Skip to main content

"ජනතාව සහ ජනරජයේ ජනාධිපතිවරයා"ලෙස අලුත් පරිච්ඡේදයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ජනතාව සහ ජනාධිපතිවරයා අතර සම්බන්ධතාවය ශක්තිමත් කරමු...!

"ජනතාව සහ ජනරජයේ ජනාධිපතිවරයා"ලෙස අලුත් පරිච්ඡේදයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ජනතාව සහ ජනාධිපතිවරයා අතර සම්බන්ධතාවය ශක්තිමත් කරමු...!
ජනාධිපතිවරයා ජනතාව විසින් ඡන්දයෙන් තෝරා ගත්තද ජනාධිපතිවරයා ප්‍රශ්න කළ හැක්කේ මූලික අයිතිවාසිකම් නඩු වලින් පමණි. මෙය ප්‍රජාතන්ත්‍රවාදයට, නීතියේ පාලනයට සහ ජනාධිපති සහ ජනතාව අතර ඇති සම්බන්ධතාවට හිතකර නැත. මේ දුර්වලතාවය හේතුවෙන් වතුර බොර කර බොර දියේ මාලු බෑමට පාර්ලිමේන්තුව සහ අන්තවාදීන් උත්සාහ කරන අතර, පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයා පාලනය කිරීමට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට අවස්ථාවක් කරගෙන ඇත. ජනාධිපතිවරයා ජනතාව විසින් සෘජුවම තෝරාපත් කර ගන්නා හෙයින්, ජනාධිපතිවරයා  පාර්ලිමේන්තුවටයටත් කිරීම නො විය යුතු අතර ජනාධිපතිවරයා ජනතාවට යටත් කිරීම සිඳුවිය යුතුය. මේ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට "ජනතාව සහ ජනරජයේ ජනාධිපතිවරයා"ලෙස අලුත් පරිච්ඡේදයක් (VII අ) ඇතුළත් කර ජනතාව සහ ජනාධිපතිවරයා අතර ඇති සම්බන්ධතාවය ශක්තිමත් කළ යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අලුත් පරිච්ඡේදයට ඇතුළත් විය යුතු කෙටුම්පත පහත දක්වා ඇත. 1. ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා සිය කාර්ය කර්තව්‍ය යථා පරිදි ක්‍රියාත්මක කිරීම සහ යථා පරිදි ඉටු කිරීම සමබන්ධයෙන් ජනතාවටද වගකිව යුත්තේය. 2. ජනාධිපතිවරයා වෙත පුරවැසියෙකු යවන යෝජනාවක්, ඉල්ලීමක් සම්බන්ධයෙන් පිළිතුර, විසඳුම දින 30ක් ඇතුළත යොමු කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතුය. 3. ඉහත අංක 2 යටතේ ජනාධිපතිවරයා යොමු කරන පිළිතුර, විසඳුම මගින් අතෘප්තියට පත් වන්නේ නම් ඒ තැනැත්තා හෝ නීතිඥවරයා මගින් "විධායක ජනතා අධිකරණයට" පෙත්සමක් ඉදිරිපත් කළ හැකි අතර එකී පෙත්සමේ ජනාධිපතිවරයා වෙනුවට නීතිපතිවරයා වගඋත්තරකරු කළ යුත්තේය. 4. මේ පරිච්ඡේදයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් පත් කරනු ලබන වෘත්තීය හෝ අධ්‍යාපන හෝ නීති හෝ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නිපුණතාවය දක්වන වයස අවුරුදු 60 නොඉක්මවූ 05දෙනෙකුගෙන් යුත්  "විධායක ජනතා අධිකරණ" දිස්ත්‍රික්කයකට 1 බැගින් පාර්ලිමේන්තුව විසින් පිහිටුවිය යුත්තේය. 5."විධායක ජනතා අධිකරණය" ලබා දෙන තීරණ සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම ලබා දිය යුත්තේය. 6. "විධායක ජනතා අධිකරණය" ලබා දෙන තීරණයකින් අතෘප්තියට පත්වන තැනැත්තන්ට දින 28ක් ඇතුළත පාර්ලිමේන්තුව  වෙත අභියාචනා කළ හැක්කේය. 7. "විධායක ජනතා අධිකරණය" ලබා දෙන තීරණවලට එරෙහිව එන අභියාචනා සළකා බැලීමට පාර්ලිමේන්තුව විසින් ස්ථාවර නියෝග මගින් විධිවිධාන සැළැස්විය යුත්තේය. 8. අවථාවෝචිත පරිදි "විධායක ජනතා අධිකරණය" හෝ පාර්ලිමේන්තුව ලබා දෙන තීරණ අවසානාත්මක වේ. මෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ක්‍රියාත්මක කිරීමෙන් ජනාධිපතිවරයාට එරෙහිව වර්තමානයේ පවතින මහජන විරෝධය ජනතා හිතවාදීව පාලනය කළ හැකි අතර ගාලුමුවදොර විරෝධයට පදනම සපයා ඇත්තේද ජනාධිපතිවරයා ජනතාව සමග පවතින දුරස්ථ සම්බන්ධයම වේ. නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B Sc(Col), PGDC(Col) (සමායෝජක) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394) (2022.06.03)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද? ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ "ජයිකා" ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ජනාධිපති නීතීඥවරුන් 3ක් සහ තවත් නීතීඥවරුන් 2ක් විසින් ලබා ගෙන ඇති බවට වන සාකච්ඡාවක් පසුගිය සති 2ක පමණ කාලයක සිට ඇරඹී ඇත. එකී ලබා ගත් මුදල් කිහිප දෙනෙකු විසින් නැවත ආපසු ලබා දීමෙන් මෙම ප්‍රශ්නය අවසන් නොවන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා සහ අලගරත්නම් මහතා යන පංච පුද්ගල කමිටුවක්ද මේ වන විට පත්කර ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු නීතීඥවරුන්ගේ, විනිසුරුවරුන්ගේ පමණක් නොව ජනතාවගේද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන නීතියේ පාලනය සුරකින ආයතනයකි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වශයෙන් ජාත්‍යන්තර ආධාර ලැබෙන බවත් ශ...

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි.

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි. නීති ග්‍රන්ථ ගණනාවක් ලියා ඇති, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ නීතිය පිළිබඳ ලිපි ලියන, නිතිය පිළිබඳ අධ්‍යාපන වැඩසටහන්, වැඩමුළු පවත්වන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියක් සහ උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇති නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් සාධාරණ නඩු විභාගයක් පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා වන පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට ක්‍රියා කර ඇත. එකී යෝජිත පනත් කෙටුම්පත අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (A Bill to Protection of the Rights of Persons Presenting Submissions before Courts, Tribunals and Institutions.) යන දීර්ඝ නාමයෙන් හදුන්වා ඇත. එකී පනත් කෙටුම්පතේ වගන්ති 5ක් දැක්වෙන අතර එහි 3 වන වගන්තිය මගින් "අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ට වෙනත් ලිඛිත ...