Skip to main content

සමථ සාකච්ඡාවට කැඳවීමටත් පෙර නිරවුල් නොකිරීමේ සහතික වංචාවෙන් කූට ලෙස ලබා දෙන සමථ මණ්ඩල මගින් සමථකරණ ක්‍රියාවලිය සාර්ථක වෙයිද?

සමථ සාකච්ඡාවට කැඳවීමටත් පෙර නිරවුල් නොකිරීමේ සහතික වංචාවෙන් කූට ලෙස ලබා දෙන සමථ මණ්ඩල මගින් සමථකරණ ක්‍රියාවලිය සාර්ථක වෙයිද?

කොළඹ අංක 16, සමථ මූල මණ්ඩලය විසින් සිදුකර ඇති වංචාවෙන් කූට ලෙස නිරවුල් නොකිරීමේ සහතිකයක් සකස් කර දීමක් සම්බන්ධව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර ඇත.

නිවසක ආරවුලක් සම්බන්ධව මාලඹේ ප්‍රදේශයේ අයෙක් කොළඹ සමථ මූල මණ්ඩලයට පෞද්ගලික පැමිණිල්ලක් කර ඇති අතර එකී ආරවුල සම්බන්ධව සමථ කිරීමේ සාකච්ඡාවට 2019 මාර්තු 30 දින පැමිණෙන ලෙස යොමු අංක 16/11218 කැදවීමේ නිවේදනය මගින් එම සමථ මූල මණ්ඩලය දන්වා ඇත.
එම නිවේදනය පහත දැක්වේ.



2019 මාර්තු 30 දින එකී සමථ සාකච්ඡාව කැඳවීමට නියමිතව තිබියදී එම යොමු අංක 16/11218 යටතේ නිරවුල් නොකිරීමේ සහතිකයක් පැමිණිල්ල විසින් එකී සමථ මණ්ඩලය වෙතින් 2019 ජනවාරි 29 වන දින වංචාවෙන් සහ කූට ලෙස ලබාගෙන ඇත. 
එම සහතිකය පහත දැක්වේ.



සමථ මණ්ඩලය යනු පුද්ගලයන්ගේ ආරවුල් විසදීම සඳහා පිහිටුවා ඇති ආයතන වුවත්, මේ ආකාරයට වංචාසහගත කූට ලේඛන සකස් කරමින් මහජන විශ්වාසය බිඳ වැටෙන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධව හා පාර්ශවයන්ට පක්ෂපාත වීම සම්බන්ධව මේ වන විට පොලිස් මූලස්ථානයටද අගතියට පත් පාර්ශවය පැමිණිලි කර ඇත.

'වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව' යන්න සමාජ ප්‍රශ්නයක් බව මෙවැනි සිදුවීම් වලින් පෙනී යයි.

නීතියේ බලය අත දරන බලවත් ආයතන සහ පුද්ගලයන් විසින් සිදුකරන වැරදි සම්බන්ධයෙන් නීතිමය පිළිසරණ පැතීමට ලාංකීය සමාජයේ බහුතර ජනතාව නොදැනුවත් ය. ජනතාවගේ නෛතික සාක්ෂරතාවය වර්ධනය කිරීම සදහා වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන ආරම්භ කර තිබෙන අතර 3වන නීති අධ්‍යයන වැඩසටහන සදහා දැන් අයදුම් කළ හැකිය. 

වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන.*
අංක 09, කොළඹ පාර, හදපාන්ගොඩ. (10524)
දුරකථන 0342256066, 0342256067. 0712063394.
(2020.07.10)

* වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන යනු ජනතාවගේ නෛතික සාක්ෂරතාවය වර්ධනය කිරීම වෙනුවෙන් සෙනසුරාදා දිනවල පෙ.ව. 9.30 සිට 2.30 දක්වා ගාස්තු අය කිරීමකින් තොරව පවත්වන නීතිය අධ්‍යයන වැඩසටහනකි. 3වන අධ්‍යයන කණ්ඩායම සදහා සහභාගීවීමට අයදුම්පත් 2020 ඔක්තෝබර් 31 දින දක්වා පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ හැකිය. 

නීති අධ්‍යයන වැඩසටහන අවසානයේ වටිනා සහතිකයක් ලබා දේ.


අයදුම්පත් යොමු කළ යුතු ලිපිනය

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන 
නීති අධ්‍යයන වැඩසටහන් සමායෝජක,
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන,
අංක 09, කොළඹ පාර, හදපාන්ගොඩ. (10524)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...