Skip to main content

ඉතිහාසයේ පළමු වතාවට පුවත් පතක පළ වූ ප්‍රවෘත්තියක් හේතුවෙන් නීතීඥවරයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවකින් ඉවත් වෙයි.

ඉතිහාසයේ පළමු වතාවට පුවත් පතක පළ වූ ප්‍රවෘත්තියක් හේතුවෙන් නීතීඥවරයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවකින් ඉවත් වෙයි.
පුවත්පතක පළවූ වැරදි ප්‍රවෘත්තියක් හේතුවෙන් ආයුර්වේද සංශෝධනයට එරෙහි මුල්ම පෙත්සමේ නීතීඥවරයා එම නඩුවෙන් ඉවත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇති බව අලුත්කඩේ අධිකරණ සංකීර්ණයෙන් ආරංචි වෙයි. සිද්ධිය මෙසේය. ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සුසිල් ප්‍රේම්ජයන්ත ඇමතිවරයා විසින් 2023 ජූලි 05 වැනි දින පාර්ලිමේන්තුවේ පළමුවර කියවා ඇත. එම පනත් කෙටුම්පතට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේය පදනමින් මත්තෙගොඩ ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා ඇත. පළාත් සභා ලැයිස්තුව යටතේ ඇති ආයුර්වේදය අදාල කාරණා සම්බන්ධයෙන් යෝජිත ආයුර්වේද සංශෝධනය පළාත් සභා නොවිමසා ගෙනවිත් ඇති බව ඇතුලු කාරණා එකී පෙත්සම මගින් කියා ඇත. සෙවනගල ප්‍රදේශයේ සහ මුල්ලේරියාව නව නගරයේ ආයුර්වේද වෛද්‍යවරුන් 2කු විසින්ද එවැනිම නඩුවක් පෙරකී නීතීඥවරයා මගින්ම ඉදිරිපත් කර ඇත. 2023 ජූලි 19 වැනි දින එකී 2වන නඩුව සම්බන්ධයෙන් වැරදි කරුණු ඇතුළත් ප්‍රවෘත්තියක් "දිවයින" පුවත්පතේ පළ වී ඇත. එකී වැරදි ප්‍රවෘත්තිය හේතුවෙන් නීතීඥ මහතාට තමන්ගේ නඩුවෙන් ඉවත්වන එහි සේවාදායකයා ඉල්ලා ඇත. එකී ප්‍රවෘත්තිය නිවැරදි කරමින් 2023.07.20 දින "දිවයින" පුවත්පත විසින් නිවැරදි කිරීමක්ද පළකර ඇත. ආයුර්වේද පනත සංශෝධනයට එරෙහිව මුල්ම පෙත්සම ඉදිරිපත් කළ ආයුර්වේද වෛද්‍යවරයාගේ නීතීඥවරයා මෙම තත්ත්වය ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කර, එකී නඩුවෙන් ඉවත්වීමට අවසර ඉල්ලා නීතිපතිවරයාටත්, සේවාදයකයාටත් එහි පිටපත් ලබා දී ඇත. "අලුත්කඩෙන් ඇසෙන පුවත්"

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද? ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ "ජයිකා" ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ජනාධිපති නීතීඥවරුන් 3ක් සහ තවත් නීතීඥවරුන් 2ක් විසින් ලබා ගෙන ඇති බවට වන සාකච්ඡාවක් පසුගිය සති 2ක පමණ කාලයක සිට ඇරඹී ඇත. එකී ලබා ගත් මුදල් කිහිප දෙනෙකු විසින් නැවත ආපසු ලබා දීමෙන් මෙම ප්‍රශ්නය අවසන් නොවන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා සහ අලගරත්නම් මහතා යන පංච පුද්ගල කමිටුවක්ද මේ වන විට පත්කර ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු නීතීඥවරුන්ගේ, විනිසුරුවරුන්ගේ පමණක් නොව ජනතාවගේද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන නීතියේ පාලනය සුරකින ආයතනයකි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වශයෙන් ජාත්‍යන්තර ආධාර ලැබෙන බවත් ශ...

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි.

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි. නීති ග්‍රන්ථ ගණනාවක් ලියා ඇති, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ නීතිය පිළිබඳ ලිපි ලියන, නිතිය පිළිබඳ අධ්‍යාපන වැඩසටහන්, වැඩමුළු පවත්වන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියක් සහ උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇති නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් සාධාරණ නඩු විභාගයක් පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා වන පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට ක්‍රියා කර ඇත. එකී යෝජිත පනත් කෙටුම්පත අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (A Bill to Protection of the Rights of Persons Presenting Submissions before Courts, Tribunals and Institutions.) යන දීර්ඝ නාමයෙන් හදුන්වා ඇත. එකී පනත් කෙටුම්පතේ වගන්ති 5ක් දැක්වෙන අතර එහි 3 වන වගන්තිය මගින් "අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ට වෙනත් ලිඛිත ...