ව්‍යවස්ථා විරෝධී කොරෝනා පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත්තේ නීති ක්ෂේත්‍රයේ බලවතුන් කිහිප දෙනෙකුගේ සහයෙන් හෙයින් එහිදී ශ්‍රී ලංකා නීතීඥ සංගමය ස්වාධීනව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන්, නීතීඥ සංගම් සභාපතිට සහ ලේකම්ට පුරවැසියන් බාර දුන් පෙත්සම කුණු කුඩයටද?
ව්‍යවස්ථා විරෝධී කොරෝනා පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත්තේ නීති ක්ෂේත්‍රයේ බලවතුන් කිහිප දෙනෙකුගේ සහයෙන් හෙයින් එහිදී ශ්‍රී ලංකා නීතීඥ සංගමය ස්වාධීනව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන්, නීතීඥ සංගම් සභාපතිට සහ ලේකම්ට පුරවැසියන් බාර දුන් පෙත්සම කුණු කුඩයටද?
ජනමතවිචාරණයකට යා යුතුව තිබූ වගන්ති 7 ක් සහිතව 2019 කොරෝනා වෛරස් රෝගය තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත ජනාධිපති නීතීඥ අලි සබ්‍රි ඉදිරිපත් කර ඇත්තේ
ජනාධිපති නීතීඥවරුන්වන කාලිංග ඉන්දතිස්ස, සංජීව ජයවර්ධන සහ ඉක්‍රම් මොහොමඩ් යන අයගේත් සහායෙන් බව 2021 අගෝස්තු 17 දින පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව මගින් පැහැදිලි වේ. (2021.08.18 දිවයින 07 පිටුව)
එවන් පසුබිමකදී පුරවැසියන් විසින් 2019 කොරෝනා වෛරස් රෝගය තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ කිහිප දෙනෙකු වැරදි ලෙස ක්‍රියා කිරීම, ස්වාධීනව වෘත්තීය බව නොපෙන්වීම සහ නීතීඥ අලි සබ්‍රි මහතාගේ වැරදි හැසිරීම් සම්බන්ධයෙන් පරීක්ෂාකර නීතිය ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමයට 2021.07.20 දින බාර දුන් පැමිණිල්ල / පෙත්සම සම්බන්ධයෙන් නීතීඥ සංගමය විසින් ඉදිරි පියවර ගැනීම සිදු වෙයිද යන්න බලවත් සැකයක් ඇතිවීම නොවැළැක්විය හැකිය.
ජනමතවිචාරණයකට යා යුතුව තිබූ වගන්ති 60% තිබූ 2019 කොරෝනා වෛරස් රෝගය තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නීතීඥ සංගමයේ වැරදි නීතිමය දැක්ම සහ තත්ත්වය නිවැරදි කර ගැනීමට හැකි වූයේ නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ( SC/SD/24;2021)
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමෙන් පසු වන අතර එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය 2021.07.06 දින හැන්සාඩ් වාර්තාවේ ඇතුලත් කර ඇත.
රටේ සියලුම නීතීඥවරුන්ගෙන් සමන්විත ( විනිසුරුවරුන්ද ඇතුලත්) ශ්‍රී ලංකා නීතීඥ සංගමය කිහිප දෙනෙකුගේ බලපෑමට යටත්ව ජනමතවිචාරණයකට යා යුතුව තිබූ වගන්ති 7 ක් සහිත වූ 2019 කොරෝනා වෛරස් රෝගය තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නිහඩව සහ උදසීනව සිටි බව ඉතා පැහැදිලි අතර නීතියේ පාලනයට, අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතීඥ වෘත්තියේ ස්වාධීනත්වයට මෙය දැඩි අනතුරක් බව ඉතා පැහැදිලිය.
"වැටත් නියරත් ගොයම් කා නම් කාට කියනුද ඒ අමාරුව" යන්න 2019 කොරෝනා වෛරස් රෝගය තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ කිහිප දෙනෙකුගේ ක්‍රියාකලාපය මත ඇති වී තිබූ ඉහත තත්ත්වය පැහැදිලි කරයි.
රජයන් ගෙනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රයේ බලවතුන් කිහිප දෙනෙකු විසින් වැරදි ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය පාලනය කිරීම සහ මෙහෙයවීම ජනතාවගේ පරමාධිපත්‍යය අනතුරට පත් කිරීමකි, නීතීඥ සංගමයේ ස්වාධීනත්වය බිද දැමීමකි.
ව්‍යවස්ථා විරෝධී කොරෝනා පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත්තේ බලවතුන් කිහිප දෙනෙකුගේ සහයෙන් හෙයින් එහිදී ශ්‍රී ලංකා නීතීඥ සංගමය ස්වාධීනව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන්, නීතීඥ සංගම් සභාපතිට සහ ලේකම්ට පුරවැසියන් බාර දුන් පෙත්සම කුණු කුඩයටද? යන්න නීතියේ පාලනය පිළිබද විමසිල්ලෙන් සිටින ජනතාවට වැදගත් වේ.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ කිහිප දෙනෙකු වැරදි ලෙස ක්‍රියා කිරීම, ස්වාධීනව වෘත්තීය බව නොපෙන්වීම සහ නීතීඥවරු කිහිප දෙනෙකුගේ වැරදි හැසිරීම් සම්බන්ධයෙන් පරීක්ෂාකර නීතිය ක්‍රියාත්මක කරන ලෙස පුරවැසියන් විසින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයට 2021.07.20 දින බාර දුන් පැමිණිල්ල / පෙත්සම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය වන්නේ එහෙයිනි.
මාධ්‍ය අංශය
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීතිඅධ්‍යයන වැඩසටහන,
දුරකථන 0712063394, 0786016161
(2021.08.18)
Comments
Post a Comment