වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන [නෛතික බලවන්ත සමාජයක් සංවර්ධිත රටකට මාර්ගය පෙන්වයි.නීතිය නොදැනීම සමාවට කරුණක් නොවන (Ignorantia Juris Non Excusat) හෙයින් නීතිය දැනගැනීමට ඇති අයිතිය සියලු පුරවැසියන්ට හිමි අයිතියකි.] මව් භාෂාව ප්‍රවර්ධනය කිරීමේ අධ්‍යයන වැඩසටහන යටතේ පවත්වන (නීතිය පිළිබඳව මූලික අධ්‍යයනයක් ලැබීමට අවස්ථාව නොමැති අය සදහා වන) "නීතිය පිළිබඳ මූලික අධ්‍යයන වැඩසටහන" - සිංහල මාධ්‍ය - කාලය මාස 3 1/2) (මුදල් අය කිරීමක් නැත. අවශ්‍ය වැදගත් නීති මූලාශ්‍ර සහ සටහන් ලබා දේ.) සහභාගීවීම සදහා තමා විසින් සකසාගත් අයදුම් පතක් ලියාපදිංචි තැපෑලෙන් යොමුකළ යුතුය. සමාරම්භක දිනය : 2018.09.22 වේලාව : පෙ.ව. 9.30 - ප.ව.2.30. ස්ථානය : අංක 09. කොළඹ පාර, හදපාන්ගොඩ. විමසීම - නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) දුරකථන 071 2063394 විද්‍යුත් ලිපිනය arunaunawatuna@gmail.com නීතිය පිළිබඳ මූලික අධ්‍යයන වැඩසටහනේ අන්තර්ගතය ( වෙනස් විය හැකිය) (නීතිය පිළිබඳව උනන්දුවක් ඇති නමුත් නීතිය අධ්‍යයනය කිරීමට අවස්ථාවක් නැති ඕනෑම අයෙකුට ඉල්ල...