ශ්‍රී ලංකාවේ සිංහල අයිතිවාසිකම් අහිමි කරන්නේ දෙමළ අයිතිවාසිකම් අහිමිවන බව කියමිනි. උදාහරණ
1.වාහන වලින් ශ්‍රී අකුර ඉවත් කරන ලද්දේ දෙමළ අයිතිවාසිකම් අහිමිවන බව කියමිනි.
2. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම නතර කළේ දෙමළ අයිතිවාසිකම් අහිමිවන බව කියමිනි.
3. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු තීන්දු නොදෙන්නේ දෙමළ අයිතිවාසිකම් අහිමිවන බව කියමිනි.
4. 13න් දකුණේ පළාත් 9ක පිහිටවූ අධිකරණ සිංහලෙන් වැඩ නොකරන්නේ දෙමළ අයිතිවාසිකම් අහිමිවන බව කියමිනි.
අවසානයේදී සිංහල අයිතිවාසිකම්ද දෙමළ අයිතිවාසිකම්ද ඉංග්‍රීසි අන්තවාදීන් විසින් අහිමි කර ඇති බව නොතේරෙන තැනට පත් වී ඇත.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.
2023 මැයි 22 (ජනරජ දින) ප.ව. 2-5 දක්වා
කොළඹ 07, මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාව
දුරකථන 0342256066, 0712063394
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

Comments
Post a Comment