ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා ගැනීමට ජනතාවගේ අත්සන් ලක්ෂයක් එකතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී, විනයවත් සහ සංවර්ධිත සමාජයක් වෙනුවෙනි......!
(නඩු තීන්දු සිංහලෙන් ලබා ගැනීමේ අත්සන් ලක්ෂය සදහ සහාය දැක්වීමට මෙහි සදහන් නගරවල අයෙක් සමග සම්බන්ධ විය හැකියි...) ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා ගැනීමට ජනතාවගේ අත්සන් ලක්ෂයක් එකතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී, විනයවත් සහ සංවර්ධිත සමාජයක් වෙනුවෙනි......! ශ්‍රී ලංකාවේ නීතිය සොයාගත හැකි ප්‍රධාන නීති මූලාශ්‍ර 2කි. 1. පාර්ලිමේන්තුව සම්මත කරන පනත් 2. ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු “නීතිය නොදැනීම සමාවට කාරණයක් නොවන හෙයින්” ස්වාධීන රටක නීති පැනවීම ස්වදේශීය ජනතාවට කියවිය හැකි භාෂාවෙන් ලබා දීම ශිෂ්ට ලෝකයේ පිළිගැනීමයි. පාර්ලිමේන්තුව නීති පැනවීම ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධාන නීති මූලාශ්‍ර 2ක අතරින් එකක්වන්නේ පාර්ලිමේන්තුව සම්මත කරන පනත්ය. පාර්ලිමේන්තුව රටේ බහුතර ජනතාවගෙන් සගවා නීති පැනවීම සිදු නොකරන අතර පාර්ලිමේන්තුව පනවන නීති එනම් පනත් සිංහල භාෂාවෙන් පනවා එයට ප්‍රමුඛස්ථානයද ලබා දී ඇත. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සම්මත කරන පනත් සිංහල සහ දෙමළ භාෂාවෙන් සහ ඉංග්‍රීසි පරිවර්තනයක් සමග පනවනු ලැබේ. එමෙන්ම ...