Skip to main content

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත රටේ ඒකීයභාවයට තර්ජනයක් - නීතීඥ අරුණ ලක්සිරි කියයි. ඒ. ජේ. ඒ. අබේනායක - (2023 ජූලි 27 දිවයින 05 පිටුව)

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත රටේ ඒකීයභාවයට තර්ජනයක් - නීතීඥ අරුණ ලක්සිරි කියයි. ඒ. ජේ. ඒ. අබේනායක - (2023 ජූලි 27 දිවයින 05 පිටුව)
රජය විසින් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත රටේ ඒකීය භාවයට දැඩි තර්ජනයක් එල්ල කරන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි පනත් කෙටුම්පතක් වන්නේ යැයි එම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පෙත්සමක් ගොනුකර තිබූ කමල් බන්දුල වීරප්පෙරුම හා වොෂින්ටන් ගල්හේනගේ නානායක්කාර යන ආයුර්වේද වෛද්‍යවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ඊයේ (26 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පැවසීය. එම ආයුර්වේද වෛද්‍යවරුන් දෙදෙනා හා බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනයේ වෛද්‍ය නිලධාරි පරාක්‍රම අමරතුංග මහතා ඇතුලු පිරිසක් ගොනු කර තිබූ පෙත්සම් විභාගයේ දී කරුණු දක්වමින් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා එලෙස පැවසීය. එම විශේෂ පෙත්සම් එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජගත් ද සිල්වා යන විනිසුරු මඩුල්ල හමුවේදී තෙවන දිනටත් විභාගයට ගැනිණි. යෝජිත පනත් කෙටුම්පත සංශෝධනයේ දී පෙර පනතේ සඳහන් වූ වෛද්‍ය කර්මය සහ කොටස වෛද්‍ය ප්‍රතිකාර ලෙසටත් ආයුර්වේද නීති සංග්‍රහය සහ කොටස වෛද්‍ය ප්‍රතිකාර ලෙසටත් ආයුර්වේද නීති සංග්‍රහය යන කොටස ආයුර්වේද සංග්‍රහය ලෙසටත් සංශෝධනය කිරීමට යෝජනා කර ඇති බව නීතිඥ අරුණ ලක්සිරි මහතා විනිසුරු මඬුල්ලට පැවසීය. පෙරකී සංශෝධන මෙන්ම සම්භාහන මධ්‍යස්ථානවල සේවයේ යොදවන සම්භාහන ශිල්පීන් (තෙරපිවරුන්) ආයුර්වේද වෛද්‍යවරුන්ගේ අධීක්‍ෂණයෙන් බැහැර කිරීමට ඉඩකඩ සැලසීම විවිධ අපචාරවලට මග පාදාදීමක් වන්නා සේම එය ආයුර්වේද වෛද්‍යවරුන්ගේ අභිමානයට හා වෘත්තිය ගරුත්වයට කැළලක් ඇති කරන ක්‍රියාවලියක් වන්නේ යැයිද නීතිඥ ඒකනායක මහතා සමග එම පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අරුණ ලක්සිරි උණවටුණ මහතා විනිසුරු මඩුල්ලට පුරා පැය දෙකකට ආසන්න කාලයක් කරුණු දක්වමින් පහදා දුන්නේය. ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තනුක නන්දසිරි මහතාත්, වෛද්‍ය පරාක්‍රම අමරතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණිෂ්ක විතාරණ මහතාත් එහි දී කරුණු දැක්වූ අතර පෙත්සම්කාර ආයුර්වේද වෛද්‍ය උපාලි චන්ද්‍රසිරි මහතා තමන් වෙනුවෙන්ම අධිකරණය හමුවේ දීර්ඝ ලෙස කරුණු දක්වමින් එකී පනත් කෙටුම්පතට ඇතුළත් සංශෝධන මගින් සිදුවන අහිතකර බලපෑම් විනිසුරු මඬුල්ලට සවිස්තරව පහදා දුන්නේය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරල් ජනාධිපති නීතිඥ සිරිවර්ධන මහත්මියද කරුණු දැක්වූවාය.

Comments

  1. යුක්තිය උදෙසා කැප වූ සියලු දෙනාටම ආචාරය!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද? ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ "ජයිකා" ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ජනාධිපති නීතීඥවරුන් 3ක් සහ තවත් නීතීඥවරුන් 2ක් විසින් ලබා ගෙන ඇති බවට වන සාකච්ඡාවක් පසුගිය සති 2ක පමණ කාලයක සිට ඇරඹී ඇත. එකී ලබා ගත් මුදල් කිහිප දෙනෙකු විසින් නැවත ආපසු ලබා දීමෙන් මෙම ප්‍රශ්නය අවසන් නොවන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා සහ අලගරත්නම් මහතා යන පංච පුද්ගල කමිටුවක්ද මේ වන විට පත්කර ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු නීතීඥවරුන්ගේ, විනිසුරුවරුන්ගේ පමණක් නොව ජනතාවගේද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන නීතියේ පාලනය සුරකින ආයතනයකි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වශයෙන් ජාත්‍යන්තර ආධාර ලැබෙන බවත් ශ...

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි.

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි. නීති ග්‍රන්ථ ගණනාවක් ලියා ඇති, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ නීතිය පිළිබඳ ලිපි ලියන, නිතිය පිළිබඳ අධ්‍යාපන වැඩසටහන්, වැඩමුළු පවත්වන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියක් සහ උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇති නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් සාධාරණ නඩු විභාගයක් පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා වන පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට ක්‍රියා කර ඇත. එකී යෝජිත පනත් කෙටුම්පත අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (A Bill to Protection of the Rights of Persons Presenting Submissions before Courts, Tribunals and Institutions.) යන දීර්ඝ නාමයෙන් හදුන්වා ඇත. එකී පනත් කෙටුම්පතේ වගන්ති 5ක් දැක්වෙන අතර එහි 3 වන වගන්තිය මගින් "අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ට වෙනත් ලිඛිත ...