Skip to main content

සිංහලෙන් එකක් කියා ඉංග්‍රීසියෙන් වෙන එකක් කියන "එරොෆ්ලොට් ගුවන් යානා නඩුවේ නීතිය" ගැන රුසියන් තානාපති කාර්යාලය කුමක් කියයිද? What does the Russian embassy say about the law in the aeroflot plane case which One in Sinhala and another in English?

සිංහලෙන් එකක් කියා ඉංග්‍රීසියෙන් වෙන එකක් කියන "එරොෆ්ලොට් ගුවන් යානා නඩුවේ නීතිය" ගැන රුසියන් තානාපති කාර්යාලය කුමක් කියයිද? What does the Russian embassy say about the law in the aeroflot plane case which One in Sinhala and another in English? Что говорит российское посольство о законе в деле самолета Аэрофлота, один на сингальском, другой на английском?
රුසියන් ගුවන් යානා තහනමේදී  සිංහලෙන් එකක් කියා ඉංග්‍රීසියෙන් වෙන එකක් කියා ඇති නිසා වරද කර ඇත්තේ ෆිස්කල් නොව සතාසිවම් නඩුවේ මොල්ගහ මෙන් සංචාරක කර්මාන්තයයි. රුසියන් ගුවන් යානා තහනමේදී  සිංහලෙන් එක නියෝගයක් ලබා දී ඉංග්‍රීසියෙන් තවත් නියෝගයක් ලබා දී ෆිස්කල් මගින් කළ ක්‍රියාව නීතිපති අභියෝග කළාද? කොළඹ වාණිජ මහාධිකරණ chc/126/22/mr නඩුවේ 2022.06.02 නියෝග 2ක් ලබා දී ඇත. වාරණ නියෝගය සිංහලෙන් ලබා දී ඇත්තේ 1වන විත්තිකාර රුසියන් සමාගමට එරෙහිවය. (මේ නියෝගයේ පිටපතක් විත්තිකරුට යවයි) එසේ වුවත් නඩු වාර්තාවේද වෙනම ඉංග්‍රීසි භාෂාවෙන් ඇති නියෝගයේ ගුවන් නාවික සේවා වැඩබලන ප්‍රධානී එන්.සී.අබේවර්ධන මගින් එකී නියෝගය ක්‍රියාත්මක කිරීමට නියෝග කර ඇත. (මේ නියෝගයේ පිටපතක් විත්තිකරුට යවන්නේ නැත) මේ අනුව ෆිස්කල්වරයා වරදක් කර නැත.ඔහු අධිකරණය ලබා දුන් නියෝග 2ම ක්‍රියාත්මක කර ඇත. සතාසිවම් නඩුවේ මෝල්ගහ වරද කර ඇති බව ජනතාව කීවා සේ රුසියන් ගුවන් යානා තහනමේදී වරද කර ඇත්තේ ශ්‍රී ලංකවේ සංචාරක කර්මාන්තය බව කීවොත් පුදුම විය යුතු නැත. මන්ද නීතිමය වරදක් කිසිවෙකු සිදුකර නැති හෙයිනි. මේ ආකාරයේ නීති අපගමනයන් කිරීමට හැකි වී ඇත්තේ සහ නීති අපගමනයන්  වන්නේ  අධිකරණ භාෂාවෙන් නීති කටයුතු සිඳුකිරීම වළක්වා අධිකරණ භාෂාව නොවන ඉංග්‍රීසි භාෂාවෙන් නීති කටයුතු සිඳු කිරීම හේතුවෙන්‍ ය. මේ වන විට අධිකරණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීමද සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් වැළැක්වීමට 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය මගින් නීති පනවා ඇති හෙයින් මෙවැනි නීති අපගමයන් ඉදිරියේදී වැඩි වශයෙන් ඇති වීම සහ සිඳුකිරීම වැළැක්විය නොහැකිය. විදේශීය සමාගම් සම්බන්ධ අධිකරණ කටයුත්තකදී වියයුත්තේ අධිකරණ භාෂාවෙන් නඩු කටයුතු සිඳුකර එකී විදේශීය සමාගම කටයුතු කරන භාෂාවෙන් පරිවර්තනය ලබා දීම වුවත් ශ්‍රී ලංකාවේ නීති ක්‍රමය තුළ එය සිඳු නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහල භාෂාවෙන් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියද එය ඉටුකිරීමට කථානායකවරයාට නොහැකි වූ අතර, රටේ බහුතර ජනතාව භාව්තා කරන සිංහල භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණ ලබා දීමට පවා ව්‍යවස්ථාදායක බලයක් පාර්ලිමේන්තුවටනොතිබීමෙන් පෙනී යන්නෙ ව්‍යවස්ථාදායක, අධිකරණ සහ විධායක ආයතන ජනතා පරමාධිපත්‍යය නොතකන ප්‍රමාණයේ තරමය. නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B Sc(Col), PGDC(Col) (සමායෝජක) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394) (2022.06.10)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...