Skip to main content

තමන්ගේ සිංහල විරෝධී සහ ඉංග්‍රීසි අන්තවාදී නීති ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ජයන්ත ජයසූරිය අගවිනිසුරුවරයා ධූරයෙන් ඉල්ලා අස්විය යුත්තේ ඇයි?

තමන්ගේ සිංහල විරෝධී සහ ඉංග්‍රීසි අන්තවාදී නීති ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ජයන්ත ජයසූරිය අගවිනිසුරුවරයා ධූරයෙන් ඉල්ලා අස්විය යුත්තේ ඇයි?
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අලිසබ්‍රි අධිකරණ ඇමතිගේ සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී සහ ඉංග්‍රීසි අන්තවාදී 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව විසින් 2023.03.21 දින අතිශය බහුතර ඡන්දයෙන් ප්‍රතික්ෂේප කර ඇත. එකී ගැසට් පත්‍රය මගින් සිංහල සහ දෙමළ භාෂා වලින් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම නතර කර තිබුණි. මෙය සැබවින්ම ඉංග්‍රීසි අන්තවාදීන් පිනවීමටත් නිදහස් අධ්‍යාපනය ලබන සිංහල දෙමළ දරුවන් නීතීඥ, විනිසුරු වෘත්තියෙන් බැහැර කිරීමට ගෙනා අන්තවාදී ගැසට් පත්‍රයකි. මෙම ගැසට් පත්‍රය පහත අය විසින් 2020 දී ගෙනවිත් ඇත. 1) ගරු ජයන්ත ජයසූරිය  (අගවිනිසුරු, ජනාධිපති නීතීඥ) 2) ගරු ඩී. ද ලිවේරා (නීතිපති) 3) ගරු බී.පී. අලුවිහාරෙ (ජනාධිපති නීතීඥ) 4) ගරු කේ. සිසිර ආබෲ 5) එම්. එම්.පී. කේ.මායාදුන්නේ මහතා (ලේකම්,අධිකරණ අමාත්‍යාංශය) 6) සන්ජේ රාජරත්නම් මහතා (වැඩබලන සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ) 7) ප්‍රශාන්ත ලාල් ද අල්විස් මහතා (ජනාධිපති නීතීඥ) 8) මහාචාර්ය වී. ටී. තමිල්මාරන් 9) ප්‍රියන්ත නවාන මහතා (ජනාධිපති නීතීඥ) 10) කේ. නවරත්න මහතා 11) කේ. ඉන්ද්‍රතිස්ස මහතා (ජනාධිපති නීතීඥ) 12) තිසත් විජේගුණවර්ධන මහතා (ජනාධිපති නීතීඥ) 13) ධම්මික දසනායක මහතා 14) Ms සාවිත්‍රි විජේසේකර Ms ඉන්දිරා සමරසිංහ (ජනාධිපති නීතීඥ, විදුහල්පති, ලේඛකාධිකාරී (සංස්ථාගත නීති අධ්‍යාපන සභාව) අගවිනිසුරුවරයෙකුගේ මූලිකත්වයෙන් ගෙනා ගැසට් පත්‍රයක් පාර්ලිමේන්තුව විසින් මේ ආකාරයට ප්‍රතික්ෂේප කිරීම සුවිශේෂී නෛතික තත්ත්වයකි. එකී අගවිනිසුරුවරයාගේ සිංහල විරෝධී නෛතික ක්‍රියාමාර්ග, නෛතික අදහස පාර්ලිමේන්තුව විසින් පිළිගෙන නැත. තවදුරටත් එකී අගවිනිසුරුට සිය ධූරයේ කටයුතු කරන්නේ කෙසේද යන ගැටලුවත් ඒ අනුව පැන නැගී. එසේම තව දුරටත් ඒ අගවිනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු අසුනේ අසුන් ගන්නේ කෙසේද යන සදාචර සහ නෛතික ප්‍රශ්නයත් පැන නගී. අපක්ෂපාතීව අගවිනිසුරු ධූරයේ කටයුතු කරන්නේ කෙසේද යන ප්‍රශ්නයත් පැන නගී. ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී වෙනත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුට අගවිනිසුරු ධූරයට පත්වීමට අවස්ථාව සළසා නීතියේ පාලනය ආරක්ෂා කිරීම කරනු ඇතැයි ජනතාවෝ අපේක්ෂා කරති. නොඑසේනම් තමන්ගේ ඉංග්‍රීසි අන්තවාදී ගැසට් පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමේ වාඩුව ඔහු විසින් අගවිනිසුරු පුටුවේ සිටිමින් නොගන්නවා යැයි සිතිය නොහැකිය. එසේම සිංහල දෙමළ භාෂාවලින් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීමට ඔහු දිගින් දිගටම බාධා කරනු ඇත. ඔහුගේ සිංහල විරෝධී පටු අරමුණු දිගටම අගවිනිසුරු ධූරයේ සිටිමින් ක්‍රියාත්මක කරගනු ඇත. අගවිනිසුරුවරයාගේ එකී ඉංග්‍රීසි අන්තවාදී ගෑසට් පත්‍රයට එරෙහි වී පාර්ලිමේන්තුවේදී පරාජය කරවූ අයට එරෙහිව අගවිනිසුරුවරයාට විවිධ වූ ක්‍රියාමාර්ග ගැනීමට හැකිය. එයට ඉඩ තැබීම හෝ ඉඩ දීම නීතියේ පාලනය නොවේ. අගවිනිසුරු ධූරය අධිකරණයේ නොකැලැල් ධූරයකි. ජයන්ත ජයසූරිය අගවිනිසුරුවරයා එකී නොකැලැල් ධූරය පාර්ලිමේන්තුවේදී අපවිත්‍ර කරගෙන ඇත. එතුමා සාධාරණ  අයෙකු ලෙස කළ යුත්තේ ඉල්ලා අස්වී සුදුසු වෙනත් අයෙකුට අගවිනිසුරු ලෙස පත්වීමට අවස්ථාව සළසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිංහල දෙමළ භාෂාවලින් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීමට සුදුසු තත්ත්වයක් ඇති කිරීමට ඉඩ සළසා දීමය. නීතියේ පාලනය පිහිටුවිය හැක්කේ ආදර්ශයෙනි. එසේ නොමැතිව ඉංග්‍රීසි අන්තවාදීන්ට සහාය දෙන ලෙස අගවිනිසුරු ධූරය යෙදවීමෙන් නොවේ. ශ්‍රී ලංකාවට අඩු ආදර්ශවත් විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ධූරය. නීතියේ සිංහල නුගමුල, ෆීනික්ස් නීති සාර සංග්‍රහය. දුරකථන 0342256066, 0342256067, 0712063394 . (2023.03.21)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...