Skip to main content

වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකිරීම පැහැර හැරීම සහ ජාතික ආරක්ෂාව අනතුරට පත් කළ වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඇතුලු අයට එරෙහිව පොලිස්පතිට පැමිණලි....!

වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකිරීම පැහැර හැරීම සහ ජාතික ආරක්ෂාව අනතුරට පත් කළ වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඇතුලු අයට එරෙහිව පොලිස්පතිට පැමිණලි....!
(විද්‍යුත් තැපැල්) නීතිඥ අරුණ ලක්සිරි උණවටුන දුරකථන 0712063394 දිනය 2021.06.20 පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ 01. කොරෝනා වෛරසය අසාදනය සම්බන්ධයෙන් වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකිරීම පැහැර හැරීම සහ ජාතික ආරක්ෂාව අනතුරට පත් කිරීම ඇතුලු වැරදි කර ඇති වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඇතුලු රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීම. පරීක්ෂණ සිදුකර අවසන් නැති කොරෝනා එන්නත් විදගැනීම අනිවාර්යය කිරීම සඳහා ජනතාව පෙළඹීමට, කොරෝනා එන්නත විදගැනීමෙන් තොරව ස්ථානවලට ඇතුල්වීම, පළාත් අතර, දිස්ත්‍රික්ක අතර සංචරණය තහනම් කිරීමේ රෙගුලාසි පැනවීමට, දේශීය ඖෂධ කොරෝනා වෛරස් රෝගය වැළක්වීමට යොදා ගැනීම අඩපන කිරීමට, ජනතාවගේ ජීවිත අනතුරට පත්කිරීමට වසංගත රෝග විද්‍යා ඒකකයේ හි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඇතුලු රජයේ නිලධාරීන් විසින් කොරෝනා ආසාදිතව මිය ගිය අයගේ යැයි කියන සංඛ්‍යාලේඛන වැරදියට දක්වා සහ වෙනස්කර දක්වා ජනජීවිතය පවත්වාගෙන යාම අනතුරට පත්කර, කොරෝනා රෝගය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුලු ජනතාව වෙත සහ පුරවැසියෙකු ලෙස මා වෙත සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකිරීම පැහැර හැරීමෙන් සහ ජාතික ආරක්ෂාව අනතුරට පත් කිරීම ඇතුලු වැරදි කර ඇති මෙම රජයේ නිලධාරීන් දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය යටතේ ඇතුලුව වැරදි කර ඇති බවට මේ පැමිණිල්ල කරන අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂාකර කොරෝනා ආසාදිතව මිය ගිය අයගේ සංඛ්‍යාලේඛන වැරදියට දැක්වීම, වෙනස් ලෙස දැක්වීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් කොරෝනා වෛරසය ආසාදිත බව "පීසීආර්" පරීක්ෂණ මගින් නිවැරදිව හදුනාගත හැකිද? එකී වාර්තා නිවැරදිද? සහ ඒ ඇසුරෙන් මරණයට පත්වූ අය සත්‍ය ලෙසම කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගියේද හෝ නොසැලකිලිමත්කම හේතුවෙන් මිය ගියේද යන්න සහ එකී ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන සහ වාර්තා නිවැරදිද යන්න පරීක්ෂාකර වැරදි කර ඇති අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමි. මෙයට, විශ්වාසී, නීතිඥ අරුණ ලක්සිරි උණවටුන පිටපත් ජනාධිපති ලේකම්, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 01. නීතිඥ හරිගුප්ත රෝහණදීර, අධ්‍යක්ෂ ජනරාල් (නීති) ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 01. නීතිපති, නීතිපති දෙපාර්තමේන්තුව, කොළඹ 12.

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද? ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ "ජයිකා" ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ජනාධිපති නීතීඥවරුන් 3ක් සහ තවත් නීතීඥවරුන් 2ක් විසින් ලබා ගෙන ඇති බවට වන සාකච්ඡාවක් පසුගිය සති 2ක පමණ කාලයක සිට ඇරඹී ඇත. එකී ලබා ගත් මුදල් කිහිප දෙනෙකු විසින් නැවත ආපසු ලබා දීමෙන් මෙම ප්‍රශ්නය අවසන් නොවන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා සහ අලගරත්නම් මහතා යන පංච පුද්ගල කමිටුවක්ද මේ වන විට පත්කර ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු නීතීඥවරුන්ගේ, විනිසුරුවරුන්ගේ පමණක් නොව ජනතාවගේද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන නීතියේ පාලනය සුරකින ආයතනයකි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වශයෙන් ජාත්‍යන්තර ආධාර ලැබෙන බවත් ශ...

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි.

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි. නීති ග්‍රන්ථ ගණනාවක් ලියා ඇති, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ නීතිය පිළිබඳ ලිපි ලියන, නිතිය පිළිබඳ අධ්‍යාපන වැඩසටහන්, වැඩමුළු පවත්වන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියක් සහ උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇති නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් සාධාරණ නඩු විභාගයක් පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා වන පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට ක්‍රියා කර ඇත. එකී යෝජිත පනත් කෙටුම්පත අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (A Bill to Protection of the Rights of Persons Presenting Submissions before Courts, Tribunals and Institutions.) යන දීර්ඝ නාමයෙන් හදුන්වා ඇත. එකී පනත් කෙටුම්පතේ වගන්ති 5ක් දැක්වෙන අතර එහි 3 වන වගන්තිය මගින් "අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ට වෙනත් ලිඛිත ...