Skip to main content

කාලිංග ඉන්දතිස්ස, සංජීව ජයවර්ධන සහ ඉක්‍රම් මොහොමඩ්  ජනාධිපති නීතීඥවරුන්ගේ සහයෙන් අධිකරණ අමාත්‍යාශය ව්‍යවස්ථා විරෝධී කොරෝනා පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බව එළිදරව් වුවද එකී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ස්වාධීනව ක්‍රියා නොකිරීම ගැන බාර දුන් පැමිණිල්ල කුණු කුඩයට නොයැවිය යුතුය.

කාලිංග ඉන්දතිස්ස, සංජීව ජයවර්ධන සහ ඉක්‍රම් මොහොමඩ්  ජනාධිපති නීතීඥවරුන්ගේ සහයෙන් අධිකරණ අමාත්‍යාශය ව්‍යවස්ථා විරෝධී කොරෝනා පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බව එළිදරව් වුවද,එකී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ස්වාධීනව ක්‍රියා නොකිරීම ගැන බාර දුන් පැමිණිල්ල කුණු කුඩයට නොයැවිය යුතුය.
ජනමතවිචාරණයකට යා යුතුව තිබූ වගන්ති 7 ක්  සහිතව 2019 කොරෝනා වෛරස් රෝගය තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත අලි සබ්‍රි ජනාධිපති නීතීඥවරයා ඉදිරිපත් කර ඇත්තේ කාලිංග ඉන්දතිස්ස, සංජීව ජයවර්ධන සහ ඉක්‍රම් මොහොමඩ් යන ජනාධිපති නීතීඥවරුන්ගේ සහායෙන් බව 2021 අගෝස්තු 17 දින පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව මගින් පැහැදිලි වේ. (2021.08.18 දිවයින 07 පිටුව දක්වා ඇත්තේ එකී පනත් කෙටුම්පත ගෙන ඒමට එකී නීති විශාරදයන් මැදිහත් වී ඇති බවයි) පසුගිය මස 20 වන දින පුරවැසියන් විසින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කොරෝනා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ කිහිප දෙනෙකු වැරදි ලෙස ක්‍රියා කිරීම, ස්වාධීනව වෘත්තීය බව නොපෙන්වීම සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණ අතර අලි සබ්‍රි ජනාධිපති නීතීඥවරයාගේ වැරදි හැසිරීම් සම්බන්ධයෙන් පරීක්ෂාකර නීතිය ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් 2021.07.20 දින ඉල්ලා ඇත. එකී පැමිණිල්ල සම්බන්ධයෙන් නීතීඥ සංගමය විසින් ඉදිරි පියවර ගැනීම සිදු වෙයිද යන්න බලවත් සැකයක් ඇතිවීම නොවැළැක්විය හැකිය. ජනමතවිචාරණයකට යා යුතුව තිබූ වගන්ති 60% තිබූ 2019 කොරෝනා වෛරස් රෝගය තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නීතීඥ සංගමයේ කිහිප දෙනෙකුගේ වැරදි නීතිමය දැක්ම සහ තත්ත්වය නිවැරදි කර ගැනීමට හැකි වූයේ නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ( SC/SD/24;2021) ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමෙන් පසු වන අතර එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය 2021.07.06 දින හැන්සාඩ් වාර්තාවේ ඇතුලත් කර ඇත. රටේ සියලුම නීතීඥවරුන්ගෙන් සමන්විත ( විනිසුරුවරුන්ද ඇතුලත්)  ශ්‍රී ලංකා නීතීඥ සංගමය කිහිප දෙනෙකුගේ බලපෑමට යටත්ව ජනමතවිචාරණයකට යා යුතුව තිබූ වගන්ති 7 ක් සහිත වූ 2019 කොරෝනා වෛරස් රෝගය තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නිහඩව සහ උදසීනව සිටි බව ඉතා පැහැදිලි අතර නීතියේ පාලනයට, අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතීඥ වෘත්තියේ ස්වාධීනත්වයට මෙය දැඩි අනතුරක් බවත් පැහැදිලිය. "වැටත් නියරත් ගොයම් කා නම් කාට කියනුද ඒ අමාරුව" යන්න 2019 කොරෝනා වෛරස් රෝගය තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ කිහිප දෙනෙකුගේ ක්‍රියාකලාපය මත ඇති වී තිබූ ඉහත තත්ත්වය පැහැදිලි කරයි. ඕනෑම රජයක් ගෙනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රයේ බලවතුන් කිහිප දෙනෙකු විසින් වැරදි ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය පාලනය කිරීම සහ මෙහෙයවීම ජනතාවගේ පරමාධිපත්‍යය අනතුරට පත් කිරීමකි, නීතීඥ සංගමයේ ස්වාධීනත්වය බිද දැමීමකි. ව්‍යවස්ථා විරෝධී කොරෝනා පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත්තේ බලවතුන් කිහිප දෙනෙකුගේ සහයෙන් හෙයින් එහිදී ශ්‍රී ලංකා නීතීඥ සංගමය ස්වාධීනව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන්, නීතීඥ සංගම් සභාපතිට සහ ලේකම්ට පුරවැසියන් බාර දුන් පෙත්සම කුණු කුඩයටද? යන්න නීතියේ පාලනය පිළිබද විමසිල්ලෙන් සිටින ජනතාවට වැදගත් වේ. නීති ක්ෂේත්‍රයේ බලවතුන් කිහිප දෙනෙකු විසින් 2019 කොරෝනා වෛරස් රෝගය තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වැරදි ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය මෙහෙයවා ඇති ආකාරය සම්බන්ධයෙන් සහ නැවත එවැනි ආකාරයේ පක්ෂග්‍රාහී සිදුවීම් සිදුනොවන ආකාරයට අවශ්‍ය නිර්දේශ එකී පැමිණිල්ල විභාග කිරීමෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයට නිර්දේශ ලබා ගත හැකිය. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ කිහිප දෙනෙකු වැරදි ලෙස ක්‍රියා කිරීම, ස්වාධීනව වෘත්තීය බව නොපෙන්වීම සහ නීතීඥවරු කිහිප දෙනෙකුගේ වැරදි හැසිරීම් සම්බන්ධයෙන් පරීක්ෂාකර නීතිය ක්‍රියාත්මක කරන ලෙස පුරවැසියන් විසින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයට 2021.07.20 දින බාර දුන් පැමිණිල්ල සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය වන්නේ එහෙයිනි. මාධ්‍ය අංශය වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීතිඅධ්‍යයන වැඩසටහන, දුරකථන 0712063394, 0786016161 (2021.08.18)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද? ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ "ජයිකා" ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ජනාධිපති නීතීඥවරුන් 3ක් සහ තවත් නීතීඥවරුන් 2ක් විසින් ලබා ගෙන ඇති බවට වන සාකච්ඡාවක් පසුගිය සති 2ක පමණ කාලයක සිට ඇරඹී ඇත. එකී ලබා ගත් මුදල් කිහිප දෙනෙකු විසින් නැවත ආපසු ලබා දීමෙන් මෙම ප්‍රශ්නය අවසන් නොවන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා සහ අලගරත්නම් මහතා යන පංච පුද්ගල කමිටුවක්ද මේ වන විට පත්කර ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු නීතීඥවරුන්ගේ, විනිසුරුවරුන්ගේ පමණක් නොව ජනතාවගේද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන නීතියේ පාලනය සුරකින ආයතනයකි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වශයෙන් ජාත්‍යන්තර ආධාර ලැබෙන බවත් ශ...

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි.

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි. නීති ග්‍රන්ථ ගණනාවක් ලියා ඇති, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ නීතිය පිළිබඳ ලිපි ලියන, නිතිය පිළිබඳ අධ්‍යාපන වැඩසටහන්, වැඩමුළු පවත්වන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියක් සහ උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇති නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් සාධාරණ නඩු විභාගයක් පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා වන පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට ක්‍රියා කර ඇත. එකී යෝජිත පනත් කෙටුම්පත අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (A Bill to Protection of the Rights of Persons Presenting Submissions before Courts, Tribunals and Institutions.) යන දීර්ඝ නාමයෙන් හදුන්වා ඇත. එකී පනත් කෙටුම්පතේ වගන්ති 5ක් දැක්වෙන අතර එහි 3 වන වගන්තිය මගින් "අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ට වෙනත් ලිඛිත ...