ඇතැම් විශාරදයන් ජනතාවගෙන් සගවන 19වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර පැවති 44.2 ව්‍යවස්ථාව, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අමාත්‍යය ධූරයක් දැරීමට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල බාධාව සහ එය ජයගත හැකි ආකාරය.....!
ඇතැම් විශාරදයන් ජනතාවගෙන් සගවන 19වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර පැවති 44.2 ව්‍යවස්ථාව, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අමාත්‍යය ධූරයක් දැරීමට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල බාධාව සහ එය ජයගත හැකි ආකාරය.....! 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් වෙනස්කිරීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44.2 අනු ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට තමා යටතේ තිබිය යුතු අමාත්‍යාංශ සංඛ්‍යාව නිශ්චය කිරීමටත්, අමාත්‍යාංශයක යම් විෂයක් හෝ කාර්යයක් පවරා ගැනීමටත් ප්‍රතිපාදන සළස්වා තිබුණි. එහෙත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අමාත්‍යධූර දැරීමට තිබූ එකී අයිතිවාසිකම සහ ව්‍යවස්ථානුකූල බලය ඉවත්කරනු ලැබීය. එසේ ඉවත් කරනු ලැබූයේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 9වන වගන්තිය මගිනි. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් වෙනස්කිරීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44.(2) අනු ව්‍යවස්ථාව මෙසේය. 44(2) ජනාධිපතිවරයා විසින් යම් විෂයයක් හෝ කාර්යයක් තමාට ම පවරා ගැනීම කළ හැකි අතර මේ ව්‍යවස්ථාවේ (1) වැනි අනුව්‍යවස්ථාවේ විධිවිධාන යටෙත් හෝ 45 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනුව්‍යවස්ථාව...