කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීමට පවතින නීතිය අනුව කළ හැකි බවට උපදෙස් ලබා දුන් නීතිපති සංජය රාජරත්නම්ට එරෙහිව මිනීමැරීමට අනුබල දීම සහ ව්‍යවස්ථාපිත යුතුකම පැහැර හැරීම සම්බන්ධයෙන් පොලිස්පතිට පැමිණිලි.
කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීමට පවතින නීතිය අනුව කළ හැකි බවට උපදෙස් ලබා දුන් නීතිපති සංජය රාජරත්නම්ට එරෙහිව මිනීමැරීමට අනුබල දීම සහ ව්‍යවස්ථාපිත යුතුකම පැහැර හැරීම සම්බන්ධයෙන් පොලිස්පතිට පැමිණිලි.
(ලි. ප. තැ/ අතින්/ විද්‍යුත් තැපෑලෙන්)
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
2021.11.08
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ 01.
නීතිපති සංජය රාජරත්නම් විසින් මිනීමැරීමට අනුබල දීම සහ ව්‍යවස්ථාපිත යුතුකම පැහැර හැරීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීම
1. කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීමට පවතින නීතිය අනුව කළ හැකි බව නීතිපති සංජය රාජරත්නම් මහතා කියා ඇත.
2. ආයුර්වේද ප්‍රතිශක්ති කාඩ් පත ඇති අය සම්බන්ධයෙන් අවධානය යොමු නොකර සහ කෝවිඩ් එන්නතෙන් ශරීරයට වන හානිය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් දක්වන අදහස් සැළකිල්ලට නොගෙන සහ නීතිය පිළිබඳව අවධානය යොමු නොකර නීතිපතිවරයා වැරදි ලෙස සිය උපදෙස් දීම සිදුකර ඇත.
3. නීතිපතිවරයාගේ මෙම ක්‍රියාව සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් වන අතර ස්ව්යං ප්රත්යක්ෂ ලෙසම සදාචාරයට පටහැනි නීතිමය උපදෙස් දීමක් වේ.
4. නීතිපතිගේ මෙම උපදෙස් ලබා දීම මිනීමැරීමට අනුබල දීමක්, ව්‍යවස්ථාමය යුතුකම පැහැර හැරීමක් වන අතර මේ වැරදි ක්‍රියාව කළ. නීතිපති සංජය රාජරත්නම්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිම්.
මෙයට, විශ්වාසී, නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
පිටපත්
1) සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්,සෞඛ්‍ය අමාත්‍යාංශය 385, සුවසිරිපාය, පුජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත, කොළඹ 10,
2) ආයුර්වේද කොමසාරිස්,ආයුර්වේද දෙපාර්තුමේන්තුව, පරණ පාර, නාවින්න,
මහරගම.
3) නීතිපති, නීතිපති දෙපාර්තමේන්තුව, කොළඹ 10.
නියම වැඩක්
ReplyDeleteඅනිවාර්යෙන් සියළුම දෙනා මේ අසාධාරණයට එරෙහිව පෙළ ගැසිය යුතුයි.
ReplyDeleteඅනිවාර්යයෙන්
Deleteඉතා කාලෝචිත සහ වැදගත් පියවරක් .මෙහෙම කටයුතු කිරීමට දේශීය වෛද්‍ය ඇමති කෙනෙක් කුමකටදැයි සිතෙනවා .ඇමැති තුමා අප වෙනුවෙන් පෙනීසිටිමින් අපගේ අයිතිවාසිකම් සහ දේශීය උරුමය රැක දෙන්න.ayoubowan
ReplyDeleteඑන්ගලන්තයෙ වැකිසින් කාඩ් එක අනිවාර්ය කිරීම හකුලා ගත්තා නේද
ReplyDeleteඋසස්පෙළ විබාගයට එන්නත කාඩ්පත නොතිබීම ගැටලුවක් වේවිද
ReplyDeleteදෙවියනවහන්සේ විශ්වාස නොකරන ජනතාවක් මත බලෙන් රෝම - ලන්දේසි නීතිය පටවා ඒ ජනතාව ගේ මානව අයිතිය උල්ලංඝනය කළ පසු ඒ යටතේ කරන සියල්ල මිනිස් අයිතීන් මංකොල්ල කෑමකි.
ReplyDelete