Skip to main content

"බුද්ධ ශාසනය" සහ පෙරදිග ශිෂ්ටාචරය අභිබවා "බුද්ධ දර්ශනය" සමග එංගලන්තයේ සහ අපරදිග ආධිපත්‍යය පතුරවන "නාගානන්ද" ව්‍යවස්ථාව.......

"බුද්ධ ශාසනය" සහ පෙරදිග ශිෂ්ටාචරය අභිබවා  "බුද්ධ දර්ශනය" සමග එංගලන්තයේ සහ අපරදිග ආධිපත්‍යය පතුරවන "නාගානන්ද" ව්‍යවස්ථාව.......


වර්තමානයේ ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසියට පරිවර්තනය නොවී පවතින ස්ථාන 2කි. ඒ "බුද්ධ ශාසනය"  ඇතුලත් 9 වන ව්‍යවස්ථාවේ කොටස සහ 7වන ව්‍යවස්ථාවේ සහ 3වන උපලේඛනය මගින් නිරූපිත ජාතික ගීයේ පදමාලාවයි.

(ජාතික ගීයේ පදමාලාවේ දෙමළ පරිවර්තනය දෙමළ භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1978 සිටම ඇතුලත් කර තිබීමෙන් ජාතික ගීය සිංහල -දෙමළ භාෂා දෙකෙන්ම ගායනා කිරීම සම්බන්ධව ගැටලු වර්තමානයේ මතු වී ඇත.)

"බුද්ධ ශාසනය" කියන වචන ඉංග්‍රීසියෙන් පරිවර්තනය නොවී ඒ ආකාරයෙන්ම ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින හෙයින එම වචන අර්ථනිරූපණය කිරීමට එංගලන්තයට හෝ එංගලන්ත නීති වාර්තා වලින් හැකියාවක් නැත. එය අර්ථනිරූපණය කළ යුත්තේ අටුවා, ටිකා සහ පෙරදිග ධර්ම ග්‍රන්ථ මගින් සහ පෙරදිග චින්තකයන්ගේ අදහස් විමසීමෙනි.

"බුද්ධ ශාසනය" සම්බන්ධව ගැටලුවක් ඇති වන විට එම වචන අර්ථනිරූපණය කිරීමට පෙරදිග ශිෂ්ටාචරය විමසා බැලිය යුතුය.

නාගානන්ද ව්‍යවස්ථාවෙන්  කරන්නේ එම වචන දෙක එනම්  "බුද්ධ ශාසනය" වචන ඉවත්කර ඉංග්‍රීසියට පරිවර්තනය කළ හැකි "බුද්ධ දර්ශනය" යන වචන ඇතුල් කිරීමයි. එවිට ලංකාව සම්බන්ධව, බුදු දහම සම්බන්ධයෙන් තීරණ ගැනීමට සම්පූර්ණයෙන් බ්‍රිතාන්‍යයට/ බටහිරට පුලුවන. මන්ද "බුද්ධ දර්ශනය" යන වචනය ඉංග්‍රීසියට පරිවර්තය කළ හැකි හෙයිනි.

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසියෙන් පරිවර්තනය වී ඇති සෑම වචනයකම නීතිමය අර්ථනිරූපණය එංගලන්ත නීති වාර්තා (All England Law Report) සහ ඉංග්‍රීසි නීතිය සහ බටහිර ව්‍යවස්ථා නීති විශාරදයන්ගේ මත පදන්ම් වී ගනු ලබන බව නීතිය පිළිබද මූලික අවබෝධය ඇති අය දනී.

"බුද්ධ ශාසනය" යන ඉංග්‍රීසියට පරිවර්තනය කළ නොහැකි පෙරදිග පෙරදිග වචන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත්කිරීමටත්, එමගින් පෙරදිග ශිෂ්ටාචරයට තර්ජනයක් කිරීමටත්  ඉඩ දිය යුතු නොවේ..

"බුද්ධ ශාසනය"යන්න ඉංග්‍රීසියෙන් පරිවර්තනය නොවී ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින හෙයින් එංගලන්ත නීති වාර්තා මගින් එය අර්ථනිරූපණය කළ නොහැකිය.

"නාගානන්ද" ව්‍යවස්ථාවෙන් සූදානම් වන්නේ බුද්ධ ශාසනය යන්න  ඉවත්කර එංගලන්ත නීති වාර්තා වලින් සහ බටහිරට අවශ්‍ය ආකාරයට අර්ථනිරූපණය කළ හැකි "බුද්ධ දර්ශනය" ඇතුල් කිරීමයි.

මෙසේ කිරීමෙන් සිදුවන්නේ බුදු දහම සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීමට එංගලන්තයට අවස්ථාව ලබා දීමයි. එනම් බුදු දහමේ පෙරදිග චින්තනය වෙනුවට අපරදිග චින්තනය ඇතුලු වී බුද්ධ ශාසනය පරිහාණියට පත් වීමයි. පෙරදිග චින්තනයේ සහ පෙරදිග ශිෂ්ටාචරයේ ආරක්ෂාව ලබන්නෝ මෙයට ඉඩදිය යුතු නැත.
(නීතිඥ අරුණ ලක්සිරි උණවටුන)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...