Skip to main content

අධිකරණයෙන් / නඩු විභාගවලින් සිංහල භාෂාව ඉවත් කිරීමේ මාර්ග සිතියමේ ස්ථාන 10...! ( නීතියට ගරු කරන ජනතාවගේ දැන ගැනීම පිණිසයි)

අධිකරණයෙන් / නඩු විභාගවලින් සිංහල භාෂාව ඉවත් කිරීමේ මාර්ග සිතියමේ ස්ථාන 10...! (නීතියට ගරු කරන ජනතාවගේ දැන ගැනීම පිණිසයි) (නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක - වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන, දුරකථන 0712063394 - 2021.02.21)
[දේශීයව සහ විදේශීයව නීති අධ්‍යාපනය සහ නීති උපාධිය ලබා දෙන ආයතන කිහිපයක් රටේ තිබුණද නීතිඥවරු ලෙස කටයුතු කිරීමට වෘත්තීය සුදුසුකම ලබා දෙන අධ්‍යාපනය සහ නීති විභාග සම්බන්ධයෙන් තීන්දු සහ තීරණ ගනු ලබන්නේ 1900 අංක 2 දරන නීති අධ්‍යාපන සභා අඥාපනතෙ 2 වන වගන්තිය මගින් පිහිටුවා ඇති අගවිනිසුරු, නීතිපති, අධිකරණ ඇමතිගේ නියෝජිතයන් 6ක් ඇතුලු සාමාජිකයන් 14කින් සමන්විත සංස්ථාගත නීති අධ්‍යාපන සභාවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 සහ 24වන ව්‍යවස්ථා මගින් නීති පැනවීමේ භාෂාව සහ අධිකරණ භාෂාව ලෙස සිංහල භාෂාව ඇතුලත් කිරීමත් සමගම එකී විධානයට ගරු කරමින් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු සහ විභාග පැවැත්වීම වර්ෂ 2010 දක්වා සිංහල මාධ්‍යයෙන් පවත්වනු ලැබීය. අධිකරණ භාෂාව සිංහල බවට පත් කිරීම නිසා සිය අභිමතය අවශ්‍ය ආකාරයට යොදා ගැනීමට නොහැකි වූ කණ්ඩායම් අධිකරණයෙන් සිංහල භාෂාව ඉවත් කිරීමට මාර්ග සිතියම් සැළසුම් කළේය. එකී මාර්ග සිතියම සැළසුම් කළ අය ගැන නොව එකී මාර්ග සිතියම ක්‍රියාත්මක කරමින් සිංහල භාෂාව අධිකරණයෙන් ඉවත් කිරීම කර ඇති ආකාරය කරුණු 10කින් මෙහි සදහන් කර ඇත.] 1. 2010 වර්ෂයේ සිටි අධිකරණ ඇමති සමයේ ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගයෙන් සාමාන්‍යයෙන් වෙනත් වර්ෂවල සමත්වන සිසුන් සංයුතියට වඩා වෙනසක් දක්නට ලැබුණි. (මෙය දෙමළ මාධ්‍ය ප්‍රශ්න පත්‍රය පිටකිරීමෙන් වූ බවට අදහසක් ඇත) 2. මෙය පදනම් කර ගනිමින් එතෙක් එක් භාෂාවකින් පමණක් නීති ප්‍රවේශය ලිවීමට තිබූ අවස්ථාව අහිමි කළ අතර එතෙක් පැවති නීතියේ පසුබිම ප්‍රශ්න පත්‍රය ඉවත් කර සාමාන්‍ය දැනීම සහ භාෂා ප්‍රශ්න පත්‍රයක් හදුන්වා දෙනු ලැබීය. ( මේ හේතුවෙන් සිංහල භාෂාවෙන් ප්‍රවේශ විභාගය ලිවීමටත්, මූලික නීතිය ඉගෙනීමටත් තිබූ අවස්ථාව (නීතියේ පසුබිම ප්‍රශ්න පත්‍රය) සිංහල ජනතාවට අහිමි කළ අතර, වර්ෂ 2010 සිට ශ්‍රී ලංකා නීති විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගන්නා ලද්දේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් නීති අධ්‍යාපනය ලබා දීමටය. 3. එසේ වුවත් කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ, නාවල විවෘත විශ්ව විද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ සිංහල මාධ්‍යයෙන් නීති උපාධිය ගත් අය නීතිඥ වෘත්තීයට පිවිසීමට පවත්වන විභාගවලට පෙනී සිටීමට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති විභාගවලට පැමිණෙන හෙයින් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග පමණක් සිංහල භාෂාවෙන් පැවැත්වීම අඛණ්ඩව සිදු විය. (2010 දී සිටි අධිකරණ ඇමතිවරයාගේ සමයේ සිදු කර ගත්තේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම නතර කර ගැනීමත්, නීති ප්‍රවේශ විභාගය සිංහල මාධ්‍යයෙන් පමණක් පැවැත්වීම අහෝසි කර ගැනීමත් පමණි. එනම් 2010 දී ඉටු කර ගත්තේ අධිකරණයෙන් සිංහල භාෂාව ඉවත් කිරීමේ මාර්ග සිතියමෙන් 50% ක් පමණි) 4. වර්ෂ 2010 සිටි අධිකරණ ඇමති නතර කළ තැනින් ආරම්භ කර සිංහල භාෂාව නීති අධ්‍යාපනයෙන් සහ නීති විභාග වලින් සම්පූර්ණයෙන් (100%) ඉවත් කිරීමට 2020 දී අධිකරණ ඇමති සමයේ 2020.12.30 දිනැති සහ අංක 2208/13 අති විශෙෂ ගැසට් පත්‍රය මගින් සිදු කර ඇත.(එනම් අධිකරණයෙන් සිංහල ඉවත් කිරීමේ මාර්ග සිතියමෙන් 100% ම සම්පූර්ණ කර ගන්නා ලදී) 5. එනම් 2020.12.30 දිනැති එකී ගැසට්ටුවෙන් නීති විද්‍යාලයේ ඉගැන්වීම ඉංග්‍රීසියෙන් පමණක් සිදු කිරීමත්, විභාග පැවැත්වීමේදී ඉංග්‍රීසියෙන් විභාග ලිවීම අනිවාර්යය කිරීමත් සිදු කර ඇත. 6. ඒ අනුව කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ සහ නාවල විවෘත විශ්ව විද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්නා සිසුන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ඉංග්‍රීසියෙන් නීති විභාග ලිවීම අනිවාර්යය කර ඇත. (මේ නිසා කොළඹ විශ්ව විද්‍යාලයේ  නීති පීඨයේ සහ නාවල විවෘත විශ්ව විද්‍යාලයේ නීති අධ්‍යයන අංශවල සිංහල මාධ්‍යයෙන් නීතිය ඉගෙනීම ස්ව්‍යංක්‍රීයවම නතර වන අතර සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගෙන ඉංග්‍රීසියෙන් පිළිතුරු ලිවීම ප්‍රායෝගික නොවන බව වටහා ගැනීම අසීරු නොවේ.) 7. ඒ සමගම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 සහ 24 ව්‍යවස්ථා එනම් නීති පැනවීමේ සහ අධිකරණ භාෂා ව්‍යවස්ථා ස්ව්‍යං මරණයකට/ ස්වයං ඝාතනයකට / කෘතීම බල රහිත කිරීමකට පත්කර ඇති අතර, එම ව්‍යවස්ථාවලින් දක්වා ඇති සිංහල භාෂාවෙන් නීති පැනවීමේ සහ සිංහල අධිකරණ භාෂා බලය ක්‍රියාත්මක කිරීමට සුදුසු නීතිඥවරු සහ විනිසුරුවරු බිහිවීම ශ්‍රී ලංකා නීති විද්‍යාලය විසින් වැළක්වීම එයට හේතුවයි. ( සිංහලෙන් නීතිය ඉගෙනීම සහ සිංහලෙන් නීති විභාග නොලියා සිංහලෙන් නීති පැනවීම සහ සිංහල අධිකරණ භාෂා බලය ආරක්ෂා කිරීමට තාක්ෂණය නොදැනීම එයට හේතුවයි.) 8.මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධාන යටපත් කිරීමේ, මගහැර යාමේ ක්‍රියාව කර ඇත්තේ අධිකරණ ඇමතිවරයාත්, අගවිනිසුරු, නීතිපති, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාවයි.(එහි සාමාජිකයන් 14කි) 9. මේ වැරදි ක්‍රියාව නිවැරදි කිරීමට අධිකරණයට යාම ප්‍රායෝගික නොවන්නේ "වැටත් නියරත් ගොයම් කා නම් කාට කියනුද ඒ අමාරුව" යන හේතුවෙනි. 10. ඒ අනුව වර්ෂ 2010 දී සිටි අධිකරණ ඇමති සමයේ ආරම්භ කළ සිංහල අධිකරණ භාෂා බලය අහිමි කිරීම 2020 දී අධිකරණ ඇමතිවරයා විසින් සම්පූර්ණ කර අවසන් කළේය. (ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23, 24 ව්‍යවස්ථා ගැසට් පත්‍රයක් මගින් සංශෝධන වන ලෙස ක්‍රියා කිරීමෙනි.මෙය ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරන බලහත්කාරය සහ නීති පැනවීම පිළිබද හොද උදාහරණයකි.) (නීතිඥ අරුණ ලක්සිරි උණවටුන 2021.02.21)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...