ඉංග්‍රීසියෙන් නීති පැනවීමට නොහැකි බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති විධිවිධාන යලි තහවුරු කරන නඩු තීන්දු සිංහලෙන් ඉල්ලන පුරවැසි අත්සන් ලක්ෂය.....!
ඉංග්‍රීසියෙන් නීති පැනවීමට නොහැකි බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති විධිවිධාන යලි තහවුරු කරන නඩු තීන්දු සිංහලෙන් ඉල්ලන පුරවැසි අත්සන් ලක්ෂය.....!
ශ්‍රී ලංකාවේ නීති පැනවීමේ භාෂාව සිංහල සහ දෙමළ වේ. ඉංග්‍රීසි භාෂාවෙන් පැනවිය හැක්කේ සිංහලෙන් පනවන නීතියේ පරිවර්තයක් පමණි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ අධිකරණවල නීති තර්ක ඉදිරිපත් කරන්නේ ප්‍රමුඛස්ථානයේ ඇති සිංහල පනත/නීතිය මත නොව පරිවර්තනයක් ලෙස මුද්‍රණය කර ඇති ඉංග්‍රීසි පනතේ/ නීතිය දෙස බලාගෙනය. ප්‍රාථමික නීතිය පසෙකලා ද්විතීක නීතිය අනුව නීති තර්ක ඉදිරිපත් කරන්නේ කවර නීති ප්‍රතිපාදනයක් අනුවද යන්න පැහැදිලි නැතත් ඉංග්‍රීසියෙන් ඇති පරිවර්තනය දෙස බලා යුක්තිය පසිදලීම ශ්‍රී ලංකාවේ සිදු වේ. මෙය නිවැරැදි නීතිය පසිදලීම නොවුණත් සිදුවන්නේ එයයි.
එනම් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉංග්‍රීසි භාෂාවෙන් ලංකාවේ නීති පැනවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ ඉඩක් ලබා දී නැත.
එසේ නම් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නඩු තීන්දු ලබා දී (එම අධිකරණ දෙකේ සෑම නඩු තීන්දුවක්ම නීති වේ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ නීති පැනවීමට අදාල විධිවිධානවලට පටහැනි වන්නේද? යන්න නීතියට අනුව විමසා බැලිය යුතුය. මන්ද නීති පැනවීමට අදාලව භාෂාව සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විධිවිධාන සළසා තිබියදී එයට වෙනස්වන ආකාරයට වෙනත් භාෂාවකින් වෙනත් ආයතනයක්/ අධිකරණයක් නීති පනවන්නේ නම් එය පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි තත්ත්වයකි.
"වැටත් නියරත් ගොයම් කා නම් කාට කියනුද ඒ අමාරුව" යන්න ජනතාව තවදුරටත් ඉවසා සිටිය යුතු නැත. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය වේවා කවර ආයතනයක් වේවා ජනතාවගේ භාෂා පරමාධිපත්‍යයට බලපාන ආකාරයේ ක්‍රියාවක් කරන්නේ නම් එය නිවැරදි කිරීමට වහා ඉදිරිපත් විය යුතුය.
සිංහල භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු ඉල්ලීමට/ නීති පනවන ලෙස ඉල්ලීමට පුරවැසියන්ගේ අත්සන් ලක්ෂය එක්තු කිරීම මේ වනවිට සාර්ථකව දිවයින පුරා ක්‍රියාත්මක වන්නේ ඒ අනුවය.
ඇතැම් අය ඉහළ අධිකරණ තීරණ දෙමළ භාෂාවෙන්ද ලබා දිය යුතු බව ඒ අතර කියනුද අසන්නට සහ දකින්නට ලැබේ.ඔවුන් එය කියන්නේ අවංක අදහසකින්ද විය හැකිය. නමුත් ඒ අය මේ දක්වා ලංකාවේ බහුතර ජනතාව වන සිංහල ජනතාව ඉංග්‍රීසි භාෂාවෙන් ඉහළ අධිකරණ තීරණ ලැබීම නිසා අත්විදින පීඩාවන් සහ දුෂ්කරතාවයන් ඉවසා සිටි අයයි.
පාර්ලිමේන්තුව නීති පැනවීමේදි සිංහල පනතට මුල්තැන/ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර එසේ තිබියදී නීති පනවන අනෙක් ආයතන දෙක වන ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නඩු තීන්දු හරහා නීති පැනවීම හේතුවෙන් නීති පැනවීමේ භාෂා අතර අර්බුදකාරී තත්ත්වය මතුකර ඇත.
ඉංග්‍රීසි භාෂාවෙන් නීති පැනවීමට වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ ඉඩක් නැති නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නඩු තීන්දු හරහා නීති පැනවීම මේ නීති අර්බුදයට සහ ව්‍යවස්ථා ගැටීමට හේතුවයි.
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නඩු තීන්දු හරහා නීති පැනවීමේදී සිංහල භාෂාවෙන් නීති පැනවීම සිදු නොකිරීම සිංහල ජනතාවගේ / රටේ බහුතර ජනතාවගේ මානව හිමිකම් අහිමි කිරීමක්ද වේ.
දෙමළ ජනතාවට දෙමළ භාෂාවෙන් නීති පැනවීම අවශ්‍යයි යන්න හොද තර්කයකි. එය එසේ තර්ක කිරීමට පෙර දෙමළ ජනතාව මේ දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු
දෙමළ්ස භාෂාවෙන් ඉල්ලා නොසිටීමද බුද්ධියෙන් අවබෝධ කරගත යුතුය.
දෙමළ ජනතාවට නීතිය දැන ගැනීමට අවශ්‍ය නම් ඔවුන් ඒ සදහා ඉල්ලීම කළ යුතුය. සිංහල භාෂා අයිතිය තහවුරු කර ඇති විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේදී පමණක් දෙමළ භාෂා අයිතිය වෙනුවෙන් පෙනී සිටින ඇතැම් සංවිධාන ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නඩු තීන්දු ඔස්සේ ඉංග්‍රීසියෙන් පමණක් නීති පැනවීමේදී දෙමළ ජනතාවට අහිමිවන භාෂා අයිතිය ගැන කතාකරන්නේ නැත.
සිංහල භාෂා අයිතිය අහිමි කිරීමට දෙමළ භාෂා අයිතිය ඉල්ලා සිටිනවා මිස අවංකව දෙමළ ජනතාව නීතියෙන් දැනුවත් කිරීමට උත්සාහ කිරීමට එකී සංවිධාන ක්‍රියා කරන්නේ නැත.
ඉංග්‍රීසි භාෂාව ඇති තැන එයට එරෙහිව දෙමළ භාෂාව ඉල්ලා සිරින්නේ නැත. මන්ද දෙමළ ජනතාව සිංහල විරෝධීවීමට පොළඹවනවා මිස ඉංග්‍රීසියට එරෙහිව ක්‍රියාකරවීමට මේ තැනැත්තෝ කටයුතු කරන්නේ නැත.? මෝටර් රථවල "ශ්‍රී" අකුරට එරෙහි වී කලු තෙල් ගෑවාට ඉංග්‍රීසි අකුරු ආවිට එයට එකග වුණේ මේ මතය.
මේ ප්‍රශ්නය කලු සුද්දන්ගේ සහ බමුණු කුලයේ ප්‍රශනයක් මිස සිංහල දෙමළ ප්‍රශ්නයක්ද? ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු දෙමළ භාෂාවෙන් ලබා ගැනීමට දෙමළ ජනතාවට අවශ්‍යතාවයක් මේ දක්වා පැන නැගී නැති අතර 1815 උඩරට ගිවිසුම පවා දෙමළ භාෂාවෙන් නොතිබුණි. උඩරට ගිවිසුම ඇත්තේ සිංහල සහ ඉංග්‍රීසි භාෂවෙන් පමණි.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු නීති ලෙස සළකන හෙයින් "නීතිය නොදැනීම සමාවට කරුණක් නොවන හෙයින්" ඒවා සිංහල භාෂාවෙන් ලබා දීමෙන් රටේ බහුතර ජනතාවට නීතිය දැනගැනීමට හේතුවන අතර අවශ්‍යතාවයක් වෙතොත් ප්‍රංශ, හිංදි, දෙමළ, ඉංග්‍රීසි, ජපන් පරිවර්තන ලබා දීමට හැකිය.
දියුණු සෑම රටකම ඉහළම අධිකරණ නඩු තීන්දු ලබා දෙන්නේ ඒරටවල බහුතර ජනතාවගේ භාෂාවෙන් වන අතර ලංකාවේ එසේ නොවේ.
නොදියුණු රටවල පාලකයෝ ජනතාවට නීතියට ඇති ප්‍රවේශය ඈත්කරනවා මිස ලගාකරන්නේ නැත.
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ලබා ගැනීමට ජනමතය විමසන ලෙස ඉල්ලා සිටින පුරවැසි අත්සන් ලක්ෂය ලංකාවේ බහුතර ජනතාවගේ නීතියේ නිදහසේ ජයග්‍රාහී ඉසව්ව වේ.
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
BSc(Col), PGDC(Col)
(සමායෝජක)
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවට කියවිය හැකි පරිදි සිංහල භාෂාවෙන් ලබා ගැනීම වෙනුවෙන් වන වැඩසටහන.
2019.08.12
Comments
Post a Comment