Skip to main content

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි කෙටුම්පත්, කෙටුම්පත් කළ නිලධාරීන් පිළිබඳ තොරතුරු තම දෙපාර්තමේන්තුව සතුව නොමැති බව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරි පිළිතුරු ලබා දීමට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් වේ...

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි කෙටුම්පත්, කෙටුම්පත් කළ නිලධාරීන් පිළිබඳ තොරතුරු තම දෙපාර්තමේන්තුව සතුව නොමැති බව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරි පිළිතුරු ලබා දීමට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් වේ...
ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.b ඡේදය, සිංහල භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ ඡේදයට ගැලපෙන ලෙස නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති විසින් ජනාධිපති ලේකම්ට දැනුම් දී ඇති හෙයින් 1978 සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ව්‍යවස්ථා කෙටුම්පත්, කෙටුම්පත් කළ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගැන තොරතුරු, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී වෙතින් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහනේ සමායෝජක නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් 2025.09.16 ඉල්ලා ඇත. එමගින් ඉල්ලා ඇති තොරතුරු වන්නේ.., 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා කෙටුම්පත්, කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සම්බන්ධ වී ඇති බවට නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සතුව වාර්තා/ තොරතුරු තිබේද? ඉහත ප්‍රශ්නයට තොරතුර/ පිළිතුර "ඔව්" ලෙස ලැබෙන්නේ නම් අ.) 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල භාෂා කෙටුම්පත, කෙටුම්පත් කිරීමට සම්බන්ධ වූ නිලධාරියා/ නිලධාරීන් ලෙස වාර්තා වී ඇත්තේ කවුද? ආ.) 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙමළ භාෂා කෙටුම්පත, කෙටුම්පත් කිරීමට සම්බන්ධ වූ නිලධාරියා / නිලධාරීන් ලෙස වාර්තා වී ඇත්තේ කවුද? ඇ.) 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි භාෂා කෙටුම්පත, කෙටුම්පත් කිරීමට සම්බන්ධ වූ නිලධාරියා/ නිලධාරීන් ලෙස වාර්තා වී ඇත්තේ කවුද? ඉංග්‍රීසි භාෂාවෙන් ඇති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.b ඡේදය, සිංහල භාෂාවෙන් ඇති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ ඡේදයට ගැලපෙන ලෙස නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර පළ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති විසින් ජනාධිපති ලේකම් වෙත දැනුම් දී ඇති බව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත වාර්තා වී තිබේද? මෙම් තොරතුරු ඉල්ලීම RTI/7/2025 අංක යටතේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී විසින් ලියාපදිංචි කර ඇති අතර, මෙම තොරතුරු ඉල්ලීමට අදාල වාර්තා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සතුව නොමැති හෙයින් එනම් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කළ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිළිබඳ තොරතුරු නැති පදනමින් එකී තොරතුරු ලබා දීමට නොහැකි බවට 2025.09.17 දින පිළිතුරු ලබා දී ඇත. එසේම ඉංග්‍රීසි භාෂාවෙන් ඇති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.b ඡේදය, සිංහල භාෂාවෙන් ඇති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ ඡේදයට ගැලපෙන ලෙස නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර පළ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති විසින් ජනාධිපති ලේකම් වෙත දැනුම් දී ඇති බව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත වාර්තා වී නැති බව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී පිළිතුරු ලබා දී ඇති අතර තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ස‍ංශෝධනයට අදාල යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයේ යෝජනාවක් ලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු විය යුතු බවත් දන්වා ඇත. මෙම පිළිතුරෙන් අතෘප්තියට පත් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ අභියාචනා කාර්ය පටිපාටිය යටතේ RTI- 10 ආකෘතිය යටතේ අභියාචනයක් නම් කළ නිලධාරී වෙත 2025.09.18 දින ඉදිරිපත් කර ඇත. අභියාචනය ඉදිරිපත් කිරීමට අදාල නෛතික පදනම ලෙස නීතීඥවරයා සඳහන් කර ඇත්තේ සම්පුර්ණ නොවූ, නොමග යවන හෝ සාවද්‍ය තොරතුරු ලබා දීම සහ ඉල්ලා ඇති තොරතුරු වෙත ප්‍රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘතිකර හෝ විනාශකර හෝ අස්ථානකර ඇති බවට සැකකරන බවයි. එසේම පවතින නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ලේඛන සංරක්ෂණය කිරීමට අදාල නීති වලට පටහැනිව පිළිතුරු ලබා දී ඇති බවත් තොරතුරු ලබා නොදී ඇති බවත් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සිය අභියාචනයෙන් දක්වා ඇති අතර, සිය තොරතුරු ඉල්ලීමට අදාල තොරතුරු ලබා දෙන ලෙස නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නම් කළ නිලධාරී වෙතින් ඉල්ලා ඇත. මාධ්‍ය ‍අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 2025.09.18

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...