ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධ ශාසනය ගැන දක්වා ඇති ස්ථාන 06.(ඉංග්‍රීසි ව්‍යවස්ථාවේ ඇත්තේ ස්ථාන 05කය)
1. පූර්විකාවේ 'සවස්ති'
2. පූර්විකාවේ 'ශ්‍රී බුද්ධ වර්ෂ'
3. 9වන ව්‍යවස්ථාවේ මුල් වාක්‍යයේ ''බුද්ධාගම'
4. 9වන ව්‍යවස්ථාවේ දෙවන වාක්‍යයේ ''බුද්ධ ශාසනය'
(ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වැනි ව්‍යවස්ථාවේ වාක්‍ය 2ක් නැත.)
5. 105.4 ව්‍යවස්ථාවේ දැක්වෙන බුද්ධ ශාසනයට අදාල අධිකරණය
6. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවසානයේ පාදස්ථානයේ ඇති රාජා භවතු ධම්මිකෝ - සිද්ධිරස්තු පාඨය.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.
2023 මැයි 22 (ජනරජ දින) ප.ව. 2-5 දක්වා
කොළඹ 07, මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාව
දුරකථන 0342256066, 0712063394
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...
Comments
Post a Comment