වචනයට කායික දණ්ඩන නියම කිරීම බුද්ධාගම යනු බාබේරියන් සමාජයක ආගමක් බව පෙන්වීමේ සැළසුමක්ද? (බුද්ධාගමේ හර පද්ධතිය කිහිප දෙනෙකු විසින් වචනයෙන් බිඳවීම සහ එයට ලබා දීමට යන කායික දණ්ඩන නෛතික ප්‍රතිචාර මගින් බුදු දහමේ සාරයට අත්විය හැකි අහිතකර ප්‍රතිඵල ගැන අවබෝධයක් නීතිය ඇසුරෙන් ලබා දීම මෙම ලිපියෙන් අපේක්ෂා කරයි.) තලේබාන් ක්‍රමයට බුද්ධ ශාසනය ආරක්ෂා කළ නොහැකි අතර, රෝම ලංදේසි නිතියෙන් ද බුද්ධාගම ආරක්ෂා කළ නොහැක. අන් ආගමික විනිසුරුවරු බුද්ධාගම හෝ බුද්ධ ශාසනය සම්බන්ධ තීරණ ගැනීමේ නෛතික සහ සදාචාර සම්පන්න සාක්ෂරතාවය තිබේද? කාති අධිකරණ වලට ඉස්ලාම් හැර කතෝලික හෝ බෞද්ධ විනිසුරු පත් වෙයිද? ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ බුද්ධ ශාසනය සම්බන්ධ නීති අධ්‍යාපනය ලබා දෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාවේ සිංහල ඉංහ්‍රීසි වෙනස තේරුම් ගැනීමත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.4 ව්‍යවස්ථාවේ බුද්ධ ශාසන අධිකරණය පිහිටුවීමත් වහා නොකළහොත් බුද්ධාගම අනාරක්ෂිත වනු ඇත. බුද්ධාගමේ දහම සම්බන්ධ කාරණාවලදී කායික දණ්ඩන පනවා නැති අතර, බ්‍රහ්ම දණ්ඩනය පමණක් සීමිත අවස්ථාවක දඩුවමක් ලෙස පනවා ඇත. බුද්ධාගම අවිහිංසාවාදී, මෛත්‍රීය පතුරවන ...