Skip to main content

ජනාධිපතිට එරෙහිව නඩු පැවරිය හැකි "විශේෂ දිසා අධිකරණය" පිහිටුවීම ජනාධිපති ජනතාවට වගකියන තැනට පත්කිරීමට ඇති එකම මාර්ගයයි...! ( The only way to make the President accountable to the people is to set up a "Special District Court" where cases can be filed against the President ...!)

ජනාධිපතිට එරෙහිව නඩු පැවරිය හැකි "විශේෂ දිසා අධිකරණය" පිහිටුවීම ජනාධිපති ජනතාවට වගකියන තැනට පත්කිරීමට ඇති එකම මාර්ගයයි...! ( The only way to make the President accountable to the people is to set up a "Special District Court" where cases can be filed against the President ...!)
(අවශ්‍ය වන්නේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා නොගැනීමට ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම නොව ජනතාව විසින් තෝරා ගන්නා ජනාධිපති ජනතාවට වගකිව යුතු තැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම බව මෙම කෙටි ලිපියෙන් පෙන්වා දී ඇත) විධායක ජනාධිපතිවරයාව ජනතාව විසින් තෝරා පත් කරගත්තද, ජනතාවට ජනාධිපති සමඟ නීත්‍යානුකූලව සම්බන්ධ වීමට ඇත්තේ එකම නීතිමය මාර්ගයකි. ඒ මූලික අයිතිවාසිකම් නඩු පැවරීම පමණි. ජනාධිපතිට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේදී ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපති එයට පිළිතුරු ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිය යුතුය. නඩුව දින්නද, පැරදුනද ජනාධිපතිට එරෙහිව පවරන මූලික අයිතිවාසිකම් නඩුවකදී ජනාධිපතිට නඩු පවරන්නාගේ ඉල්ලීම ඇසීමට සහ පිළිතුරු දීමට නීතිමය බැඳීමක් ඇත. මේ ආකාරයටම ජනතාවගේ වෙනත් ඉල්ලීම්, ගැටළු, යෝජනා සම්බන්ධවත් ජනාධිපතිවරයා ජනතාවට පිළිතුරු, විසදුම් දීමට නීතිමය යාන්ත්‍රණයක් ඇතිකිරීම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරයි. වත්මන් ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ "ගම සමඟ පිළිසඳරක්" යන්න ව්‍යවස්ථාවෙන් පිළිගත් නීතිමය යාන්ත්‍රණයක් නොවේ. එය හුදෙක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සිතිවිල්ලකි. විය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ජනාධිපතිවරයා ජනතාවට වගකියන සහ ජනතාවගේ ඉල්ලීම්, ගැටළු, යෝජනා සඳහා ජනතාවට විසඳුම්, පිළිතුරු ඉදිරිපත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නීතිමය ක්‍රියා පිළිවෙලක් ඉදිරිපත් කිරීමය. එවිට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙකු එකතු වී ඔවුන්ගේ පුද්ගලික අදහස් අනුව ජනතා ඉල්ලීම්, ගැටළු, යෝජනා සඳහා ජනාධිපතිගේ විසඳුම්, යෝජනා ඉදිරිපත් කරන වත්මන් ක්‍රමය වෙනස් කළ හැකිය. ජනතාවගේ ඉල්ලීම්, ගැටළු, යෝජනා සඳහා ජනාධිපතිවරයාගේ විසඳුම්, පිළිතුරු ඉදිරිපත් කිරීම දින 30ක් ඇතුළත කිරීමට ජනාධිපතිට නියම කළ හැකි අතර, ජනාධිපතිවරයාගේ විසඳුම්, පිළිතුරු වලින් අතෘප්තියට පත්වන තැනැත්තාට එයට එරෙහිව නීතිමය සහන ලබා ගැනීමට යාන්ත්‍රණයක් පවතින අධිකරණ ක්‍රමය හරහා ඇති කළ යුතුය. දැනට පවතින ජනාධිපතිට එරෙහිව පවතින මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේ අයිතිය තව දුරටත් පුළුල් කළ යුතු අතර "විශේෂ දිසා අධිකරණය" පිහිටුවා එහි නඩු පැවරීම දක්වා මෙය ව්‍යාප්ත කළ යුතුය. ජනාධිපතිට එරෙහිව නඩු පැවරිය හැකි "විශේෂ දිසා අධිකරණය" පිහිටුවීම ජනාධිපති, ජනතාවට වගකියන තැනට පත්කිරීමට ඇති එකම මාර්ගය වන අතර, ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට හෝ අගමැතිවරයාට ලබා දීමෙන් හෝ මාරු කිරීමෙන් ජනතාවට අත්වන සෙතක් නැත. නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B Sc(Col), PGDC(Col) (සමායෝජක) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394) (2022.06.02)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...