Skip to main content

ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් මුල් අවස්ථා අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත් කර මහාධිකරණයට පැවරීම නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කර ගැනීමට පසුබිම සළසයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් මුල් අවස්ථා අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත් කර මහාධිකරණයට පැවරීම නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කර ගැනීමට පසුබිම සළසයි.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මුල් අවස්ථා අධිකරණ බල කිහිපයක් ලබා දී ඇත. 1972 ව්‍යවස්ථා සම්පාදකයන් විසින් ලබා නොදුන් මූලික අයිතිවාසිකම් මුල් අවස්ථා අධිකරණ බලය 1978 ව්‍යවස්ථා සම්පාදකයන් විසින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දෙන ලදී. මේ මුල් අවස්ථා මූලික අයිතිවාසිකම් අධිකරණ බලය බලවතුන් විසින් ඉංග්‍රීසියෙන් ක්‍රියාත්මක කර ගත්තේය. මේ සඳහා කාර්ය පටිපාටියක් පාර්ලිමේන්තුව විසින් හැදුවේ නැත.ශ්‍රේෂ්ඨාධිකරණය රීති වලින් මෙය විධිමත් කළද ඒවා විස්තරාත්මක නැත. අපාරධ නඩු විධාන සංග්‍රහය, සිවිල් නඩු විධාන සංග්‍රහය වැනි කාර්ය පටිපාටි නීති, සහ සාක්ෂි ආඥා පනත වැනි නීති අදාල වන්නේ පහළ අධිකරණ වල මුල් අවස්ථා අධිකරණ බල කාර්ය පටිපාටිවලටය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මුල් අවස්ථා අධිකරණ බල කිහිපයක්ම ලබා දුන්නත් කාර්ය පටිපාටියක් පාර්ලිමේන්තුව විසින් හදුන්වා නොදීම නිසා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ අභිමතය අනුව එකී කාර්ය පටිපාටිය සහ නඩු නිෂ්ප්‍රභ කිරීම සිදු විය. පහළ අධිකරණ නඩුවක් නිෂ්ප්‍රභා කළ විට හේතු දැක්විය යුතු වුවත්, ශ්‍රේෂ්ඨාධිකරණය නඩුවක් නිෂ්ප්‍රභ කළ විට හේතු දැක්වීමක් අවශ්‍ය නොවීය.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ අභිමතය මැන බලන මිනුම් දණ්ඩක් නොවීය. මේ හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මුල් අවස්ථා අධිකරණ බලය ක්‍රියාත්මක කර ගැනීම ඉංග්‍රීසි දන්නා බලවතුන්ට පමණක් සීමා වීම දිගින් දිගටම සිඳුවන අතර එකී අධිකරණ බලය ක්‍රියාත්මක කර ගැනීම පොදු ජනතාවගෙන් ඈත් වී තිබේ. මෙය වෙනස් විය යුතුය. 1978 ට පෙර මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනා සහ ප්‍රතිශෝධන අධිකරණ බලය හිමිකර දී පහළ අධිකරණ වල නීතිමය සහ සිද්ධිමය වැරදි නිවැරදි කරන අධිකරණයක් බවට පත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමෙන් මෙය පාලනය කළ හැකිය. මූලික අයිතිවාසිකම් වැනි මුල් අවස්ථා නඩු  මහධිකරණයට පැවරිය හැකිය. ඒ සදහා විධිමත් කාර්ය පටිපාටියක් එනම් අපරාධ නඩු විධාන සංග්‍රහය සහ සාක්ෂි ආඥා පනත දානටමත් ඇත. එවිට අභියාචනා, ප්‍රතිශෝධනය සහ යථා තත්ත්වයට පත් කිරීමේ අයිතියද රැකිය හැකිය. නීතීඥ අරුණ ලකසිරි උණවටුන විසින් 2023.05.22 කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහල භාෂාවෙන් නඩු පැවරීමේ වැඩසටහනේදී කළ දේශනයෙන්....(2023.05.22)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...