මැ.කො. ජනාධිපති ලේකම්ට යැවූ ලියුම අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 2ක් පවතින හෙයින් නොවැම්බර් දක්වා ජනාධිපති ලෙස ක්‍රියා කරන රනිල් වික්‍රමසිංහ මහතා ඊට පෙර ඉල්ලා අස්වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරයිද?
මැ.කො. ජනාධිපති ලේකම්ට යැවූ ලියුම අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 2ක් පවතින හෙයින් නොවැම්බර් දක්වා ජනාධිපති ලෙස ක්‍රියා කරන රනිල් වික්‍රමසිංහ මහතා ඊට පෙර ඉල්ලා අස්වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරයිද?
1. 2019 නොවැම්බර් මස ජනාධිපති ධූරයේ ප්‍රතිඥා දුන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධූරයේ කටයුතු කළ නොහැකි වූ තැන ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට කටයුතු කළේය.
2. ඉන්පසු පාර්ලිමේන්තුව විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉතිරි ජනාධිපති ධූර කාලය වෙනුවෙන් අනුප්‍රාප්තික ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ගනු ලැබීය.
3. 2024 වර්ෂයේදී පුරවැසියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් නඩු ගොනු කරමින් ජනාධිපතිවරණය වසර 5ද, 6ද යන ප්‍රශ්නය විසඳා ගැනීමට උත්සාහ කළද හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රධානත්වය දැරූ විනිසුරු පීඨ විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිශීලනය කරමින් එකී නඩු ලක්ෂ ගණනින් නඩු ගාස්තු නියම කරමින් නිශ්ප්‍රභා කරනු ලැබීය.
4. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අනුව 2024 ජනාධිපතිවරණයක් පැවැත් වූ අතර ඉන් අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගත් අතර හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ ජනාධිපති ලෙස ප්‍රතිඥා දෙනු ලැබූ අතර එකී හිටපු අගවිනිසුරුවරයා විශ්‍රාම යාමත් සමඟම එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත තනතුරට පත් විය.
5. නීතීඥවරුන් 209ක් සහ නීතීඥවරුන් නොවන පුරවැසියන් 104ක් විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (b) ඡේදය නිවැරදිව පළ කර ගැනීමට ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කළ අතර මැතිවරණය කොමිෂන් සභාවද ජනාධිපති ලේකම්වරයා මගින් ජනාධිපති වෙත එම ඉල්ලීම කර ඇත.
6. ඒ අනුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ එහි ඉංග්‍රීසි භාෂා පාඨ අතර වෙනස්කම් පවතින හෙයින් ඉංග්‍රීසි භාෂා පාඨ අනුව ක්‍රියා කිරීම හේතුවෙන් ජනාධිපතිවරුන්ගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ, කතානායකගේ, පාර්ලිමේන්තුවේ, නීතීඥවරුන්ගේ, පුරවැසියන්ගේ අයිතිවාසිකම් අහිමි කරනු ලැබ ඇති අතර, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ පාලනයද, ව්‍යවස්ථාපිත යුතුකම ඉටු කිරීමද අහිමි කර ඇත.
7. මැතිවරණ කොමිෂන් සභාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(ආ) සහ 83.(b) ඡේද අතර පවතින වෙනස නිවැරදි කිරීමට අදාල පියවර ගැනීමට ජනාධිපති ලේකම් වෙත දැනුම් දී ඇති හෙයින් ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(b) ඡේදය මූලාශ්‍රය කර ගනිමින් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ (Determination) / තීන්දු (Judgement)/ මත (Opinion) නැවත සමාලෝචනය කිරීමට, නෛතික සළකා බැලීමට ලක්කළ යුතු වන අතර (Per Incuriam) මේ වැරැද්ද හේතුවෙන් අයුක්තියට පත් ජනාධිපතිවරයෙකුට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට, කතානායකවරයෙකුට, නීතීඥවරයෙකුට හෝ පුරවැසියෙකුට මේ සම්බන්ධයෙන් නෛතිකව ක්‍රියා කළ හැකිය.
8. 2025 සැප්තැම්බර් 21 ඉරිදා සවස 2.00 - 4.30 - අංක 09, කොළඹ පාර හඳපාන්ගොඩ, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන් දේශන ශාලාවේදී සහ
2025 සැප්තැම්බර් 29 සඳුදා සවස 1.00- 4.45කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී
"මැ.කො. ලිපියෙන් පසු
අනුර වසර 6කටත් , රනිල් 2025 නොවැම්බර් දක්වාත් ජනාධිපති වීම සහ හිටපු අගවිනිසුරු ජයසූරියට එරෙහිව පරීක්ෂණයක් පැවැත්විය යුත්තේත් ඇයි?
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එහි ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් බව මැතිවරණ කොමිසම, නීතීඥවරුන් 209ක් සහ නීතීඥවරුන් නොවන පුරවැසියන් 104ක් විසින් ජනාධිපතිට පෙන්වා දී ඇති බව ජිනීවා මානව හිමිකම් කොමිසමට සහ ජාත්‍යන්තර සංවිධානවලට පෙන්වා නොදිය යුත්තේ ඇයි? මැයෙන් නීති අධ්‍යාපන වැඩසටහන් 2ක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
9. සිංහල භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම සදහා ජනාධිපතිතුමා දැනුවත් කර අදාල නිවැරදි කිරීම සදහා අවශ්‍ය කටයුතු සළසා දෙන ලෙස ජනාධිපති ලේකම්තුමා වෙත මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා විසින් දැනුම් දී ඇති බව " ව්‍යවස්ථාවේ හිලක්, වරද හදන්න මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්ට දන්වයි " 2025.08.18 දින ලංකාදීප පුවත්පතේ මුල් පිටුව මගින් වාර්තා කර ඇති පුවත මගින් වාර්තා කර ඇත.
බලන්න
(ජනපති ධූර කාලය : ව්‍යවස්ථාවේ හිලක්..වරද හදන්න මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්ට දන්වයි...
ලංකාදීප 2025.08.18)
සියත
https://www.youtube.com/live/V-FRpGo_mv0?si=4K6pldVAXCubNZEU&t=335
දෙරණ
https://youtu.be/NRDjvJ-zdgk?si=3ujpyUJ1sUPQWkOd
හිරු
https://youtu.be/FmhXYhwI8eU?si=DRYZZ19p66t1m6IB
සිරස
https://www.facebook.com/share/v/1EDz1trRXp/?mibextid=oFDknk
වොයිස් ටියුබ්
https://youtu.be/k5fWmg69_Jg?si=oB4sXNrw6HBHZ8YS
ද ලීඩර්
https://theleader.lk/news/34587-2025-08-18-05-01-34
]
http://neethiyalk.blogspot.com/2025/08/2.html?m=1
10. මැතිවරණ කොමිෂන් සභාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(ආ) සහ 83.(b) ඡේද අතර වෙනස නිවැරදි කිරීමට අදාල පියවර ගැනීමට ජනාධිපති ලේකම් වෙත දැනුම් දී ඇති හෙයින් අනුප්‍රාප්තික ජනාධිපති වන රනිල් වික්‍රමසිංහ මහතා 2025 නොවැම්බර් දක්වා ජනාධිපති ලෙස ක්‍රියා කළ යුතු හෙයින් ඔහුට එසේ ජනාධිපති ධූරයේ කටයුතු කළ නොහැකි වන්නේනම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මෙන් ඉල්ලා අස්වීම කළ යුතු අතර (2025 නොවැම්බර් දිනට පෙර), නොඑසේනම් ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා නොකරන්නෙකු බවට පත් වන අතර අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගත් ජනාධිපති අපේක්ෂකයා වන අතර ඔහුගේ ධූර කාලය 2025 නොවැම්බර් ප්‍රතිඥා දීමෙන් වසර 6ක කාලයකට පවතී.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col)
සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394
(2025.08.29)
Comments
Post a Comment