 23 වන ව්‍යවස්ථා මගින් ජනතාවගේ පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක කරමින් නිරූපණය කරන නීති පැනවීමේ භාෂාවත් දක්වා ඇත. ඒ සිංහල භාෂාව ය. එනම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කළ යුත්තේ සිංහල භාෂාවෙන් පළ වී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවය. සිංහල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා දෙස නොබලා එම සිංහල ව්‍යවස්ථා අර්ථනිරූපණය නොකර  ජනතාවගේ පරමාධිපත්‍යය බලය නිරූපණය නොවන ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීම ජනතාවගේ පරමාධිපත්‍යය බලය ජනතාවගෙන් අහිමි කිරීමකි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන සහ 23වන ව්‍යවස්ථාව වලට අනුකූල තත්ත්වයක් නොවේ. ඒවාට අනනුකූල වෙයි. ජනතාවගේ පරමාධිපත්‍යය බලය නිරූපණය කරන සිංහල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ ආ. ඡේදය අනුව ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය අඩු කිරීමට හෝ වැඩි කිරීමට එනම් සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමත කිරීම අවශ්‍ය වේ. ජනතාවගේ පරමාධිපත්‍යය බලය නිරූපණය නොකරන ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ b. ඡේදය අනුව ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6කට වඩා වැඩි කිරීමට පමණක් ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමත කිරීම අවශ්‍ය වේ. එනම් ජනතාවගේ පරමාධිපත්‍යය බලය නිරූපණය නොකරන ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ b. ඡේදය අනුව ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6කට වඩා අඩු කිරීමට  ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ අනුමැතිය අවශ්‍ය නොවේ. ඒ අනුව ජනතාවගේ පරමාධිපත්‍යය බලය නිරූපණය කරන සිංහල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ ආ. ඡේදය අනුව ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය අඩු කිරීමට හෝ වැඩි කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය වන අවස්ථාවක 2024.07.18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පළ කර ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ ආ. ඡේදය සංශෝධනය කර ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්ද සිට පස්අවුරුද්ද දක්වා අඩු කිරීම නෛතික අවශ්‍යතාවයක් නොවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 අනුව්‍යවස්ථාවේ ජනාධිපති ධූරකාලය වසර 5ක් වීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62.2 අනුව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 5 ක් වී ඇත්තේ ජනතාවගේ පරමාධිපත්‍යය බලය නිරූපණය කරන සිංහල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ ආ. ඡේදය මගින් නියම කර ඇති ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ අනුමැතියෙන් නොවන නිසාය. ජනතාවගේ පරමාධිපත්‍යය බලය නිරූපණය නොකරන ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමෙන් රටේ නීතියේ පාලනයම බිඳ වැටේ. රටම නෛතික අර්බුදයට ගෙන යයි. මේ විකෘතිය නතර කර ජනතාවගේ පරමාධිපත්‍යය බලය නිරූපණය කරන සිංහල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නීති ආර්ථනිරූපණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කටයුතු කිරීම නීතියේ පාලනය ශක්තිමත් කරවයි. එනම් පනත් කෙටුම්පතක ව්‍යවස්ථානුකූලත්වය විමසීමේදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමේදී, ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේදී ඇතුලු ශ්‍රේෂ්ඨාධිකරණය සතු අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමේදී ජනතාවගේ පරමාධිපත්‍යය බලය නිරූපණය කරන සිංහල භාෂාවෙන් පළ වී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා අනුව අර්ථනිරූපණය කළ යුතුවන අතර නොඑසේනම් සිදුවන්නේ විකෘති ආර්ථනිරූපණයකි.එය අවසානයේ රටේ නීතියේ පාලනයම අර්බුදයට ඇද දමයි. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ  නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2025.05.29)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...