"සූම්" තාක්ෂණය ඔස්සේ අභියාචනාධිකරණ නඩු මාර්ගගතව විභාග කිරීමේදී "සූම්" ආයතනය සමග ඇති කරගත් එකගතා, කොන්දේසි සහ ගිවිසුම් සහ යටත්වන විදෙස් නීති පිළිබඳ තොරතුරු ඉල්ලා ජනාධිපති ලේකම්ට සහ අභියාචනාධිකරණ රෙජිස්ට්‍රාර්ට ඉල්ලීමක්...
"සූම්" තාක්ෂණය ඔස්සේ අභියාචනාධිකරණ නඩු මාර්ගගතව විභාග කිරීමේදී "සූම්" ආයතනය සමග ඇති කරගත් එකගතා, කොන්දේසි සහ ගිවිසුම් සහ යටත්වන විදෙස් නීති පිළිබඳ තොරතුරු ඉල්ලා ජනාධිපති ලේකම්ට සහ අභියාචනාධිකරණ රෙජිස්ට්‍රාර්ට ඉල්ලීමක්.... (එකී ඉල්ලීම පහත දැක්වේ) නීතිඥ අරුණ ලක්සිරි උණවටුන දුරකථන 0712063394 දිනය 2021.06.26 ජනාධිපති ලේකම්, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 01. "සූම්" තාක්ෂණය ඔස්සේ අභියාචනාධිකරණ නඩු මාර්ගගතව විභාග කිරීමේදී "සූම්" ආයතනය සමග ඇති කරගත් එකගතා, කොන්දේසි සහ ගිවිසුම් සහ යටත්වන විදෙස් නීති පිළිබඳ තොරතුරු, 2016 අංක 12 දරන තොරතුරු දැගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධිවිධාන යටතේ ලබා දෙන ලෙස ඉල්ලා සිටීම. 1. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා තාක්ෂණික මාර්ග යොදාගනිමින් කටයුතු කිරීම සහ "සූම්" වැනි මාර්ගගත (ඔන්ලයින්) සම්බන්ධතා ඔස්සේ නඩු විභාග පැවැත්වීමට අවශ්‍ය තත්ත්ව යොදා ගෙන ඇත. 2. ඒ අනුව මාර්ගගත (ඔන්ලයින්) සම්බන්ධතා මගින් අභියාචනාධිකරණ නඩු විභාග පැවැත්වීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂාකර අනුගමනය කිරීම අවශ්‍ය හෙයින්...