සමාජ මාධ්‍ය ජාල වසා දැමීමේ යටි අරමුණ වත්මන් ඉස්ලාම් අන්තවාදීන් සොයන මෙහෙයුමෙන් අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් විදේශීය හමුදා මැදිහත්වීමට සහ ජාත්‍යන්තර යුක්ති අධිකරණයට/International Court Of Justic අවසර ලැබෙන ලංකාවේ නීතිය පිළිබද සාකච්ඡාව වැළක්වීමද.....? ඉස්ලාම් ත්‍රස්තවාදය තුරන් කිරීමට කියන වර්තමාන යුධ හමුදා මෙහෙයුම් විදේශීය හමුදා මැදිහත්වීමක් දක්වා දීර්ඝ වන බවත් ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ නඩු විභාගවන වර්තමාන සමාජ මාධ්‍ය තොරතුරු දැන ගැනීමේ වාරණය ඒ සදහා මාර්ගය පාදා ගැනීමකට උත්සාහයක් බවත් මෙම ලිපියෙන් පෙන්වා දේ. එක්තරා මන්ත්‍රීවරයෙක් හමුදාව මියගිය බවට සජීවී විකාශයක ජනතාව නොමග යවන අසත්‍ය තොරතුරු ප්‍රකාශ කළද ජනතාව ඇවිස්සුනාද? ප්‍රජාතන්ත්‍රවාදය අවභාවිත කරමින් මැතිවරණ නොතියා ඡන්දය නොපවත්වා ඇත. ඒත් ජනතාව ඇවිස්සුනාද? මේ ආණ්ඩුව සිය පාලනය ගෙනයන්නේ නැති ප්‍රශ්න ඇතිකර ඒවාට පිළිතුරු සෙවීමෙනි. ඉතිහාසයේ කවර ආණ්ඩුවකටත් වඩා ජනතාවගෙන් තොරතුරු සගවා ක්‍රියා කලේ වත්මන් යහපාලන ආණ්ඩුව ය. මේ බවට මූලික සාධක 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවී...