Skip to main content

සිංහලෙන් එකක් කියා ඉංග්‍රීසියෙන් වෙන එකක් කියන "එරොෆ්ලොට් ගුවන් යානා නඩුවේ නීතිය" ගැන රුසියන් තානාපති කාර්යාලය කුමක් කියයිද? What does the Russian embassy say about the law in the aeroflot plane case which One in Sinhala and another in English?

සිංහලෙන් එකක් කියා ඉංග්‍රීසියෙන් වෙන එකක් කියන "එරොෆ්ලොට් ගුවන් යානා නඩුවේ නීතිය" ගැන රුසියන් තානාපති කාර්යාලය කුමක් කියයිද? What does the Russian embassy say about the law in the aeroflot plane case which One in Sinhala and another in English? Что говорит российское посольство о законе в деле самолета Аэрофлота, один на сингальском, другой на английском?
රුසියන් ගුවන් යානා තහනමේදී  සිංහලෙන් එකක් කියා ඉංග්‍රීසියෙන් වෙන එකක් කියා ඇති නිසා වරද කර ඇත්තේ ෆිස්කල් නොව සතාසිවම් නඩුවේ මොල්ගහ මෙන් සංචාරක කර්මාන්තයයි. රුසියන් ගුවන් යානා තහනමේදී  සිංහලෙන් එක නියෝගයක් ලබා දී ඉංග්‍රීසියෙන් තවත් නියෝගයක් ලබා දී ෆිස්කල් මගින් කළ ක්‍රියාව නීතිපති අභියෝග කළාද? කොළඹ වාණිජ මහාධිකරණ chc/126/22/mr නඩුවේ 2022.06.02 නියෝග 2ක් ලබා දී ඇත. වාරණ නියෝගය සිංහලෙන් ලබා දී ඇත්තේ 1වන විත්තිකාර රුසියන් සමාගමට එරෙහිවය. (මේ නියෝගයේ පිටපතක් විත්තිකරුට යවයි) එසේ වුවත් නඩු වාර්තාවේද වෙනම ඉංග්‍රීසි භාෂාවෙන් ඇති නියෝගයේ ගුවන් නාවික සේවා වැඩබලන ප්‍රධානී එන්.සී.අබේවර්ධන මගින් එකී නියෝගය ක්‍රියාත්මක කිරීමට නියෝග කර ඇත. (මේ නියෝගයේ පිටපතක් විත්තිකරුට යවන්නේ නැත) මේ අනුව ෆිස්කල්වරයා වරදක් කර නැත.ඔහු අධිකරණය ලබා දුන් නියෝග 2ම ක්‍රියාත්මක කර ඇත. සතාසිවම් නඩුවේ මෝල්ගහ වරද කර ඇති බව ජනතාව කීවා සේ රුසියන් ගුවන් යානා තහනමේදී වරද කර ඇත්තේ ශ්‍රී ලංකවේ සංචාරක කර්මාන්තය බව කීවොත් පුදුම විය යුතු නැත. මන්ද නීතිමය වරදක් කිසිවෙකු සිදුකර නැති හෙයිනි. මේ ආකාරයේ නීති අපගමනයන් කිරීමට හැකි වී ඇත්තේ සහ නීති අපගමනයන්  වන්නේ  අධිකරණ භාෂාවෙන් නීති කටයුතු සිඳුකිරීම වළක්වා අධිකරණ භාෂාව නොවන ඉංග්‍රීසි භාෂාවෙන් නීති කටයුතු සිඳු කිරීම හේතුවෙන්‍ ය. මේ වන විට අධිකරණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීමද සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් වැළැක්වීමට 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය මගින් නීති පනවා ඇති හෙයින් මෙවැනි නීති අපගමයන් ඉදිරියේදී වැඩි වශයෙන් ඇති වීම සහ සිඳුකිරීම වැළැක්විය නොහැකිය. විදේශීය සමාගම් සම්බන්ධ අධිකරණ කටයුත්තකදී වියයුත්තේ අධිකරණ භාෂාවෙන් නඩු කටයුතු සිඳුකර එකී විදේශීය සමාගම කටයුතු කරන භාෂාවෙන් පරිවර්තනය ලබා දීම වුවත් ශ්‍රී ලංකාවේ නීති ක්‍රමය තුළ එය සිඳු නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහල භාෂාවෙන් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියද එය ඉටුකිරීමට කථානායකවරයාට නොහැකි වූ අතර, රටේ බහුතර ජනතාව භාව්තා කරන සිංහල භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණ ලබා දීමට පවා ව්‍යවස්ථාදායක බලයක් පාර්ලිමේන්තුවටනොතිබීමෙන් පෙනී යන්නෙ ව්‍යවස්ථාදායක, අධිකරණ සහ විධායක ආයතන ජනතා පරමාධිපත්‍යය නොතකන ප්‍රමාණයේ තරමය. නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B Sc(Col), PGDC(Col) (සමායෝජක) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394) (2022.06.10)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...