Skip to main content

වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන


වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන

[නෛතික බලවන්ත සමාජයක් සංවර්ධිත රටකට මාර්ගය පෙන්වයි.නීතිය නොදැනීම සමාවට කරුණක් නොවන (Ignorantia Juris Non Excusat) හෙයින් නීතිය දැනගැනීමට ඇති අයිතිය සියලු පුරවැසියන්ට හිමි අයිතියකි.]

මව් භාෂාව ප්‍රවර්ධනය කිරීමේ අධ්‍යයන වැඩසටහන යටතේ පවත්වන (නීතිය පිළිබඳව මූලික අධ්‍යයනයක් ලැබීමට අවස්ථාව නොමැති අය සදහා වන) "නීතිය පිළිබඳ මූලික අධ්‍යයන වැඩසටහන" - සිංහල මාධ්‍ය - කාලය මාස 3 1/2)

(මුදල් අය කිරීමක් නැත. අවශ්‍ය වැදගත් නීති මූලාශ්‍ර සහ සටහන් ලබා දේ.)

සහභාගීවීම සදහා තමා විසින් සකසාගත් අයදුම් පතක් ලියාපදිංචි තැපෑලෙන් යොමුකළ  යුතුය.

සමාරම්භක දිනය : 2018.09.22
වේලාව : පෙ.ව. 9.30 - ප.ව.2.30.
ස්ථානය : අංක 09. කොළඹ පාර, හදපාන්ගොඩ.

විමසීම - නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col)
දුරකථන 071 2063394
විද්‍යුත් ලිපිනය arunaunawatuna@gmail.com

නීතිය පිළිබඳ මූලික අධ්‍යයන වැඩසටහනේ අන්තර්ගතය ( වෙනස් විය හැකිය)

(නීතිය පිළිබඳව උනන්දුවක් ඇති නමුත් නීතිය අධ්‍යයනය කිරීමට අවස්ථාවක් නැති ඕනෑම අයෙකුට ඉල්ලුම් කළ හැකිය)


* නීතියේ පසුබිම සහ නීතියේ ආධිපත්‍යය
* නීතියේ දාර්ශනික පදනම සහ නීතියේ භූමිකාව 
* නීතිය සහ ආගම
* විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය
* නඩු කටයුතු ප්‍රසිද්ධියේ පැවැත්වීම
* නීතියේ මූලික වර්ගීකරණය සහ නීති මූලාශ්‍ර
* ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
* මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය
* පරිපාලන නීතියේ මූලධර්ම
* පොලීසිය සතු බලය සහ එහි සීමා
* සාක්ෂි නීතියේ මූලධර්ම සහ විශේෂඥ සාක්ෂි 
* මුල් අවස්ථා අධිකරණ සහ ඒවා සතු අධිකරණ බලය
* අභියාචනා සහ ප්‍රතිශෝධන අධිකරණ බලය 
* උපරිමාධිකරණවල අධිකරණ බලය
* ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන
* රටේ ඒකීය භාවය ආරක්ෂා කර ඇති නීතිමය ප්‍රතිපාදන
* මැතිවරණ වර්ග සහ ඡන්ද පෙත්සම්
* ශ්‍රේෂ්ඨාධිකරණ රීති
* අත්අඩංගුවට ගැනීම, බන්ධනාගාර ගත කිරීම සහ ඇප දීම සම්බන්ධ නීතිය
* රථවාහනවලට අදාල නීතිය
* අන්තිම කැමති පත්‍ර නීතිය
* බුද්ධිමය දේපළ නීතිය
* විවාහය සම්බන්ධ නීතිය 
* සේවා අයිතිවාසිකම්,  කම්කරු නීතිය සහ
* කම්කරු විනිශ්චය සභා
* වනජීවී සහ වෘක්ෂලතා සම්බන්ධ නීතිය
* ව්‍යාපාර සහ වාණිජ කටයුතු සම්බන්ධ නීතිය
* පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධ නීතිය
* කාලාවරෝධය සම්බන්ධ නීතිය
* දෝෂාභියෝග  සම්බන්ධ නීතිය
* නඩත්තු නීතිය සහ එහි ක්‍රියාකාරිත්වය
* ස්වාධීන කොමිසන් සභා
* දිවුරුම් ප්‍රකාශ 


Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද? ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ "ජයිකා" ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ජනාධිපති නීතීඥවරුන් 3ක් සහ තවත් නීතීඥවරුන් 2ක් විසින් ලබා ගෙන ඇති බවට වන සාකච්ඡාවක් පසුගිය සති 2ක පමණ කාලයක සිට ඇරඹී ඇත. එකී ලබා ගත් මුදල් කිහිප දෙනෙකු විසින් නැවත ආපසු ලබා දීමෙන් මෙම ප්‍රශ්නය අවසන් නොවන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා සහ අලගරත්නම් මහතා යන පංච පුද්ගල කමිටුවක්ද මේ වන විට පත්කර ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු නීතීඥවරුන්ගේ, විනිසුරුවරුන්ගේ පමණක් නොව ජනතාවගේද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන නීතියේ පාලනය සුරකින ආයතනයකි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වශයෙන් ජාත්‍යන්තර ආධාර ලැබෙන බවත් ශ...

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි.

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි. නීති ග්‍රන්ථ ගණනාවක් ලියා ඇති, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ නීතිය පිළිබඳ ලිපි ලියන, නිතිය පිළිබඳ අධ්‍යාපන වැඩසටහන්, වැඩමුළු පවත්වන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියක් සහ උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇති නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් සාධාරණ නඩු විභාගයක් පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා වන පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට ක්‍රියා කර ඇත. එකී යෝජිත පනත් කෙටුම්පත අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (A Bill to Protection of the Rights of Persons Presenting Submissions before Courts, Tribunals and Institutions.) යන දීර්ඝ නාමයෙන් හදුන්වා ඇත. එකී පනත් කෙටුම්පතේ වගන්ති 5ක් දැක්වෙන අතර එහි 3 වන වගන්තිය මගින් "අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ට වෙනත් ලිඛිත ...