Skip to main content

ඉංග්‍රීසි භාෂාවෙන්ම නීති කටයුතු කිරීමට කියන නීතීඥ සංගමේ නීති විශාරදයන් නිහඩ වෙද්දී සිංහලෙන් නීති තර්ක ගෙන රජයේ ව්‍යවස්ථා විරෝධී පනත් කෙටුම්පත් පරාජය කිරීම තුළ සිංහලෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම වැළැක්වීම නිවැරදිද?

ඉංග්‍රීසි භාෂාවෙන්ම නීති කටයුතු කිරීමට කියන නීතීඥ සංගමේ නීති විශාරදයන් නිහඩ වෙද්දී සිංහලෙන් නීති තර්ක ගෙන රජයේ ව්‍යවස්ථා විරෝධී පනත් කෙටුම්පත් පරාජය කිරීම තුළ සිංහලෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම වැළැක්වීම නිවැරදිද?
සිංහලෙන් නීති තර්ක ඉදිරිපත් කර, රජය විසින් 2021 ජූනි 08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ "කොරෝනා පනත් කෙටුම්පත" ශ්‍රේෂ්ඨාධිකරණයේ දී SC/SD/24/2021 නඩුව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිබව නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් තහවුරු කර ඇති අතර, 2021 ජූලි 06 දින පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ එකී නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැක්වේ. (ව්‍යවස්ථාදායක උත්තරීතරත්වය සුරකිමින් එකී තීරණය සිංහල භාෂාවෙන් ලබා දෙන ලෙසද එකී නඩුවේ පෙත්සම්කරු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ඇත) නීතීඥ සංගමයද රජයේ ඉහත ව්‍යවස්ථා විරෝධී පනත් කෙටුම්පත අනුමත කර ඇති බව මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් වී ඇති අතර, එය නීතීඥ සංගමයේ ස්වාධීනත්වයට සහ රටක නීතියේ පාලනයට සුදුසු තත්ත්වයක් නොවේ. සිංහලෙන් නීති තර්ක ඉදිරිපත් කර, රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී පනත් කෙටුම්පත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරදවනවානම් සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම සහ නීති විභාග පැවැත්වීම වළක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 3, 4, 23, 24, 106 ව්‍යවස්ථාවලට පටහැනිව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පත් වූ අධිකරණ ඇමතිගේ මූලිකත්වයෙන් සංස්ථාගත නීති අධ්‍යයන සභාව විසින් 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට්ටු ප්‍රසිද්ධ කළේ ඇයි? ඉංග්‍රීසියෙන් නීති අධ්‍යාපනය ලබා දීම සහ විභාග පැවැත්වීම අනිවාර්යය කිරීමට යෝජනා කළ නීති විශාරදයන් රජය 2021.06.08 දින ගෙනා කොරෝනා පනත් කෙටුම්පතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධීබව නොදැක්කේ ඇයි? යන්න නීතියේ පාලනය අපේක්ෂා කරන ජනතාව පිළිතුරු සෙවිය යුතු ප්‍රශ්න වේ. මව් භාෂාවෙන් අධ්‍යාපනය ලබා නොදී රටක් දියුණු කිරීම, රටේ නිෂ්පාදන වර්ධනය කිරීම සහ රටේ තිරසර සංවර්ධනය ඇති කිරීම කළ නොහැකි බව ජපානය, කොරියාව, චීනය, ප්‍රංශය, ජර්මනිය වැනි රටවල් දෙස බැලීමේදී මැනවින් පැහැදිලි වේ...! 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට්ටුව මගින් ජනතාවගේ සිංහල අධිකරණ භාෂා බලය/ අයිතිය අහිමි කිරීමට එරෙහිව වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහනේ මාර්ගෝපදේශකත්වයෙන් අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ, නිදහස් චතුරශ්‍රයේ විරෝධතා පවත්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් නීති සම්මන්ත්‍රණ පවත්වා ඇති අතර, නීති පත්‍රිකා බෙදා දීමද සිදුකර ඇත. ජනතාවගේ අධිකරණ භාෂා බලය/ අයිතිය අහිමි කිරීමට එරෙහිව 2021 මාර්තු 22 අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවය ආරම්භ කරන ආකාරය පහත වීඩියෝවේ දැක්වේ...., https://m.youtube.com/watch?v=SnfBWnrT-VE&t=55s&pp=sAQA මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීතිඅධ්‍යයන වැඩසටහන, දුරකථන 0342256066, 0712063394, 0786016161 (2021.08.02)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද? ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ "ජයිකා" ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ජනාධිපති නීතීඥවරුන් 3ක් සහ තවත් නීතීඥවරුන් 2ක් විසින් ලබා ගෙන ඇති බවට වන සාකච්ඡාවක් පසුගිය සති 2ක පමණ කාලයක සිට ඇරඹී ඇත. එකී ලබා ගත් මුදල් කිහිප දෙනෙකු විසින් නැවත ආපසු ලබා දීමෙන් මෙම ප්‍රශ්නය අවසන් නොවන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා සහ අලගරත්නම් මහතා යන පංච පුද්ගල කමිටුවක්ද මේ වන විට පත්කර ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු නීතීඥවරුන්ගේ, විනිසුරුවරුන්ගේ පමණක් නොව ජනතාවගේද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන නීතියේ පාලනය සුරකින ආයතනයකි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වශයෙන් ජාත්‍යන්තර ආධාර ලැබෙන බවත් ශ...

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි.

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි. නීති ග්‍රන්ථ ගණනාවක් ලියා ඇති, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ නීතිය පිළිබඳ ලිපි ලියන, නිතිය පිළිබඳ අධ්‍යාපන වැඩසටහන්, වැඩමුළු පවත්වන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියක් සහ උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇති නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් සාධාරණ නඩු විභාගයක් පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා වන පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට ක්‍රියා කර ඇත. එකී යෝජිත පනත් කෙටුම්පත අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (A Bill to Protection of the Rights of Persons Presenting Submissions before Courts, Tribunals and Institutions.) යන දීර්ඝ නාමයෙන් හදුන්වා ඇත. එකී පනත් කෙටුම්පතේ වගන්ති 5ක් දැක්වෙන අතර එහි 3 වන වගන්තිය මගින් "අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ට වෙනත් ලිඛිත ...