Skip to main content

රුසියන් AEROFLOT ගුවන් යානා නඩුවේ (CHC/126/22/MR) ෆිස්කල්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කිහිප දෙනෙකු ගන්නා උත්සාහය ඉංග්‍රීසියෙන් ඇති අධිකරණ නියෝග තේරුම් නොගැනීමක්ද?

රුසියන් AEROFLOT ගුවන් යානා නඩුවේ (CHC/126/22/MR) ෆිස්කල්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කිහිප දෙනෙකු ගන්නා උත්සාහය ඉංග්‍රීසියෙන් ඇති අධිකරණ නියෝග තේරුම් නොගැනීමක්ද?
1) Registrar is directed to convey this enjoining order to the Head of Air Navigation Services, the 2nd defendent. 2) Registrar is dorected to inform the Chief Trafic Controller by telephone and serve through the Fiscal also. ඉහත නියෝග 2 කොළඹ වාණිජ මහාධිකරණය විසින් CHC/126/22/MR නඩුවේදී එරොෆ්ලොට් රුසියන් එයර්ලයින් වෙත වාරණ නියෝගයක් නිකුත් කිරීමට අතිරේකව 2022.06.02 දින ලබා දී ඇත. රුසියන් AEROFLOT ගුවන් යානාව බේරුම්කරණ තීරණය ප්‍රදානය කරන තෙක් පියාසර කටයුතු කිරීම වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කිරීමේදී ඉහත නියෝග 2ද අතිරේකව ලබා දී ඇත. සිංහල භාෂාවෙන් වාරණ නියෝගය ලබා දී ඇති අතර ඉහත අතිරේක නියෝග 2 ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දී ඇත. රුසියන් AEROFLOT ගුවන් යානා තහනම් නඩුවේදී සිංහලෙන් එක නියෝගයක් ලබා දී ඉංග්‍රීසියෙන් තවත් නියෝග කිහිපයක් ලබා දී තිබියදි ෆිස්කල් මගින් කළ ක්‍රියාව අභියෝග කිරීමේදී හෝ ඒවායේ වරද, නිවරද පරීක්ෂා කිරීමේදී අධිකරණය ලබාදුන් සියලු නියෝග කෙරෙහි අවධානය යොමු කළ යුතුය. කොළඹ වාණිජ මහාධිකරණ CHC/126/22/MR නඩුවේ 2022.06.02 නියෝග කිහිපයක්ම ලබා දී ඇත. එදින වාරණ නියෝගය සිංහල භාෂාවෙන් ලබා දී ඇත්තේ 1වන විත්තිකාර රුසියාව, මොස්කව් 119002, බිල්ඩ් 10, ආර්බට් ස්ට්‍රා, ඒරොෆ්ලොට් රුසියන් එයාර් ලයින්, පබ්ලික් ජොයින්ට් ස්ටොක් කම්පැනියට එරෙහිවය. (මේ වාරණ නියෝගයේ පිටපතක්, පැමිණිල්ල, දිව්රුම් පෙත්සම, ඇමිණුම් සහ අතුරු තහනම් නියෝග ඉල්ලීම පිළිබඳ දැන්වීම විත්තිකරුට යවයි.) එසේ වුවත් නඩු වාර්තාවේ වෙනම ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ඉහත අතිරේක නියෝග විත්තිකරු වෙත අධිකරණ ෆිස්කල් මගින් යැවෙන්නේ නැත. ගුවන් නාවික සේවා වැඩබලන ප්‍රධානී එන්.සී.අබේවර්ධන මෙම නඩුවේ 2වන විත්තිකරු වන අතර ඔහු සහ තවත් අය සම්බන්ධයෙන් නඩු වාර්තාවේ කාර්ය සටහන් සහ විනිශ්චයාසනයේ සිට ලබා දුන් වෙනත් නියෝග සන්නිවේදනය වන්නේ නැත. ෆිස්කල්වරයා සහ අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා අධිකරණය ලබා දෙන සියලු නියෝග ක්‍රියාත්මක කළ යුතු අතර නීතිගරුක තැනැත්තන් ඒ අධිකරණ නියෝගවලට කීකරු වෙයි. ඒ අනුව කොළඹ වාණිජ මහාධිකරණය විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දී ඇති, 1) Registrar is directed to convey this enjoining order to the Head of Air Navigation Services, the 2nd defendent. 2) Registrar is dorected to inform the Chief Trafic Controller by telephone and serve through the Fiscal also යන නියෝගද ඒවා අධිකරණය විසින් වෙනස් කරන තෙක් වලංගු නියෝග ලෙස සැළකිය යුතුය. මේ අනුව ෆිස්කල්වරයා සිදුකර ඇත්තේ අධිකරණ නියෝග අනුව ක්‍රියා කර වාරණ නියෝගය සහ ඒ සමග ඇති ලේඛන 1වන විත්තිකරුට ලබා දීමය. ඒ අනුව ෆිස්කල්වරයා වරදක් කර නැත.ඔහු අධිකරණය ලබා දුන් නියෝග සියල්ලම ක්‍රියාත්මක කර ඇත. "සතාසිවම්" නඩුවේ මෝල්ගහ වරද කර ඇති බව ජනතාව කීවා සේ ඒරොෆ්ලොට් රුසියන් එයාර් ලයින් ගුවන් යානා තහනමේදී වරද කර ඇත්තේ ශ්‍රී ලංකාවේ "සංචාරක කර්මාන්තය" විසින්ම බව ජනතාව කීවොත් පුදුම විය යුතු නැත. මන්ද ඒරොෆ්ලොට් රුසියන් එයාර් ලයින් නඩුවේදී නීතිමය වරදක් කිසිවෙකු විසින් හෝ සිඳුකර නැති හෙයිනි. මෙම නඩුවේ නඩු වාර්තාව පරිශීලනය කිරීමේදී මේ කරුණු අනාවරණය වුවද, ෆිස්කල්වරයා වැරදි ලෙස ක්‍රියා කර ඇති බවට තොරතුරු සමාජයට ගලායාම සහ මාධ්‍ය මගින් යථාතත්ත්වය ජනතාවට සන්නිවේදනය නොවී ඇත්තේ සහ නීති අපගමනයන් වන්නේ අධිකරණ භාෂාවෙන් නීති කටයුතු සිඳුකිරීම වළක්වා තිබීම සහ අධිකරණ භාෂාව නොවන ඉංග්‍රීසි භාෂාවෙන් අධිකරණ නීති කටයුතු සිඳු කිරීම හේතුවෙන්‍ බවට පරීක්ෂා කිරීමේදී නිරීක්ෂණය වේ. මේ වන විට අධිකරණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීමද සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් වළක්වා ඇති අතර, 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය මගින් අධිකරණය භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීමට එරෙහිව නීති පනවා ඇති හෙයින් මෙවැනි නීති අපගමයන්, යුක්ති අපගමනයන් ඉදිරියේදී වැඩි වශයෙන් ඇති වීම සහ සිඳුකිරීම වැළැක්විය නොහැකිය. විදේශීය සමාගම් සම්බන්ධ අධිකරණ කටයුත්තකදී වියයුත්තේ අධිකරණ භාෂාවෙන් නඩු කටයුතු සිඳුකර එකී විදේශීය සමාගම කටයුතු කරන භාෂාවෙන් පරිවර්තන ලබා දීම සහ අධිකරණ නියෝග සියල්ලම සන්නිවේදනය කිරීම වුවත් ශ්‍රී ලංකාවේ නීති ක්‍රමය තුළ එය සිඳු නොවේ. ඒ බව කොළඹ වාණිජ මහාධිකරණ CHC/126/22/MR නඩු වාර්තාව අධ්‍යයනය කිරීමේදී පෙනී යයි. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහල භාෂාවෙන් ලබා දෙන ලෙස ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කතානායකවරයාගෙන් පාර්ලිමේන්තු සභාගැබේදී ඉල්ලා සිටියද එය ඉටුකිරීමට කථානායකවරයාට නොහැකි වූ අතර, රටේ බහුතර ජනතාව භාව්තා කරන සිංහල භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ලබා දීමට තරම්වත් ව්‍යවස්ථාදායක බලයක් පාර්ලිමේන්තුවටනොතිබීමෙන් පෙනී යන්නෙ ව්‍යවස්ථාදායක, අධිකරණ සහ විධායක ආයතන ජනතා පරමාධිපත්‍යය නොතකන ප්‍රමාණයේ තරමය. මෙවැනි තත්ත්වයක් තුළ කොළඹ වාණිජ මහාධිකරණ නියෝග අනුව ක්‍රියා කළ ෆිස්කල්වරයාට අයුක්තියක්, අසාධාරණයක් සිඳුවීම පිළිබඳ තැකීමක් කළ යුතුද? නැද්ද? එය සමාජ ප්‍රශ්නයකි. නීතියේ පාලනය පිළිබඳ ප්‍රශ්නයකි. යුක්තියට ඇති සම ප්‍රවේශයේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයකි. නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B Sc(Col), PGDC(Col) (සමායෝජක) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394) (2022.06.12)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...