Skip to main content

කොතලාවල, කෝවිඩ් 19 සහ මානව හිමිකම් සංවිධානය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් ජනතාවට එරෙහි පොදු අරමුණක් වෙනුවෙනි....!

කොතලාවල, කෝවිඩ් 19 සහ මානව හිමිකම් සංවිධානය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් ජනතාවට එරෙහි පොදු අරමුණක් වෙනුවෙනි....! කොතලාවල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ 2021.03.26 වන දිනය.
කෝවිඩ් 19 පනත් කෙටුම්පත  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ 2021.06.08 වන දිනය.
මානව හිමිකම් සංවිධානය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත පෞද්ගකික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ 2021.08.03 වන දිනය.
කෝවිඩ් 19 පනත් කෙටුම්පතට එරෙහිව නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු දැක්වූ අතර එකී පනත් කෙටුම්පතේ වගන්ති 7/13 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව 2021 ජූලි 06 දින පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ දැක්වේ.
කෝවිඩ් 19 පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකග බවට කිහිප දෙනෙක් ශ්‍රී ලංකා නීතීඥ සංගමයට වැරදි ලෙස ක්‍රියාකිරීමට සළස්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙසද පුරවැසියන් විසින් 2021.07.20 දින පෙත්සමක් බාර දී ඇත. කොතලාවල, කෝවිඩ් 19 සහ මානව හිමිකම් සංවිධානය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් එකම පොදු අරමුණක් ඉලක්ක කළ පනත් කෙටුම්පත් වේ. ජනතාවගේ පරමාධිපත්‍යය, නිදහස් අධ්‍යාපනය, අධිකරණයේ ස්වාධීනත්වය අනතුරේ දමන එකී පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතුය. 2021 මානව හිමිකම් සංවිධානය සංස්ථාගත කිරීම සඳහා වූ පෞද්ගකික මන්ත්‍රී පනත් කෙටුම්පතද 1900 සංස්ථාගත නීති අධ්‍යාපන සභා ආඥා පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන වැරදි බලපෑමම කරයි. සංස්ථාගත නීති අධ්‍යාපන සභාව 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර අධිකරණ භාෂාවෙන් නඩු විභාග කිරීමට සුදුසු නීතීඥවරු සහ විනිසුරුවරු බිහිවීම වළක්වා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාෂාව සම්බන්ධ විධිවිධාන යටපත්වන ලෙස, ජනතා පරමාධිපත්‍යය අහිමි කරමින් පනත් සහ වෙනත් නීති මගින් විධිවිධාන සළසා ගැනීම සුදුසු නොවේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී නැති බලතල පුද්ගල මන්ත්‍රී පනත් කෙටුම්පතකින් එන මානව හිමිකම් සංවිධානයට හිමි වී ඇත. කොතලාවල, කෝවිඩ් 19 සහ මානව හිමිකම් සංවිධානය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් ජනතාවට එරෙහි පොදු අරමුණක් වෙනුවෙන් බව පැහැදිලිය. ජනතාව මේ සම්බන්ධයෙන් අවබෝධය ලබා ගැනීම වැදගත් වේ. මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීතිඅධ්‍යයන වැඩසටහන, දුරකථන 0342256066, 0712063394, 0786016161 (2021.08.07)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...