Skip to main content

නීතිය ඉදිරියේ සමානාත්මතාවය අයදීමේ දී එක්සත් ජනපදයේ කලු ජාතිකයන් බොහෝ ඉදිරියෙන් බව ජෝර්ජ් ෆ්ලොයිඩ් කෲර ඝාතනයට එරෙහි ‘ජනතා හඩ’ සාක්ෂි දරයි…!

නීතිය ඉදිරියේ සමානාත්මතාවය අයදීමේ දී එක්සත් ජනපදයේ කලු ජාතිකයන් බොහෝ ඉදිරියෙන් බව ජෝර්ජ් ෆ්ලොයිඩ් කෲර ඝාතනයට එරෙහි ජනතා හඩ සාක්ෂි දරයි…!

The people’s voice against the brutal slaughter of George Floyd clearly shows that the Blacks in United States are a great deal ahead in Equality before the law…!



නිදහස් ප්‍රකාශය (Declaration of independence - 1776) නිකුත් කරමින් එක්සත් ජනපදය අමරිකානු විප්ලවීය යුද්ධයෙන් (1775-1783) බ්‍රිතාන්‍ය කිරීටයේ අධිකාරය අවසන් කරන ලදී. 1783 පැරිස් ප්‍රඥප්තිය මගින් එය නිදහස් රාජ්‍යයක් ලෙස පිළින්නා ලදි.

දකුණු අප්‍රිකාව, ඉංදියාව, ශ්‍රී ලංකාව මෙන්ම එක්සත් ජනපදයද ඇතුළු තවත් රටවල් බ්‍රිතාන්‍යය යටත් විජිතව පැවති අතර ඒ නිසාම බ්‍රිතාන්‍යයන් විසින් හදුන්වාදුන් බලවතුන් සහ දුබලයන් සදහා වෙන් වූ වර්ගවාදී නීති වලින් ඒ රටවල් පාලනය කෙරිණි.

බ්‍රිතාන්‍යය යටත් විජිත වූ අන් රටවල් මෙන් නොව එක්සත් ජනපදය, ආයුධ සන්නද්ධ විප්ලවයකින් බ්‍රිතාන්‍යයන් පළවා හැරි ලොව එකම රාජ්‍යය වුවත් බ්‍රිතාන්‍යයන් හදුන්වාදුන් වර්ග බේදය තහවුරු කළ නීති සහ පීඩිතයන් පීඩාවට පත් කරන නීති එහි ශක්තිමත්ව ස්ථාපිත වී තිබීම එරට සමාජයේ බරපතල ඛෙදවාචකයක් ඇති කරනු ලැබීය.

එහි ප්‍රතිඵල ලෙස ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් (1865), නෝබල් සම්මාන ලාභී මාර්ටින් ලූතර් කිං (කණිෂ්ඨ) (1968) වැනි දැවැන්තයන් වෙඩි උණඩයට සිය ජීවිත කැප කරණු ලැබූ අතර එවැනි ඝාතන නොනැවතී පැවතීම ඇමෙරිකා එක්සත් ජනපදයේ නීතියේ පාලනයේ ඇති අදුරු පැති කඩ ලෝකයට නිරාවරණය කරන්නට විය.
එවැනි තවත් කෘර ඝාතනයක් පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියාපොලිස් හි පොලිස් නිලධාරීන් විසින් ද සිදු කළ අතර පොලිස් නිලධාරීන්ගේ වධහිංසනයෙන් ජෝර්ජ් ෆ්ලොයිඩ් (46) නම් කළු ජාතික තරුණයා 2020 මැයි 25 දින ඝාතනයට ලක්වීම සියලු රටවල ජනතාව අතර ප්‍රභල කතිකාවක් ඇති කිරීමට සමත් ව තිබේ.

ලෝකයේ බිහිසුණු ඝාතන කොතෙක් සිදු වී තිබුණද, දෙවන ලෝක යුද්ධයේදී නාසීන් විසින් යුදෙව්වන් ගෑස් කාමරවල දමා හුස්ම ගැනීමට අවස්ථාව නොදී ඝාතනය කළ ආකාරය සිහිපත් කරමින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමති කලු ජාතික තරුණයා හුස්ම ගැනීමට ආයාචනා කරද්දීත් එයට කිසිම අවස්ථාවක් නොදී විනාඩි 9කට ආසන්න වේලාවක් හුස්ම ගැනීම වළක්වා ඝාතනය කිරීම මනුශ්‍යත්වයට එරෙහි ක්‍රියාවක් බව පැහැදිලිය.

හුස්ම ගැනීම වළක්වා සිදු කළ මෙම කෲර ඝාතනය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී සුදු - කලු බේදයක් නැතිව සමානාත්මතාවයේ අයිතිය ඉල්ලා ඇමෙරිකා එක්සත් ජනපදයේත්, ලෝකයේ තවත් රටවලත් උද්ඝෝෂණ පැවැත්වෙන අතර ඒ සියලු උද්ඝෝෂණ අතරින් නීතිය ඉදිරියේ සමානාත්මතාවය අයදීමේ දී එක්සත් ජනපදයේ කලු ජාතිකයන්, බ්‍රිතාන්‍යයේ අන් යටත්විජිත ලෙස පැවති රටවල ජනතාවට වඩා බොහෝ ඉදිරියෙන් සිට ක්‍රියා කරන බව ජෝර්ජ් ෆ්ලොයිඩ් කෲර ඝාතනයට එරෙහිව ගෙන යන උද්ඝෝෂණවල ස්වභාවය අනුව මේ වන විට සනාථ වෙමින් ඇත.

බ්‍රිතාන්‍යය යටත් විජිත ලෙස පැවති ඉංදියාව, ශ්‍රී ලංකාව වැනි රටවල ජනතාව මෙන් නොව ඇමෙරිකා එක්සත් ජනපදයේ කලු ජාතිකයන් මැනවින් ඉංග්‍රීසි භාෂාව හසුරුවන හෙයින් ඇමෙරිකා එක්සත් ජනපදයේ පවතින නීති සහ එහි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු කියවීමේ නෛතික සාක්ෂරතාවය ඔවුන්ට ලැබී ඇත. ඒ ඇසුරෙන් ලබන දැනුම භාවිතයට ගෙන තමන්ට එරෙහිව සිදුවන නීතියේ වෙනස්කම්වලට එරෙහිව ජයගන්නා ක්‍රියාදාමයන් වෙන අයෙකුගේ මෙහෙයවීමකින් තොරව ස්වාධීනව සිදු කිරීමට එක්සත් ජනපදයේ කලු ජාතිකයන්ට නෛතික සාක්ෂරතාවය ලැබී ඇත. ඒ ශක්තිමත් නෛතික බලය හේතුවෙන් ජෝර්ජ් ෆ්ලොයිඩ් 
ඝාතනයට යුක්තිය ඉටු කර ගැනීමට එක්සත් ජනපදයේ කලු ජාතිකයන්ට අවස්ථාව හිමි වනු ඇත.

ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව වන සිංහල ජනතාව, එක්සත් ජනපදයේ කලු ජාතිකයන්ට මෙන් නොව නෛතික සාක්ෂරතාවය ලැබීමට නිදහස හෝ අවස්ථාව අහිමි ජනකොටසකි. ශ්‍රී ලංකාවේ අවශ්‍ය සහ වැදගත් නීතිමය කටයුතු සියල්ල කරනු ලබන්නේත්, තීරණ ගනු ලබන්නේත් බහුතර ජනතාවගේ භාෂාව වන සිංහල භාෂාවෙන් නොව සුළුතරයක් භාවිතා කරන ඉංග්‍රීසි භාෂාවෙනි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ බහුතර සිංහල ජනතාවගේ නෛතික සාක්ෂරතාවය ඉතා පහළ මට්ටමක පවතින අතර ජනතාවට එරෙහිව සිදුවන බලවතුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධව නෛතිකව ක්‍රියාකිරීමට ඔවුන්ට අවබෝධයක් නැත.

එක්සත් ජනපදයේ කලු ජාතිකයන් නෛතික ක්‍රියාකාරකම්වලින් නිදහස අත් කර ගන්නවා මෙන් ශ්‍රී ලංකාවේ සිංහල ජනතාවට නෛතික ක්‍රියාකාරකම්වලින් නිදහස අත් කර ගැනීමේ ක්‍රමවේදය නොදනී. නීතිය නොදැනීම සමාවට කාරණයක් නොවුණත් (Ignorantia juris non excusat) නීතිය දැන ගැනීමට සිංහල ජනතාවට අවස්ථාවක් නැත.

නීතිය ඉදිරියේ සමානාත්මතාවය අයදීමේ දී එක්සත් ජනපදයේ කලු ජාතිකයන් බොහෝ ඉදිරියෙන් බව ජෝර්ජ් ෆ්ලොයිඩ් කෲර ඝාතනයට එරෙහි ජනතා හඩසාක්ෂි දැරුවද, ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව වන සිංහල ජනතාව නීතිය ඉදිරියේ සමානාත්මතාවය ලබා ගැනීමට තව කොතරම් කාලයක් ගත වෙයිද කිව නොහැකිය.
(ඉංග්‍රීසි පරිවර්තනය බලාපොරොත්තු වන්න)

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන - 2020.05.04

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...