Skip to main content

වරාය නගරය නිරාගමිකයන්ගේ කළාපයක්, සදාචාරයක් නෑ..ආගමක් නෑ..., එහි 9වන ව්‍යවස්ථාවට තැනක් නෑ....!

වරාය නගරය නිරාගමිකයන්ගේ කළාපයක්, සදාචාරයක් නෑ..ආගමක් නෑ..., එහි 9වන ව්‍යවස්ථාවට තැනක් නෑ....! ( අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතිඥ, සමායෝජක - වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන)
"ආගම" අද වන විට යල් පැන ගිය තත්ත්වයක් බව කියන ප්‍රවණතාවයක් මතු වී ඇත. සියල්ල වෙනස් වන බව සත්‍යයකි. ඒ අනුව "ආගම" සහ "ජාතිය" ද වෙනස් විය යුතු බවට කෙනෙකුට තර්ක කළ හැකිය. අත්තක වාඩිගෙන අත්ත කැපීමත් ඒ සමගම අප සිහි කළ යුතුය. ආගමක් නැති, ජාතියක් නැති සමාජයක හෙට දවස කුමක් වෙයිද? එය වනචාරී සමාජයක් විය නොහැකිය. ඒත් වහල් සමාජයක් විය හැකිය? අතීතයේ මිනිසාව ශිෂ්ට කිරීමට ආගම උදව් වූ බවත්, මිනිසාගේ හර පද්ධතිය දියුණු වී සංස්කෘතික සමාජයක් බිහි වූයේ ආගම සහ ජාතිය නිසා බවත් අදහසක් ඇත. යම් රටක බහුතරය අභිබවා සුලුතරයට නැගී සිටිය හැක්කේ ප්‍රචණ්ඩත්වය මුදා හැරීමෙන් සහ නීති පැනවීමෙන් පමණි. එය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි වුවත් බහුතරයේ චින්තනය නීතියකින් වෙනස් කළ හැකිය. ඉහත කරුණු කියන්නට යෙදුනේ ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව මේ වන විට විදිමින් සිටින "ආගම" සහ "ජාතිය" අහිමිවීම පිළිබද අභියෝගය පැහැදිලි කිරීමට ය. මෙම ලිපිය ලියවෙන්නේ "වරාය නගරය නිරාගමිකයන්ගේ කළාපයක්....එහි 9වන ව්‍යවස්ථාවට තැනක් නෑ...." යන මාතෘකාව යටතේ හෙයින් "ආගම" පිළිබදව සාකච්ඡා කර ඇත. 1815 උඩරට ගිවිසුමේ 5 වන වගන්තිය මගින් බුද්ධාගමට ප්‍රමුඛත්වය පිරිනමන නීතිය බ්‍රිතාන්‍යයන්ද පිළිගත්තේය. එය එදා රටේ බහුතරයගේ අදහසයි. එසේ වුවත් 1948 නිදහස හිමිවන අවස්ථාවේ හදුන්වා දුන් සෝල්බරි ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛත්වය පිරිනමා තිබුණේ නැත. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවේ 6 වන වගන්තිය මගින් නැවත බුද්ධාගමට ප්‍රමුඛත්වය පිරිනමා තිබූ අතර, 1978 දෙවන ජනරජ ව්‍යවස්ථවේ 9 වන ව්‍යවස්ථා මගින් එය තවත් ශක්තිමත් කර තිබුණි. නිරාගමිකයන් බුද්ධාගමට ප්‍රමුඛත්වය දීමට සහ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ රජයේ වගකීම දැරීමට තදින්ම විරුද්ධය. නිරාගමිකයන් පිරිස සුලුතරයක් හෙයින් ඔවුන්ගේ අදහස් ක්‍රියාත්මක කර ගත හැක්කේ මෙම ලිපිය ආරම්භයේ පෙන්වා දුන් ප්‍රචණ්ඩත්වය මුදාහැරීමෙන් හෝ නීතිමය යාන්ත්‍රණය මගින් පමණක් ඔවුන් දනී. උප්පැන්නයෙන් ජාතිය ඉවත් කිරීමට ඔවුන් නීති පැනවීමට ක්‍රියා කරන්නේ එහෙයිනි. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛත්වය පිරිනමා ඇති 9 වන ව්‍යවස්ථාව ඉවත් කර ගැනීමත් නිරාගමිකයන්ගේ අරමුණකි. ඒ සදහා ඔවුන් නීති පනවා ගන්නේ 9 වන ව්‍යවස්ථාව සෘජුවම සංශෝධනය කිරීමෙන් නොවේ.  9 වන ව්‍යවස්ථාවේ බලය අහිමි වන නීති පනවා ගැනීමෙනි. ඒ සදහා හොදම උදාහරණය 2021 අප්‍රේල් 08 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පතයි. කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත මගින් බුද්ධාගමට හිමි ප්‍රමුඛත්වය බරපතල ලෙස බිදවට්ටවා ඇත්තේ එහි 52, 53 සහ 73 වන වගන්ති මගින් අපචාර සහ දුරාචාර කළාපයක් කොළඹ වරාය නගරයේ පිහිටුවීමට නීති පැනවීමෙනි. එක රටක්-නීති දෙක්ක යන්න කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත පනතේ තේමාවකි. එනම් රටේ එක් කොටසකට සුරාබදු, ඔට්ටු ඇල්ලීම, කැසිනෝ සදහා නීතියක් ඇත. ඒත් රටේ තවත් පැත්තක එනම් කොළඹ වරාය නගරය කළාපයේ ඒ සදහා නීතියක් නැත. එහි නීතිමය අදහස වන්නේ රටේ එක් කොටසක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාවේ  බලපෑම ඇති අතර, කොළඹ වරාය නගරය කොටසේ ඒ බලපෑම අහිමිය යන්නය. මෙය 9වන ව්‍යවස්ථාවේ බලපෑම බෙදා දැමීමකි. බිද දැමීමකි. පෝට් සිටි කලාපයට 9 වන ව්‍යවස්ථාවේ බලපෑම අහිමි කිරීමකි. ඒ අනුව 9වන ව්‍යවස්ථාව සමග කියවන විට    කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පතේ 52, 53 සහ 73 වගන්ති සදහා ජනමතවිචාරණයක අවශ්‍යතාවය ඇති වේ. ඒ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පතේ 52, 53 සහ 73 වගන්ති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව සළකා බලන විටය. ඒ අනුව කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පතේ 52, 53 සහ 73 වගන්ති නීතියක් වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව අනුව ක්‍රියා කිරීමට සිදුවේ. එනම් ජනමතවිචාරණයක අවශ්‍යතාවය ඇති වේ. පසුගියදා නාරාහේන්පිට අභයාරාමයේදී විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව සහ බැසිල් රාජපක්ෂ මහතාව නෛතිකව සහ දේශපාලනික ලෙස දරුණු ලෙස විවේචනය කළේය. ඔහු එකී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කළ විවේචන වලින් නීතිමය විවේචන සියල්ලම ගත්තත් ඒවා පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් සම්මත කළ හැකි විවේචන බව පෙනේ. ඔහු මෙන්ම කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පතට පක්ෂ අයත්, නිරාගමිකයන් ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව සහ පෝට් සිටි පනත සම්බන්ධව කතා කිරීමට කැමති නැති බව පැහැදිලිවම පෙනෙන්නට ඇත. ඒ යම් යටි අරමුණක් වෙනුවෙන්ද? සුරාව, කැසිනෝ, ඔට්ටු ඇතුලු වෙනත් බෞද්ධ විරෝධය පැන නගින ව්‍යාපාර කොළඹ වරාය නගර භූමියේ පිහිටුවීමේ නිරාගමික ප්‍රතිපත්ති මත පිහිටාද යන්න පැවසීමට තවම කල් වැඩිය. පෝට් සිටි පනතෙන් බුද්ධාගමට හිමි ප්‍රමුඛත්වය අහිමි වන බව විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා අභයාරාමයේදී කීවේ නැත. ඉදිරියේදී කියාවිද කියා පැහැදිලි ද නැත.ඒ ඔහුගේ අවශ්‍යතාවය පෝට් සිටි පනත 2/3 මිස ජනමතවිචාරණයක් දක්වා නොයාමට බව කිසිවෙකු කීවොත් එයටද නෛතික පදනමක් තිබේ. එමෙන්ම කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් සම්මත කර ගැනීම එකී පනතට පක්ෂ අයගේ අපේක්ෂාව වන අතර ඔවුන් කිසිවිට ජනමතවිචාරණයකට යාමට අදහස් නොකරයි. එවන් තත්ත්වකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  9 වන ව්‍යවස්ථාව කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පතට සම්බන්ධ කිරීමට ඔවුන් කෙසේවත් කැමති වන්නේ නැත.  විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙන්ම ඇතැම් විශාරදයන් සගවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාවේ බලපෑම පිළිබද භික්ෂූන් වහසේලා සහ ජනතාව අවබෝධයක් ලබා ගැනීම සුදුසු ය. තිරසර සංවර්ධනය මෙන්ම පංච ශීල ප්‍රතිපත්තිය කොළඹ වරාය නගර කළාපයේ නැති බව පනතේ 52, 53 සහ 73 වගන්ති සැළකීමේදී පැහැදිලි වේ. වැව සහ දා ගැබ සමග බැදුණු රටේ ඉතිහාසය සහ තිරසර සංවර්ධනය අසංවර , අබෞද්ධ සංස්කෘතියක්, බටහිර සංස්කෘතියත් මගින් ආවරණය කිරීමත්, පෙරදිග ධාර්මික, කෘෂිකර්මක සහ ස්ව්‍යංපෝෂිත දිවි පැවැත්ම බටහිර සේවා සංස්කෘතිය සහ කැසිනෝ, ඔට්ටු, සුරාව මගින් අභිබවා යාමත් කොළඹ වරාය නගර පනතෙන් සිදු කරයි. විදේශයන්වල දිවි ගෙවන අයට පෙරදිග සංස්කෘතිය වටින්නේ නැත. ආගමික හර පද්ධතිය වටින්නේ නැත. ඔවුන් දකින්නේ සහ උත්සාහ ගන්නේ ඔවුන්ගේ බටහිර සංස්කෘතිය ශ්‍රී ලංකාවට ඔබ්බවා ගැනීමටය. ශ්‍රී ලංකාවේ නීතියට ඇතුල් කර ගැනීමටය.  ඒ සදහා ඔවුන්ට ඇති බාධාව වන්නේ කොළඹ වරාය නගර කළාපයට පැනවෙන නීතියෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට රටේ මතයක් ඇති වීමය.   විදේශයන්වල සිට ලාංකිකයන්ගේ මොළ සේදීමට බලා සිටින අයගෙන්ද 9වන ව්‍යවස්ථාව රැක ගත යුත්තේ නිරාගමිකයන් පුහුණු කරන්නේද ඔවුන්ම වන බැවිනි. පෝට් සිටි පනත 9වන ව්‍යවස්ථාව අතහැර ජනමතවිචාරණයකට නොගොස් 2/3 න් පමණක් සම්මත කරවීම සදහා බුද්ධාගමට හිමි ප්‍රමුඛත්වය අහිමි කිරීම ගැන විශාරදයන් කතා නොකිරීම රටට සහ බුද්ධ ශාසනයේ පැවැත්මට හිතකර නැත.

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද? ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ "ජයිකා" ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ජනාධිපති නීතීඥවරුන් 3ක් සහ තවත් නීතීඥවරුන් 2ක් විසින් ලබා ගෙන ඇති බවට වන සාකච්ඡාවක් පසුගිය සති 2ක පමණ කාලයක සිට ඇරඹී ඇත. එකී ලබා ගත් මුදල් කිහිප දෙනෙකු විසින් නැවත ආපසු ලබා දීමෙන් මෙම ප්‍රශ්නය අවසන් නොවන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා සහ අලගරත්නම් මහතා යන පංච පුද්ගල කමිටුවක්ද මේ වන විට පත්කර ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු නීතීඥවරුන්ගේ, විනිසුරුවරුන්ගේ පමණක් නොව ජනතාවගේද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන නීතියේ පාලනය සුරකින ආයතනයකි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වශයෙන් ජාත්‍යන්තර ආධාර ලැබෙන බවත් ශ...

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි.

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි. නීති ග්‍රන්ථ ගණනාවක් ලියා ඇති, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ නීතිය පිළිබඳ ලිපි ලියන, නිතිය පිළිබඳ අධ්‍යාපන වැඩසටහන්, වැඩමුළු පවත්වන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියක් සහ උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇති නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් සාධාරණ නඩු විභාගයක් පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා වන පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට ක්‍රියා කර ඇත. එකී යෝජිත පනත් කෙටුම්පත අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (A Bill to Protection of the Rights of Persons Presenting Submissions before Courts, Tribunals and Institutions.) යන දීර්ඝ නාමයෙන් හදුන්වා ඇත. එකී පනත් කෙටුම්පතේ වගන්ති 5ක් දැක්වෙන අතර එහි 3 වන වගන්තිය මගින් "අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ට වෙනත් ලිඛිත ...