Skip to main content

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත රටේ ඒකීයභාවයට තර්ජනයක් - නීතීඥ අරුණ ලක්සිරි කියයි. ඒ. ජේ. ඒ. අබේනායක - (2023 ජූලි 27 දිවයින 05 පිටුව)

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත රටේ ඒකීයභාවයට තර්ජනයක් - නීතීඥ අරුණ ලක්සිරි කියයි. ඒ. ජේ. ඒ. අබේනායක - (2023 ජූලි 27 දිවයින 05 පිටුව)
රජය විසින් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත රටේ ඒකීය භාවයට දැඩි තර්ජනයක් එල්ල කරන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි පනත් කෙටුම්පතක් වන්නේ යැයි එම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පෙත්සමක් ගොනුකර තිබූ කමල් බන්දුල වීරප්පෙරුම හා වොෂින්ටන් ගල්හේනගේ නානායක්කාර යන ආයුර්වේද වෛද්‍යවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ඊයේ (26 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පැවසීය. එම ආයුර්වේද වෛද්‍යවරුන් දෙදෙනා හා බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනයේ වෛද්‍ය නිලධාරි පරාක්‍රම අමරතුංග මහතා ඇතුලු පිරිසක් ගොනු කර තිබූ පෙත්සම් විභාගයේ දී කරුණු දක්වමින් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා එලෙස පැවසීය. එම විශේෂ පෙත්සම් එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජගත් ද සිල්වා යන විනිසුරු මඩුල්ල හමුවේදී තෙවන දිනටත් විභාගයට ගැනිණි. යෝජිත පනත් කෙටුම්පත සංශෝධනයේ දී පෙර පනතේ සඳහන් වූ වෛද්‍ය කර්මය සහ කොටස වෛද්‍ය ප්‍රතිකාර ලෙසටත් ආයුර්වේද නීති සංග්‍රහය සහ කොටස වෛද්‍ය ප්‍රතිකාර ලෙසටත් ආයුර්වේද නීති සංග්‍රහය යන කොටස ආයුර්වේද සංග්‍රහය ලෙසටත් සංශෝධනය කිරීමට යෝජනා කර ඇති බව නීතිඥ අරුණ ලක්සිරි මහතා විනිසුරු මඬුල්ලට පැවසීය. පෙරකී සංශෝධන මෙන්ම සම්භාහන මධ්‍යස්ථානවල සේවයේ යොදවන සම්භාහන ශිල්පීන් (තෙරපිවරුන්) ආයුර්වේද වෛද්‍යවරුන්ගේ අධීක්‍ෂණයෙන් බැහැර කිරීමට ඉඩකඩ සැලසීම විවිධ අපචාරවලට මග පාදාදීමක් වන්නා සේම එය ආයුර්වේද වෛද්‍යවරුන්ගේ අභිමානයට හා වෘත්තිය ගරුත්වයට කැළලක් ඇති කරන ක්‍රියාවලියක් වන්නේ යැයිද නීතිඥ ඒකනායක මහතා සමග එම පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අරුණ ලක්සිරි උණවටුණ මහතා විනිසුරු මඩුල්ලට පුරා පැය දෙකකට ආසන්න කාලයක් කරුණු දක්වමින් පහදා දුන්නේය. ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තනුක නන්දසිරි මහතාත්, වෛද්‍ය පරාක්‍රම අමරතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණිෂ්ක විතාරණ මහතාත් එහි දී කරුණු දැක්වූ අතර පෙත්සම්කාර ආයුර්වේද වෛද්‍ය උපාලි චන්ද්‍රසිරි මහතා තමන් වෙනුවෙන්ම අධිකරණය හමුවේ දීර්ඝ ලෙස කරුණු දක්වමින් එකී පනත් කෙටුම්පතට ඇතුළත් සංශෝධන මගින් සිදුවන අහිතකර බලපෑම් විනිසුරු මඬුල්ලට සවිස්තරව පහදා දුන්නේය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරල් ජනාධිපති නීතිඥ සිරිවර්ධන මහත්මියද කරුණු දැක්වූවාය.

Comments

  1. යුක්තිය උදෙසා කැප වූ සියලු දෙනාටම ආචාරය!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...