ශ්‍රී ලංකා අධිකරණ භාෂා නීති විද්‍යාලය පාර්ලිමේන්තු පනතකින් පිහිටුවිය යුත්තේ ඇයි?
(අධිකරණ අමාත්‍යාංශයේ සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ මෙහෙයවීමෙන් ප්‍රකාශයට පත් කර ඇති 2020.12.30 අංක 2208/13 ගැසට් පත්‍රය මගින් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම, නීති විභාග පැවැත්වීම වළක්වා ඇත)
නීතිඥවරු බිහිකරන ශ්‍රී ලංකා
නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් සහ නීති පැනවීමේ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා නොදිම ජනතාවගේ පරමාධිපත්‍යය අහිමි කිරීමකි.(මේ සම්බන්ධයෙන් නීතියේ පිහිට පැතීම ප්‍රායෝගික නොවන්නේ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සංයුතිය, එහි බලපෑම සහ අගවිනිසුරු එහි ප්‍රධානත්වය දැරීම හේතුවෙනි.) එසේ හෙයින් පාර්ලිමේන්තු පනතකින් හෝ සංස්ථාගත නීති අධ්‍යාපන සභාව ස්වාධීන කොමිසමක් කිරීමෙන් මෙයට විසඳුම් සෙවිය යුතුය.
"නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ" නම් ශ්‍රී ලංකා නීති ව්ද්‍යාලය ඉංග්‍රීසියෙන් පමණක් නීතිය ඉගැන්වීම නීති මූලධර්ම වලට පටහැනිව යාමකි.
ශ්‍රී ලංකා නීති ව්ද්‍යාලය ඉංග්‍රීසියෙන් පමණක් නීතිය ඉගැන්වීම නිදහස් අධ්‍යාපනය ලබන පුරවැසියන් නීතියෙන් ඈත් කිරීමකි, නිදහස් අධ්‍යාපනය ලබන පුරවැසියන්ගේ නෛතිකව සාක්ෂරතාවය අහිමි කිරීමකි.
ඉංග්‍රීසි අන්තවාදීන්ගේ වැරදි නීතිමය භාවිතයන්ට අභියෝග එල්ල කරමින් නීතියේ පාලනය පිහිටුවිය හැක්කේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලැබීමට නීති විද්‍යාලයක් පිහිටුවීමට පනත් කෙටුම්පතක් ගෙන ඒමෙනි.
එසේ නොමැතිනම් ඉංග්‍රීසි අන්තවාදීන්ට දිරිය, ශ්ක්තිය ලබා දෙන සංස්ථාගත නීති අධ්‍යාපන සභාව ස්වාධීන කොමිසමක් බවට පත් කිරීමෙනි.
සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුර 0712063394 (2022.08.04)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...
Comments
Post a Comment