Skip to main content

වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන


වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන

[නෛතික බලවන්ත සමාජයක් සංවර්ධිත රටකට මාර්ගය පෙන්වයි.නීතිය නොදැනීම සමාවට කරුණක් නොවන (Ignorantia Juris Non Excusat) හෙයින් නීතිය දැනගැනීමට ඇති අයිතිය සියලු පුරවැසියන්ට හිමි අයිතියකි.]

මව් භාෂාව ප්‍රවර්ධනය කිරීමේ අධ්‍යයන වැඩසටහන යටතේ පවත්වන (නීතිය පිළිබඳව මූලික අධ්‍යයනයක් ලැබීමට අවස්ථාව නොමැති අය සදහා වන) "නීතිය පිළිබඳ මූලික අධ්‍යයන වැඩසටහන" - සිංහල මාධ්‍ය - කාලය මාස 3 1/2)

(මුදල් අය කිරීමක් නැත. අවශ්‍ය වැදගත් නීති මූලාශ්‍ර සහ සටහන් ලබා දේ.)

සහභාගීවීම සදහා තමා විසින් සකසාගත් අයදුම් පතක් ලියාපදිංචි තැපෑලෙන් යොමුකළ  යුතුය.

සමාරම්භක දිනය : 2018.09.22
වේලාව : පෙ.ව. 9.30 - ප.ව.2.30.
ස්ථානය : අංක 09. කොළඹ පාර, හදපාන්ගොඩ.

විමසීම - නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col)
දුරකථන 071 2063394
විද්‍යුත් ලිපිනය arunaunawatuna@gmail.com

නීතිය පිළිබඳ මූලික අධ්‍යයන වැඩසටහනේ අන්තර්ගතය ( වෙනස් විය හැකිය)

(නීතිය පිළිබඳව උනන්දුවක් ඇති නමුත් නීතිය අධ්‍යයනය කිරීමට අවස්ථාවක් නැති ඕනෑම අයෙකුට ඉල්ලුම් කළ හැකිය)


* නීතියේ පසුබිම සහ නීතියේ ආධිපත්‍යය
* නීතියේ දාර්ශනික පදනම සහ නීතියේ භූමිකාව 
* නීතිය සහ ආගම
* විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය
* නඩු කටයුතු ප්‍රසිද්ධියේ පැවැත්වීම
* නීතියේ මූලික වර්ගීකරණය සහ නීති මූලාශ්‍ර
* ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
* මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය
* පරිපාලන නීතියේ මූලධර්ම
* පොලීසිය සතු බලය සහ එහි සීමා
* සාක්ෂි නීතියේ මූලධර්ම සහ විශේෂඥ සාක්ෂි 
* මුල් අවස්ථා අධිකරණ සහ ඒවා සතු අධිකරණ බලය
* අභියාචනා සහ ප්‍රතිශෝධන අධිකරණ බලය 
* උපරිමාධිකරණවල අධිකරණ බලය
* ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන
* රටේ ඒකීය භාවය ආරක්ෂා කර ඇති නීතිමය ප්‍රතිපාදන
* මැතිවරණ වර්ග සහ ඡන්ද පෙත්සම්
* ශ්‍රේෂ්ඨාධිකරණ රීති
* අත්අඩංගුවට ගැනීම, බන්ධනාගාර ගත කිරීම සහ ඇප දීම සම්බන්ධ නීතිය
* රථවාහනවලට අදාල නීතිය
* අන්තිම කැමති පත්‍ර නීතිය
* බුද්ධිමය දේපළ නීතිය
* විවාහය සම්බන්ධ නීතිය 
* සේවා අයිතිවාසිකම්,  කම්කරු නීතිය සහ
* කම්කරු විනිශ්චය සභා
* වනජීවී සහ වෘක්ෂලතා සම්බන්ධ නීතිය
* ව්‍යාපාර සහ වාණිජ කටයුතු සම්බන්ධ නීතිය
* පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධ නීතිය
* කාලාවරෝධය සම්බන්ධ නීතිය
* දෝෂාභියෝග  සම්බන්ධ නීතිය
* නඩත්තු නීතිය සහ එහි ක්‍රියාකාරිත්වය
* ස්වාධීන කොමිසන් සභා
* දිවුරුම් ප්‍රකාශ 


Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...