Skip to main content

නීතිඥවරුන්ට අධිකරණ කටයුතු සදහා සහභාගීවීමට ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාවල දිස්ත්‍රික්ක අතර ගමන් කිරීමට වැඩබලන පොලිස්පති 2020.05.05 සහ ආර්ටීඑම් 175 පණිවිඩය මගින් (2020.04.28 ආර්ටීඑම් 999 සංශෝධන‍ය කර) නීතිඥ හැදුනුම්පතට අවසර ලබා දීම සම්බන්ධවයි.


විද්‍යුත් තැපෑලෙනි (2020.05.07)

සී. ඩී. වික්‍රමරත්න මහතා
වැඩබලන පොලිස්පති,
පොලිස් මූලස්ථාන,
කොළඹ 01,
විද්‍යුත් තැපෑල :- igp@police.lk

නීතිඥවරුන්ට අධිකරණ කටයුතු සදහා සහභාගීවීමට ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාවල දිස්ත්‍රික්ක අතර ගමන් කිරීමට වැඩබලන පොලිස්පති 2020.05.05 සහ ආර්ටීඑම් 175 පණිවිඩය මගින් (2020.04.28 ආර්ටීඑම් 999 සංශෝධන‍ය කර) නීතිඥ හැදුනුම්පතට අවසර ලබා දීම සම්බන්ධවයි.

1. ආර්ටීඑම් 999 සහ 2020.04.28 දිනැති පණිවිඩයට අනුව, අවදානම් කළාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කයක අධිකරණ කටයුතුවලට වෙනත් දිස්ත්‍රික්කයක සිට ඇදිරි නීතිය පවතින අවස්ථ සහභාගීවීමට ඇදිරි නීති බලපත් ලබා ගන්නා ලෙස නීතිඥවරුන්ට දැනුම් දී තිබූණි.

2. සියලු අවස්ථානුගත තත්ත්වයන් සළකාබලා උක්ත ආර්ටීඑම් 999 හි කරුණු අංක 03 සංශෝධනය කරමින් වැඩබලන පොලිස්පති 2020.05.05 සහ ආර්ටීඑම් 175 පණිවිඩය මගින් නීතිඥවරුන්ට අධිකරණ කටයුතු සදහා සහභාගීවීමට ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාවල දිස්ත්‍රික්ක අතර ගමන් කිරීමට නීතිඥ හැදුනුම්පත යොදාගැනීමට අවසර දීම සම්බන්ධයෙන් ස්තුතිය ප්‍රකාශ කරමි.

මෙයට,
විශ්වාසී,

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
(දුර. 0712063394)
විද්‍යුත් තැපෑල :- arunaunawatuna@gmail.com

පිටපත් -
1.නීතිඥ හරිගුප්තා රෝහනධීර, අධ්‍යක්ෂ ජනරාල්(නීති), ජනාධිපති ලේකම් කාර්යාලය. කොළඹ 01.
විද්‍යුත් තැපෑල :- ps@presidentsoffice.lk

2.සභාපති, ශ්‍රී ලංකා නීතිඥ සංගමය. කොළඹ 12.
විද්‍යුත් තැපෑල :- basl.lawnet@gmail.com

3.නීතිපති, නීතිපති දෙපාර්තමේන්තුව, කොළඹ 12.
විද්‍යුත් තැපෑල :- administration@attorneygeneral.gov.lk

නීතිඥවරුන්ට අධිකරණ කටයුතු සදහා සහභාගීවීමට ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාවල දිස්ත්‍රික්ක අතර ගමන් කිරීමට වැඩබලන පොලිස්පති 2020.05.05 සහ ආර්ටීඑම් 175 පණිවිඩය මගින් (2020.04.28 ආර්ටීඑම් 999 සංශෝධන‍ය කර) නීතිඥ හැදුනුම්පතට අවසර ලබා දීම...




Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...