Skip to main content

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වෙයි.

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වෙයි.
ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව යටතේ පෙත්සම් කිහිපයක්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර,  එහි තීරණය 2023 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර පාර්ලිමේන්තුවේ අන්තර්ජාල වෙබ් අඩවියේ එකී තීරණය පළකර ඇති අතර එහි අවසන් ඡේදය ඉංග්‍රීසි භාෂාවෙන් මෙසේ දැක්වෙයි.  In conclusion, we wish to record that our attention was drawn to several textual discrepancies between the Sinhala, Tamil and English texts of the Bill. This causes a lot of concern to the Court in its deliberations. We note that it also affects the legislators who are deprived of a correct understanding of the Bill unless such discrepancies are corrected The State undertook to correct all these discrepancies at the appropriate stage of the legislative process. එය සිංහල භාෂාවට පරිවර්තනයකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය සැළකීමේදී නීතිමය කරුණු විසදීම, තීරණය කිරීම සහ හේතු දැක්වීම සිදුකර නැති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 ව්‍යවස්ථාවේ දැක්වෙන ඉංග්‍රීසි භාෂාවෙන් වන පරිවර්තනයට ප්‍රමුඛස්ථානය පිරිනමමින් දෝෂ සහගත තීරණය ලබා දී ඇති බවත්, තීරණය ලබා දීමේදී  23වන ව්‍යවස්ථාව සළකමින් හේතු දක්වා නැති බවත් දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123, 125 සහ 132 ව්‍යවස්ථා යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව සිංහල භාෂා පාඨය බලපැවැත්වෙන පනත් කෙටුම්පතක ඇති වෙනස්කම්/ විෂමතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල වීම පිළිබද ප්‍රශ්නය තීරණය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව යටතේ පෙත්සමත් ඉදිරිපත් කළ විට එම වෙනස්කම්/ විෂමතාකවරක්ද යන්න හඳුනා නොගෙන සහ හේතු නොදක්වා සහ තීරණය නොකර එම වෙනස්කම්/ විෂමතා මගින් ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය යටපත්වන/අහිමිකරන බව තීරණය කර එම වෙනස්කම්/ විෂමතා නිවැරදි කිරීමට රජයට පැවරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4.ඇ, 9, 10, 11, 12.1, 12.2, 14.1.අ, 14.1.ඇ, 14.1.ඊ, 14.1.ඌ, 23, 123, 154උ.3, ව්‍යවස්ථා යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලය නැතිබවත්, එසේ ක්‍රියා කර ඇති බව පැහැදිලිවන ආයුර්වේද සංශෝධනපනතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ  එම තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 ව්‍යවස්ථාව යටතේ හේතු දක්වන ලද වලංගු ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක්නොවනබවත්, දෝෂ සහිත තීරණයක් වන බවත්, පනත් කෙටුම්පතක පවතින වෙනස්කම්/ විෂමතා සම්බන්ධයෙන් නිශ්චිතව සහ ස්ථිරව තීරණය කර හේතු දක්වමින් ක්‍රියාකරනවා මිස එ්වා කවරක්ද යන්න නොදක්වා සහ ඒ සම්බන්ධයෙන් හේතු නොදක්වමින් එකී වෙනස්කම්/ විෂමතා නොදක්වමින් එවා නිවැරදි කිරීම රජයට පවරමින් තීරණය ප්‍රකාශයට පත් කිරීමට ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 ව්‍යවස්ථාව යට‍තේ ව්‍යවස්ථානුකුල බලය ශ්‍රේෂ්ඨාධිකරණ එකී උගත් විනිශ්චය පීඨයට නොමැති බවත් නීතිය වරදවා ඇති බවත් එකී පෙත්සම මගින් පෙත්සමෙන් අගවිනිසුරුවරයා ඇතුලු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට පෙන්වා දී ඇත. තවද වාචිකව සහ ලිඛිතව දක්වන ලද නීතිමය කරුණු සම්බන්ධවද හේතු දැක්වීමක් එකී තීරණය මගින් සිදුකර නැති බවත් පෙත්සමෙන් පෙන්වා දී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 9වන උපලේඛනයේ පළාත් සභා ලැයිස්තුවේ අයිතම 11.1, 11.5, 12, 36.5 සම්බන්ධ කරුණු යෝජිත ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතේ අන්තර්ගත වීම සම්බන්ධයෙන් වන කාරණය අදාලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154.උ.3 ව්‍යවස්ථාව අනුගමනය නොකිරිම සම්බන්ධයෙන් එකී තීරණයේ හේතු දක්වා නැති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.4 අනුව්‍යවස්ථාවට අනුව 1961 අංක 31 ආයුර්වේද පනත සිංහල භාෂාවෙන් ගැසට් පත්‍රයේ පළ කිරීම කළ යුතුව තිබීම අනුව ඒ පිළිබදව නොදැක්වීම සහ එකී මුල් සිංහල පනතේ පාඨ වලට යෝජිත සංශෝධන මගින් සිදුකරන වෙනස්කම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4ඈ, 9, 10, 11, 12.1, 12.2, 14.1. අ, 14.1. ඇ, 14.1. ඊ, 14.1. උ, 23.4 ව්‍යවස්ථා වලට ඇති බලපෑම සම්බන්ධව එකී තීරණයේ හේතු දක්වා නැති බවත් පෙතසමේ සදහන් වෙයි. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව එකී තීරණයට යොදා ගැනීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 ව්‍යවස්ථාව අනුව සහ නිවැරදි 9වන ව්‍යවස්ථාව දැක්වෙන සිංහල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව යොදා නොගෙන වැරදි ලෙස 9වන ව්‍යවස්ථාව දැක්වෙන ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව යොදා ගෙන තිබීම සහ 1815 උඩරට ගිවිසුම දෙමළ භාෂාවෙන් නොවීම සහ එකී උඩරට ගිවිසුම වලංගු සිංහල භාෂා ගිවිසුමේ 5වන වගන්තිය සම්බන්ධයෙන් එකී තීරණයේ හේතු දක්වා නැති බවද සදහන් වෙයි.  එම  පෙත්සම මගින් පෙන්වා දෙන කාරණා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට හේතු නොදැක්වීම සහ නිශ්චිතව කරුණු විසදා නොදීම සම්බන්ධ කාරණා වන බවත් පෙර විනිශ්චය පීඨය නොමැති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132.3 අනුව්‍යවස්ථාව යටතේ ගරු විනිසුරුතුමන්ලා 05 හෝ ඊට වැඩි සංඛ්‍යාවකගෙන් සමන්විත විනිශ්චය පීඨයක් විසින් විභාග කළ යුතු යැයි නියම කරන ලෙස විධාන කරන ලෙසත් ඉල්ලා ඇත. මෙම පෙත්සම මගින් වගඋත්තරකරුවන්ට දැන්වීම් යැවීමට නියෝග කරන ලෙසත්, ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් මතුකර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය කරුණු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ පවතින හේතු නොදැක්වීම් ඇතුළු දෝෂ නිවැරදි කරන ලෙසත්,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 ව්‍යවස්ථාව අනුව ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් හේතු දක්වන ලබන තීරණයක් යොමු කරනලෙසත්, සිංහල භාෂා පාඨයබලපැවැත්වෙන පනත් කෙටුම්පතක ඇති වෙනස්කම්/ විෂමතා නිශ්චිතව සහ නිවැරදිව දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 ව්‍යවස්ථාව අනුව ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් හේතු දක්වන ලබන තීරණය යොමු කරන ලෙසත්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.   ඉහත පෙත්සමේ පිටපත් කථානායක, පාර්ලිමේන්තු මහා ලේකම්, නීතීපති වෙත සහ ශ්‍රේෂ්ඨාධකරණ තීරණයට සම්බන්ධ සියලු පාර්ශවයන්ට යොමු කර ඇත.   ෆීනික්ස් නීති සාර සංහ්‍රහය - වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394  

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද? ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ "ජයිකා" ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ජනාධිපති නීතීඥවරුන් 3ක් සහ තවත් නීතීඥවරුන් 2ක් විසින් ලබා ගෙන ඇති බවට වන සාකච්ඡාවක් පසුගිය සති 2ක පමණ කාලයක සිට ඇරඹී ඇත. එකී ලබා ගත් මුදල් කිහිප දෙනෙකු විසින් නැවත ආපසු ලබා දීමෙන් මෙම ප්‍රශ්නය අවසන් නොවන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා සහ අලගරත්නම් මහතා යන පංච පුද්ගල කමිටුවක්ද මේ වන විට පත්කර ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු නීතීඥවරුන්ගේ, විනිසුරුවරුන්ගේ පමණක් නොව ජනතාවගේද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන නීතියේ පාලනය සුරකින ආයතනයකි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වශයෙන් ජාත්‍යන්තර ආධාර ලැබෙන බවත් ශ...

අධිකරණ ඇමතිවරයා අධිකරණයකට අපහාස පනත ගෙනාවේ, පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කර මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණයට අපහාස නඩු පැවරවීමේ අරමුණෙන්ද? ඒ බව නොදැනද?

අධිකරණ ඇමතිවරයා අධිකරණයකට අපහාස පනත ගෙනාවේ, පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කර මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණයට අපහාස නඩු පැවරවීමේ අරමුණෙන්ද? ඒ බව නොදැනද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ බලතල සහ වරප්‍රසාද අභිබවා 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කරවීමට හැකි පරිදි විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා නීති සම්මත කරවාගෙන ඇත. 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 3 වන වගන්තිය මෙසේය. 3. පාර්ලිමේන්තුවේදී, භාෂණයේ විවාද කිරීමේ හා කටයුතුවල නිරත වීමේ නිදහස තිබිය යුතු අතර, ඒ භාෂණයේ, විවාද කිරීමේ හෝ කටයුතුවල නිරත වීමේ නිදහස පාර්ලිමේන්තුවෙන් පිටස්තර වූ යම් අධිකරණයකදී හෝ ස්ථානයකදී දෝෂාරෝපණයකට හෝ ප්‍රශ්න කිරීමට භාජනය කළ නොහැකි වන්නේ ය. එසේ වුවත් 2024 පෙබරවාරි 01 දින මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයා සහතිකය තබා නීතියක් කළ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ 15 වන වගන්තිය මගින් වෙනත් සියලු නීති අභිබවා එකී පනත ක්‍රියාත්මක විය යුතු බව දක්වා ඇත. පාර්ලිමේන්තුව තුළ කරන අධිකරණයට අපහාසයන්ට න...